ශ්‍රියානි විජේසිංහ –
අනුරාධපුර ශික්ෂණ රෝහලේ කාර්යය මණ්ඩලය සඳහා නිසි ආරක්ෂාව සහ පහසුකම් සැපයිම පිළිබඳව විමර්ශනය කර වාර්තාවක් සැපයීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ ත්රීපුද්ගල කමිටුවක් පත්කර ඇත.
පසුගිය 10 වන දින අනුරාධපුර ශික්ෂණ රෝහලේ සිදු වූ සිදුවිම සම්බන්ධයෙන් මේ දක්වා සිදුකර ඇති නිරීක්ෂණයන්ට අනුව එම රෝහලේ සැලකිය යුතු පරිපාලන ඌනතා පසුගිය වසර කීපයක් පුරා හදුනා ගැනීමට ලැබී ඇති බවත් , එමෙන් රෝහලේ කාර්යය මණ්ඩලයට ආරක්ෂාව සහ පහසුකම් සැපයිම , රෝහලේ ස්ථාවර සහ ජංගම වත්කම් සම්බන්ධයෙන් නිසි කළමණාකරනයක් දක්නට නොමැති විම ආදී හේතු මත මෙම තත්ත්වය උද්ගතවී ඇති බවට වාර්තා වන බැවින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කර වාර්තාවක් සැපයීම සඳහා කමිටුවක් පත් කළ බව ලේකම්වරයා සඳහන් කරයි.
ඒ අනුව අවශ්‍ය පරීක්ෂණ කටයුතු සිදුකර ඒ සම්බන්ධයෙන් වන සවිස්තර වාර්තාවක් කමිටුවේ නිරික්ෂණ හා නිර්දේශයන් ද ඇතුළත් ව 2025 මාර්තු 24වන දිනට පෙර තමා වෙත ලබා දෙන ලෙස ලේකම්වරයා කමිටුවට දැනුම් දී ඇත.
මෙම කමිටුවේ සභාපති ලෙස වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය එම්.කේ.සම්පත් ඉන්දික කුමාර පත්කර ඇති අතර සෙසු සාමාජිකයින් ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ (පාලන) ඩබ්.යූ.කේ.කෲස් සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ විමර්ෂන නිලධාරි ඕ.බී.ජේ ද සිල්වා පත්කර ඇත.







