සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අද මගේ ජීවිතයේ ඓතිහාසික දවසක්… ජනපති සහ ඉන්දීය අගමැති එක්ව දඹුල්ලේ ශිතාගාර විවෘත කිරීම ගැන හර්ෂගෙන් අපූරු සටහනක්…

by editor
අප්‍රේල් 6, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

දඹුල්ලේ විවෘත කළ තෙතමනය සහ උෂ්ණත්වය පාලිත ගබඩා සංකීර්ණය යථාර්ථයක් බවට පත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායකට හැකි වීමත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතින් අද එය විවෘත වීමත් තමන්ගේ ජීවිතයේ ඓතිහාසික හැරවුම් ලකුණක් ලෙස තමන් සලකන බව සිය ෆේස් බුක් ගිනුමේ විශේෂ සටහනක් තබමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ආර්ථික විශේෂඥ ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

ඔහු ප්‍රකාශ කරන්නේ යහ පාලන රජය සමයේ තමන් විසින් ආරම්භ කර ප්‍රභාෂ්වර ලෙස නම් කර තිබූ මෙම ව්‍යාපෘතිය මේ ආකාරයෙන් නිමා වී ජාතියට දායාද වීම රටක් ලෙස ලද ජයග්‍රහණයක් බව ද ඔහු පෙන්වා දෙයි. යහ පාලන රජය සමයේ ආරම්භ වූ ප්‍රභාෂ්වර ව්‍යාපෘතිය පිළිබඳව පසුකාලීන රජයන් විශේෂ අවධානයක් යොමු නොකළ බව ද වත්මන් ජනාධිපතිවරයා ඒ පිළිබඳ අවධානය යොමු කිරීම ගැන තමන් සතුටුවන බව ද පවසන හර්ෂ ද සිල්වා මෙම ව්‍යාපෘතියේ සැලසුම් කර ඇති දිගු ඒ ආකාරයෙන්ම පවත්වා ගැනීමට රජයට හැකි වේවායි ප්‍රාර්ථනා කරයි.

ආචාර්ය හර්ෂ ද සිල්වා තැබූ සටහන මෙසේය.

“අද මගේ ජීවිතයේ තවත් ඓතිහාසික දවසක්. එසේ වන්නේ දඹුල්ලේ අපි ඇරඹූ උෂ්ණත්වය සහ තෙතමනය පාලිත කෘෂි ගබඩා සංකීර්ණයේ වැඩ අවසන් කර එය මෝදි අගමැතිවරයා සහ අනුර ජනාධිපතිවරයා විසින් විවෘත කිරීම නිසයි.

මෙය විවෘත කිරීමට ලැබීම රටක් ලෙස ජයග්‍රහණයක්. ඒ පිළිබඳව මා අවංකවම සතුටු වෙනවා.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

අපි විසින් මෙය ඉදිරියට රැගෙන යාම සඳහා අව්‍යශ ව්‍යාපාරික සැලසුම පවා හදලයි තිබු⁣ණේ. යහපාලන ආණ්ඩුව පරාජය වීම නිසා මෙම ව්‍යාපෘතිය අපිට අවසන් කර ගැනීමට නොහැකි වුණා.

පසුව, බලයට පැමිණි අයට මෙහි වැඩ අවසන් කිරීමට සැබෑ වුවමනාවක් තිබුණේ නෑ. අපි ගොඩනැගූ ව්‍යාපාරික සැලසුමෙන් මේ ආණ්ඩුව ප්‍රයෝජනයක් ගනු ඇතැයි මා විශ්වාස කරනවා.

ගොවියන්ගේ එළවළු සහ පළතුරු අස්වැන්න අවශ්‍ය විට ගබඩා කරමින් කළමනාකරණය කිරීම වෙනුවෙන් මෙට්‍රික් ටොන් 5,000 ක ධාරිතාවයෙන් යුතු උෂ්ණත්වය සහ තෙතමනය පාලිත මෙරට පළමු කෘෂි ගබඩා සංකීර්ණය ලෙසයි අපි මෙය ආරම්භ කළේ.

මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට එදා මා සමග මෙරට ඉන්දීය මහ කොමසාරිස්වරයා වූ තරංජිත් සිං සාන්ධු මහතා සහභාගී වුණා.

ඉන්දීය රජයේ මුදල් ප්‍රදානයක්ද සහිතව ඉදිකළ මෙම වැඩසටහන එදා අපි නම්කළේ “ප්‍රභාෂ්වර – ගොවි දිවියේ නව්‍ය හැරවුම” නමිනුයි.

මෙම ශීතාගාර සංකීර්ණය විවිධ උෂ්ණත්ව සහ තෙතමන මට්ටම්වලින් යුත් කොටස් හයකින් සමන්විත අතර අස්වැන්න වැඩි කාලයට ඉතාමත් සහන මිලකට මෙම ශීතාගාරයේ තම අස්වැන්න ගබඩා කිරීමේ අවස්ථාව ප්‍රදේශයේ ගොවීන්ට ලබාදීමටයි අපි සැලසුම් කළේ.

මෙම ශීතාගාර සංකීර්ණය ඉදිකිරීමේ අවස්ථාවට එදා මා සහභාගී වෙමින් ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍යවරයා ලෙස මෙසේ කිව්වා. ඒ බව මාධ්‍ය විසින් වාර්තා කර ති⁣බෙනවා.

මෙරට ගොවීන් අස්වැන්න වැඩි කාලයට අතිරික්ත අස්වැන්න අලියන්ට කන්න විසිකරනවා. මෙම ප්‍රශ්නයට උත්තරයක් දෙන්න මට බොහෝ කාලයක සිට වුවමනාවක් තිබුණා. මේ සඳහා මම උනන්දු වුණේ 2002 වසරේ ඉඳලයි. මම ඒ කාලයේ ගොවියන්ට නිසි වේලාවට වෙළඳපොළ තොරතුරු දෙන්න දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයත් එක්ක එකතුවෙලා ගොවිඥාන කියල වැඩසටහනක් කළා. මට එදා තිබුණු වුවමනාව ඉෂ්ට කරගන්න අද අවස්ථාව ලැබීම පිළිබඳව සතුටු වෙනවා.

මෙම ව්‍යාපෘතියෙන් පසුව මධ්‍යම පළාත ආවරණය කරමින් කැප්පෙටිපොළත්, උතුරු පළාත ආවරණය කරමින් යාපනයේත්, දකුණු පළාත ආවරණය කරමින් ඇඹිලිපිටියේත් මෙවැනිම කෘෂි ගබඩා සංකීර්ණ ඉදිකිරීමටයි අපි “ප්‍රභාෂ්වර“ වැඩසටහන මගින් සැලසුම් කර තිබුණේ.

එය යථාර්තයක් බවට පත්කිරීමට අනුර ජනාධිපතිවරයාට හැකිවේවා.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

තීරු බදු අර්බුදය… ශ්‍රී ලංකා නියෝජිතයින් ඇමරිකානු වෙළෙඳ නියෝජිත කාර්යාලය සමග සාකච්ඡාවක…

Next Post

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රැඳවියෙක් ඝාතනය – අධිකරණ ඇමතිගේ උපදෙස් මත විමර්ශන පුළුල් කෙරේ…

Related Posts

පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!
  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.