අද (30) මධ්‍යම රාත්‍රි සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.
ඒ අනුව
- ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 06කින් අඩුවේ. පැවති මිල රුපියල් 299කි. නව මිල රුපියල් 293කි.
- ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් අඩුවේ. පැවති මිල රුපියල් 361කි. නව මිල රුපියල් 341කි.
- සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 12කින් පහළ ගොස් තිබේ. පැවති මිල 286කි. අ නව මිල රුපියල් 274කි.
- ලංකා සුපර් ඩීසල් 4 ස්ටාර් යුරෝ 4 ලීටරයක මිල රුපියල් 06කින් අඩු කර ඇත. පැවති මිල 331කි. නව මිල රුපියල් 325ක් වේ.
- ලංකා භූමිතෙල් මිල ද රුපියල් 05කින් පහළ දමා ඇත. පැවති මිල රුපියල් 183කි. නව මිල රුපියල් 178කි.
ලංකා IOC සමාගම ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් අනුව අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.
සිපෙටිකෝ මිල සංශෝධනය කළ නිවේදනය පහත දැක්වේ.








