සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අනන්ත දුක් විඳ අස්වද්දා අවුරුද්ද කන්න ගෙනා වී ටික නිවෙස්වල රැකගන්න බෑ… ගෙවල් කඩා වී කොල්ල කන වන අලි ගැන මහවැලි ගොවීන් නගන අඳෝනාව ඇහෙන්නේ නැද්ද?

by editor
සැප්තැම්බර් 21, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

  • පහුගිය සතිය ඇතුළත ගෙවල් විස්සක් බිඳලා…. වී අලෙවි මණ්ඩලයේ වැලි කන්ද වී ගබඩාවත් බඳපු වන අලි වී මළු කාලා…

  • මහා පාරිමාණ වගා ව්‍යාපෘති කරන පුද්ගලයින් අලි මංකඩවල් වසා අලි වැට ගැසූ නිසා අලි ගම්වදින බවට ගොවීන්ගෙන් චෝදනා..

මහවැලි බී කලාපයේ දිඹුලාගල සහ වැලිකන්ද කොට්ඨාසවල ගම්මාන රැසක නිවාසවලට මෙන්ම ගෙවතු වගාවන්ට වන අලින්ගෙන් දැඩි ලෙස හානි සිදුවන බව මහවැලි බි කලාපයේ ගොවි ජනපදිකයෝ සඳහන් කරති.

ලංකාසරට අදහස් දක්වමින් මේ ජනපදිකයෝ ප්‍රකාශ කළේ වැලිකන්ද ප්‍රදේශයේ මහා පරිමාණ සමාගම් ඔවුන්ගේ වගාවන් රැකගැනීම සඳහා අලි ගමන් කරන මාර්ගයන් හරස් කර විදුලි වැටවල් ඉදිකිරීම වන අලි ගම් වැදීමට ප්‍රධාන කාරණයක් වී ඇති බවය.

මාදුරුඔය සහ සෝමාවතිය ජාතික වනෝද්‍යානොවලින් ගම් වදින මෙම වන අලි අවට රක්ෂිතවල සැඟව සිට එක්වරම පැමිණ නිවාස බිඳ ආහාරයට තිබෙන වී මිටි ටිකත් විනාශ කර ගෙවතු වගාවන්ට හානි සිදුකරන මට්ටමට පැමිණ ඇතැයි ගම්වැසියෝ ප්‍රකාශ කරති.

ගොවීන් පෙන්වා දෙන්නේ තමන්ගේ ආර්ථිකයට ඇති ප්‍රධානම පදනම අත කණ කර උකස් කර අස්වද්දා අනන්ත දුක් විඳ රැකගෙන අවුරුද්දක් කන්නට නිවසට රැගෙන ආ වී මිටි ටික පමණක් බවය. ඒවා නිවාස තුළ රැක ගන්නට බැරි තරම් මේ ජීවිත්වීමේ පරමාරථය කුමක්දැයි ඔවුහු බලධාරීන්ගෙන් විමසා සිටින්නේ සංවර්ධනයේ අර්ථය මෙය දැයි ප්‍රශ්න කරමිනි.

වියලි කාලගුණක තත්ත්වය නිසා ජාතික වනෝද්‍යානවල ඇතිව තිබෙන ජලය සහ ආහාර හිඟවීම හේතුවෙන් මෙලෙස වන අලි ගම්වැදීම සිදුවන බවද ප්‍රදේශයේ වනජීවී නිලධාරිහු කියති.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ගත වූ සතිය ඇතුළත මහවැලි බි කලාපයේ පමණක් නිවාස විස්සක් පමණ වන අලි විසින් කඩා, ඇති අතර වී අලෙවි මණ්ඩලයට අයත් වැලිකන්ද ප්‍රධාන ගබඩාවද වන අලින් විසින් කඩා ඇති බවත්, මේ පිළිබඳ දැඩි අවධානය යොමු කර හැකිතාක් දුරට ගම්වදින වන අලි පලවා හැරීමට කටයුතු කරන බවත් වනජීවී නිලධාරීහු පවසති.

තවද වී අස්වනු නෙලා අවසන් වීමත් සමඟ මාදුරුඔය හා සෝමාවතී ජාතික වනෝද්‍යානයේ සැරිසරන වන අලින් ආහාර සොයා ගම්බිම්වලට පැමිණීම සාමාන්‍ය තත්ත්වයක් බවට පත්ව ඇති ආකාරය ය.

එලෙස පැමිණෙන වන අලින් පළවා හැරීමට ක්ෂණික මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේ සැලැස්මක් දියත් කර ඇති බව පිඹුරත්තෑව, වැලිකන්ද, වෙහෙරගල,මනම්පිටිය,මාදුරුඔය වනජීවී නිලධාරිහු ප්‍රකාශ කරති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දැවැන්ත මුහුදු ඌරෙකුගේ සිරුරක් මන්නාම වෙරළට ගොඩගසයි!

Next Post

යාපනයේ මණ්ඩතිව් ජාත්‍යාන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයට බිම් සකසද්දී පුපුරණ ද්‍රව්‍ය සහ ටී 56 උණ්ඩ 3000ක් හමුවෙයි… 

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.