බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අප්පිරියයි සජිත්… 360 වැඩසටහනට සජිත්ගේ නොපැමිණීම පැහැදිලි කරමින් දෙරණ විවෘත ලිපියක් ලියයි!.

by editor
සැප්තැම්බර් 18, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සජිත් ප්‍රේමදාස දෙරණ 360 වැඩසටහනට ආවේ නැත. පූර්ව ප්‍රචාරණ ක්‍රියාවලියකින් ද අනතුරුව එක්වරම සජිත් ප්‍රේමදාස තුන්සිය හැට සජීවී වැඩසටහන මගහැරීම සම්බන්ධව ඊයේ දිනයේ සිට රටේ සංවාදයක් ඇති විය. සජිත් ප්‍රේමදාස ප්‍රකට කළ බව කියන හැසිරීම සමස්ථයක් ලෙස ප්‍රසාදයට ලක් වූයේ නැත.

මේ සමග ඇති වූ විවේචන රැසත් සමග සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මාධ්‍ය හමුවට පැමිණ ප්‍රකාශයක් නිකුත් කළේය. තිස්ස අත්තනායක මෙසේ පැවසුවේය.

තිස්ස අත්තනායක කියන කතාව –

“දෙරණ තුන්සිය හැට වැඩසටහනට සහභාගී වෙන්න සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකවරයා වශයෙනුත්, ජනාධිපති අපේක්ෂකයා හැටියටත් කිසිම අවස්ථාවක එකඟත්වයක් පල කරලා තිබුණෙ නෑ. ඒක පාර්ශවීයව දෙරණ නාලිකාව පූර්ව ප්‍රචාරණයක් කරලා තිබුණා සජිත් ප්‍රේමදාස මහතාගේ පැමිණීම ගැන.”

“මේ පූර්ව ප්‍රචාරණයට අපි විරෝධය දැක්වූවා. මේ පිළිබඳව දෙරණ නාලිකාවට එම පූර්ව ප්‍රචාරණ වැඩසටහන අත්හිටුවන්න කියලා දැනුම් දීමකුත් කරලා තිබුණා. ”

“මේ අතරතුර දෙරණ නාලිකාව දිගින් දිගටම තුන්සිය හැට වැඩසටහනට සජිත් ප්‍රේමදාස සහභාගී වන බවට හැඟීමක් දෙන පූර්ව ප්‍රචාරක වැඩසටහන කරලා අවසන් දිනයේ දී ඔහු සහභාගී නොවන බවට ප්‍රචාරය කරලා අපහසුතාවයට පත් කරන්න උත්සාහ කළා. ”

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

“මේක දැක්කම අපට පෙනුනේ සජිත් ප්‍රේමදාස මහත්තයා අපහසුතාවයට පත් කරන්න ඇති කළ වැසටහනක්. ඇති කළ සැලසුමක්.”

“මේක දැක්කම මට මතක් වුනේ 2019 ජනාධිපතිවරණ සමයේ මේ ආකාරයෙන්ම මේ නාලිකාව ක්‍රියා කරලා තියනවා.”

“කැලණියෙ නාගයා පෙන්නලා මේ රටේ ජනතාව අන්දන්දන්න හදන හැටි අපි දැක්කා. පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසුව ජාතික ආරක්ෂාව පිළිබඳව ක්‍රියා කළ හැකි නායකයෙක් බව පෙන්වමින් ගෝඨාභය රාජපක්ෂ ඉහළින් ඔසවා තබන්නටත් මේ නාලිකාව ගත්ත පියවර අපි දැක්කා.”

” දෙරණ නාලිකාව කියන්නේ ජනාධිපති අපේක්ෂකයෙක් නියෝජනය කරන නාලිකාවක්. ඔවුන්ගේ දේශපාල න්‍යාය පත්‍රය පැහැදිලියි. දෙරණ නාලිකාව නගන චෝදනා අපි ප්‍රතික්ෂේප කරනවා. ” තිස්ස අත්තනායක කීවේය.

දයාසිරි ජයසේකර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාත් සමගි ජන බලවේගය වෙනුවෙන් වීඩියෝ පටයක් ප්‍රචාරය කරමින් පැවසුවේ මේ කතාවමය. ඔහු පැවසුවේත් කිසිම අවස්ථාවක සජිත් ප්‍රේමදාස දෙරණ රූපවාහිනියේ ආරාධනාව ප්‍රතික්ෂේප නොකළ බවත් සජිත් ප්‍රේමදාසගේ මාධ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදුකරන ඒරානන්ද හෙට්ටිආරච්චි හරහා වැඩසහටන සම්බන්ධීකරණය කිරීමට දෙරණ නාලිකාව අපොහොසත් වී ඇති බවත්ය.

දෙරණ මේ පෙන්වන්නේ දෙවැනි නයා බව ද ඔහු කීවේය. රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් මෙවැනි කොන්ත්‍රාත් නොකරන ලෙස ද දයාසිරි ජයසේකර දෙරණ නාලිකාවෙන් කාරුණිකව ඉල්ලා තිබිණි. මේ පාර්ලිමේන්තු මන්ත්‍රී  දයාසිරි ජයසේකර කළ ප්‍රකාශය ය.

දෙරණ කියන කතාව –

මේ වනවිට සිද්ධිය සම්බන්ධව දෙරණ නාලිකාව සිය පූර්ණ පැහැදිලි කිරීම දක්වා තිබේ. එම ලිඛිත පැහැදිලි කිරීම මෙසේය.

ජනපති අපේක්ෂකයන් හත් දෙනෙකුට ‘දෙරණ විශේෂ 360’ වැඩසටහන බැගින් ලබාදෙනු ලැබුවේ අප අනුගමනය කරන සමබිම ප්‍රතිපත්තියට අනුකූලවය.

ඒ අනුව සමගි ජන බලවේග ජනපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාටද අප ඇරයුම් කර තිබුණි.

අප එම විශේෂ 360 වැඩසටහන් හත විකාශය ඇරඹුවේ සැප්තැම්බර් 12 වන බ්‍රහස්පතින්දා සිටය.

සජිත් ප්‍රේමදාස මහතාව දැනුම්වත් කිරීමෙන් පසුව ඔහුගේ උපදෙස් පරිදි ඒ මහතාගේ දිනපොත හසුරුවන ලේකම්වරයකු 360 වැඩසටහන සජීවී පටිගත කිරීමක් ලෙස සිදුකළ හැකි බව තහවුරු කරමින් සැප්තැම්බර් 17 වනදා දිනයේ ඔහුගේ දිනපොතෙහිද සටහන් කරගනු ලැබීය.

ඉන් පසුව අවස්ථා කිහිපයකදීම දෙරණ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා සජිත් ප්‍රේමදාස මහතා සමග දුරකථනය ඔස්සේ මෙම පටිගත කිරීම පිළිබඳ අදහස් හුවමාරු කරගත් අතර සැප්තැම්බර් 11 වනදා සිටම ඊට අදාළව පූර්ව ප්‍රචාරක පට විකාශය කෙරුණි.

එසේම සැප්තැම්බර් 12 වන බ්‍රහස්පතින්දා, සිකුරාදා සහ සති අන්ත අරුණ පුවත්පතේ ද සජිත් ප්‍රේමදාස මහතා දෙරණ විශේෂ 360 වැඩසටහනට සැප්තැම්බර් 17 වනදා සහභාගි වන බවට අදාළ දැන්වීම් අප විසින් පළ කරනු ලැබීය.

සැප්තැම්බර් 15 වන ඉරිදා දෙරණ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා සජිත් ප්‍රේමදාස මහතාගේ නියෝජිතයකු වන ලක්ෂ්මන් ෆොන්සේකා මහතා සමග මෙම වැඩසටහන පටිගත කිරීම සම්බන්ධව සාකච්ඡා කළ ද එම අවස්ථාවේ හෝ එකී වැඩසටහනට සජිත් ප්‍රේමදාස මහතා සහභාගී නොවන බවක් හෝ අදාළ පූර්ව ප්‍රචාරක පට විකාශය වීම නවත්වන්නැයි දැනුම් නොදුන් බව අද දෙරණ වගකීමෙන් අවධාරණය කරයි.

එහෙත් ඊයේ (සැප්තැම්බර් 17) දින උදෑසන සජිත් ප්‍රේමදාස මහතා දෙරණ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා අමතමින් පවසා සිටියේ තමාට 360 වැඩසටහන සඳහා සහභාගී විය නොහැකි බවය.

ඒ අනුව දෙරණ මෙම වැඩසටහනට අදාළ පූර්ව ප්‍රචාරක පට විකාශය අත්හිටුවනු ලැබීය.

අනතුරුව ප්‍රේක්ෂකයන්ට වගකියන මාධ්‍ය ආයතනයක් ලෙස අප ඒ පිළිබඳ ප්‍රේක්ෂකයන්ව දැනුම්වත් කර ඊට වෙන් කර තිබූ ගුවන් කාලය ‘වාදපිටිය’ වැඩසටහනක් සඳහා කඩිනමින් වෙන් කළේය.

එවන් පසුබිමක ඉන් පැය 6 කට පමණ පසුව පස්වරු 3.55ට සමගි ජන බලවේගයේ මාධ්‍ය ලේකම් ඒරානන්ද හෙට්ටිආරච්චි මහතා වට්ස්ඇප් ඔස්සේ අප වෙත ලිපියක් එවමින් චෝදනා කර තිබුණේ සජිත් ප්‍රේමදාස මහතා 360 විශේෂ වැඩසටහනට සහභාගි වීම තහවුරු කර නොතිබූ පසුබිමක ඔහුගේ අනුමැතියකින් තොරව අප පූර්ව ප්‍රචාරක පට විකාශය කරන බවටය.

කෙසේවෙතත් එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් අද දෙරණ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා විසින් වහාම පිළිතුරු ලිපියක් වට්ස්ඇප් ඔස්සේ සමගි ජන බලවේගයේ මාධ්‍ය ලේකම් ඒරානන්ද හෙට්ටිආරච්චි මහතා වෙත යොමු කරනු ලැබීය.

එහෙත් අද දිනයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසා සිටියේ මෙම සිදුවීමට අදාළව දෙරණ ආයතනයට එරෙහිව විමර්ශනයක් සිදුකිරීම සඳහා මැතිවරණ කොමිසමට පැමිණිලි කරන බවය.

තිස්ස අත්තනායක මහතා එලෙස සිදුකරන පැමිණිල්ලක් මත විමර්ශනයක් පැවැත්වෙන්නේ නම් එම විමර්ශනයට මුහුණ දීමට දෙරණ සූදානම් බව අපි යළි යළිත් අවධාරණය කරමු.

එසේම සජිත් ප්‍රේමදාස මහතා සැප්තැම්බර් 17 වනදා දෙරණ විශේෂ 360 වැඩසටහනට සහභාගි වීම ගැන දැනුම්වත්ව සිටි බව තහවුරු කෙරෙන සාක්ෂි දෙරණ සතුව පවතින බවද තිස්ස අත්තනායක මහතාට අපි අවධාරණය කර සිටිමු.

එසේම තිස්ස අත්තනායක මහතා පවසන ආකාරයට කිසිදු ජනපති අපේක්ෂකයකුට අමතර වාසි දීමේ ප්‍රතිපත්තියක් දෙරණ මෙම මැතිවරණ කාල වකවානුව පුරා ක්‍රියාත්මක නොකළ අතර වෙනත් ඇතැම් නාලිකා සමග සංසන්දනය කොට ඒ පිළිබඳ ස්වයං නිගමනයකට එළැඹෙන ලෙසත් අපි ඒ මහතාට සිහිපත් කරන්නෙමු.

අවසන් වශයෙන් දෙරණට සඳහන් කිරීමට ඇත්තේ ජනපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට අප ලබාදුන් අවස්ථාව ලබා නොගෙන පසුව අප වෙත මෙවැනි අතාර්කික ලිපි එවමින්, මෙලෙස අවලාද නගමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් නම් අප තුළ ඇත්තේ අප්‍රසාදය මුසු කනගාටුවක් බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අසරණ ගෝඨා බෙල්ල තිබ්බේ රනිල් කරපු ආර්ථික අපරාදෙට… අනුර රටට කියයි!

Next Post

සල්ලි දෙන්න IMF නියෝජිතයින් සති දෙකකින් එනවා… ගන්නව ද නැද්ද කියලා 21 වැනිදා තීරණය කරන්න… රනිල් ජනතාවට කියයි!

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.