අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අග්‍රහාර අරමුදල රුපියල් මිලියන 264ක අලාභයක්

by Lanka Sara Editor
මාර්තු 18, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

(ලලිත් චාමින්ද)

අග්‍රහාර රක්ෂණ භාර අරමුදල 2018 වර්ෂයේ දි රුපියල් මිලියන 264ක අලාභයක් ලබා ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.
2014 වර්ෂයේ දි රුපියල් මිලියන 267ක ලාභයක් ඉපයිමට අරමුදලට හැකියාව ලැබි තිබුනද එම වර්ෂයේ සිට ක්‍රමයෙන් උපයන ලද ලාභය පහල ගොස් 2017 වර්ෂය වනවිට රුපියල් මිලියන 127 අලාභයක් හා 2018 වර්ෂයේ දි රුපියල් මිලියන 264ක් ලෙස අලාභ ලබන තත්වයට පත්ව ඇති බවද විගණන වාර්තාවේ දැක්වේ.

එමෙන්ම අග්‍රහාර රක්ෂණ ක්‍රමය මගින් ලබාදෙන ප්‍රතිලාභ පහසුකරවිම සදහා විවිධ වර්ගයේ චුම්බක කාඩ්පත් වරින්වර හදුන්වා දි තිබුණද 2014 වර්ෂයේ ලද කාඩ්පත් සියල්ල අක්‍රිය තත්වයේ පැවතිම හේතුවෙන් මෙම කාඩ්පත් හා යන්ත්‍ර සදහා ගෙවනු ලැබු රුපියල් 7,683,790 ක සම්පුර්ණ මුදලම අනාර්ථික වියදමක් වි ඇති බව ද විගණන වාර්තාවක සදහන් වේ.

අග්‍රහාර රක්ෂණභාර අරමුදල මගින් 2012 වර්ෂයේ දි චුම්බක කාඩ්පත් 250000ක් සදහා අදාල කොන්ත්‍රාත්කාර සමාගමට ගෙවිම් කළද එම කාඩ්පත්වලින් 28370ක් සැපයිමට අදාල කොන්ත්‍රාත් ආයතනය අපොහොසත් වි තිබු බවද විගණන වාර්තාව මගින් ආනාවරණය කොට ඇත. එම කාඩ්පත් සදහා වැඩිපුර ගෙවන ලද 8.65.285ක මුදල විගණිත දිනය වනවිටත් ආපසු අයකරගැනිමට අරමුදල අපොහොසත් වි තිබුණි. එම ආයතනයද මේ දිනය වන විට අක්‍රිය ව පැවතුණි.එමෙන්ම 2018 වර්ෂයේ ජුනි මස මිලදි ගන්නා ලද සාමාන්‍ය කාඩ්පත්වලින් සියයට 65ක් එනම් කාඩ්පත් 65.504ක් හා හා 2019 පෙබරවරි මස මිලදි ගන්නා ලද රන්කාඩ්පත් ප්‍රමාණයෙන් සියයට 37ක ප්‍රමාණයක් 2019 වර්ෂයේ ඔක්තෝබර් මස 10 වැනිදින වන විටද ආයතනය තුල පැවතුණි බවද විගණන වාර්තාවේ සදහන් වේ.

RelatedPosts

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

එම රන් කාඩ් පත් ප්‍රමාණයෙන් 13750ක් සදහා දත්ත ඇතුලත් කිරිමට හෝ කටයුතු කර නොතිබුණි. මෙම කාඩ්පත් නිසි ආරක්ෂාවක් නොමැතිව නව ගොඩනැගිල්ලේ පිටවිමේ දොරටුව අසල ගොඩගසා ඇති ආකාරය නිරික්ෂණය වු බවද විගණන වාර්තාවේ දැක්වේ. එමෙන්ම ලියාපදිංචිවු සාමාජිකයින් ඉක්මවා අග්‍රහාර කාඩ්පත් 2.16.711ක්නිකුත් කර ඇති බව පැහැදිලි වන අතර ඒ අනුව මෙම කාඩ්පත් නිකුත් කිරිමේ අභ්‍යයන්තර් පාලනය දුර්වල මට්ටමක පවතින බව නිරික්ෂණය වි ඇත.

2012 වර්ෂයේ දි අනාර්ථික ලෙස කාඩ්පත් හා යන්ත්‍ර මිලදි ගැනිමට කටයුතු කිරිම සම්බන්දයෙන් වගකිම් දරණ පර්ශව සම්බන්දයෙන් විදිමත් පරික්ෂණයක් පැවැත්විමට විගණනය මගින් නිර්දේශ කොට ඇත. එමෙන්ම අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමය සියලුම රාජ්‍ය සේවකයින් ආවරණය කරගනිමින් සිදුකරනු ලබන අනිවාර්ය රක්ෂණාවරණයක් වන නමුත් රාජ්‍ය සේවකයින් 129454 දෙනෙකු 2019 ජුනි 30 වැනිදින වනවිටත් අග්‍රහාර රක්ෂණ ක්‍රමයට දායක කරගැනිමට අරමුදල අපොහොසත් වි ඇති බැව් නිරික්ෂණය වි ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ.

මෙම අග්‍රහාර රක්ෂණ දායක මුදලෙන් රාජ්‍ය සේවකයින් විශ්‍රාමික රාජ්‍ය සේවකයින් හා අර්ධ රාජ්‍ය සේවයේ සේවකයින් පමණක් දායකවන බව සදහන්ව තිබුණි. එහෙත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සදහා ආරම්භකර තිබු සෞඛ්‍ය රක්ෂණවාරණයක ආදායම හා වියදම් ද ආංශ්‍රික මුල්‍ය ප්‍රකාශනවල අග්‍රහාර රක්ෂණ ක්‍රමය යටතේ ගිණුම්ගත කොට ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ. මේ හේතුවෙන් අග්‍රහාර රක්ෂණයට ආදාල මෙහෙයුම් තත්වය නිවරදිව මුල්‍ය ප්‍රකාශනවලින් හෙලිදරව් වි නොතිබුණි බවද විගණන වාර්තාවේ දැක්වේ.
අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභයක් වැඩකරණ දින 10ක් ඇතුලත ප්‍රතිලාභින්ට ගෙවිය යුතු වුවද අදාළ අයදුම්පත් ප්‍රතික්ෂේප වු ප්‍රතිලාභින්ට ඒ සම්බන්දයෙන් දැනුම් දිමටද මාස 05ක් ඉක්මවු කාලයක් ගතවි තිබුණි. ඒ හේතුවෙන් මෙම අරමුදලින් අපේක්ෂිත අරමුණු ඉටුවි නොමැති බව නිරික්ෂණය වි ඇත. ප්‍රතිලාභ ගෙවිම සදහා අයදුම් කළ දිනයේ සිට මාස 02 සිට මාස 12 දක්වා දිර්ඝ කාලයක් ගෙන ඇති බව නිරික්ෂණය වි ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.2003 වර්ෂයේ සිට2013 වර්ෂය දක්වා දෝෂ සහිත ලෙස හදුනාගන්නා ලද අයදුම්පත් 30742ක් හා 2013ට පසු කාල කාලපරිච්ජේදයේ දි අයදුම්පත් 87161 සදහා දායක මුදල් ගෙවිමට අරමුදල මගින් කටයුතු කර නොතිබුණි.
කාඩ්පත් භාවිතා කිරිමේ දි අදාල රෝහල්වලින් සියයට සියයට 05 සිට 15 දක්වා වට්ටම් ලැබෙන බවත් එක් එක් වර්ෂවලදි එම ප්‍රතිශතය වෙනස්විය හැකි බව විගණනයට ප්‍රකාශකොට ඇති නමු.ත් එම වට්ටම් හා විශේෂ අනුපාත පිළිබද නිශ්චිත තොරතුරු විගණනයට ඉදිරිපත් කිරිමට අපොහොසත් වි ඇති බවද විගණන වාර්තාවේ දැක්වේ.එමෙන්ම නව අග්‍රහාර රක්ෂණ ක්‍රමය 2016 වර්ෂයේ දි ආරම්භකර තිබුනද එය ආරම්භකිරිමට පෙර විදිමත් විශ්ලේෂණයක් සිදුකිරිමට හා එය අනිවාර්ය රක්ෂණ ක්‍රමයක් ලෙස ක්‍රියාත්මක කිරිමට අරමුදල කටයුතු කර නොතිබුණි.විශ්‍රාමිකයින්ට අග්‍රහාර රක්ෂණ වන්දි ලබා දි තිබුනද 2018 වර්ෂයේ අයවැය කථාවේ 259 වැනි අයවැය යෝජනාව ප්‍රකාරව එම සහනය සෑම විශ්‍රාමිකයෙකු සදහාම ලබාදිමට කටයුතු කර නොතිබුණි.
එමෙන්ම අග්‍රහාර රක්ෂණය අනිවාර්ය රක්ෂණ ක්‍රමයක් වුවද විගණනය විසින් සිදුකරණ ලද නියැදි පරික්ෂාවට අනුව රාජ්‍ය නිලධාරින් සියයට 35ක් පමණ මෙම රක්ෂණ ක්‍රමය පිළිබද දැනුවත් බවක් නොමැති බව විගණන වාර්තාවේ සදහන් ව ඇත. පිළිතුරු ලබා දුන් නිලධාරින්ගෙන් සියයට 47කට පමණ 2019 වර්ෂයේ සැප්තැම්බර් මස 19වන දිනවනවිටත් ඊකාඩ්පත නොලැබි තිබුණි. තවද තෝරාගන්නා ලද නියැදියෙන් සියයට 74ක් පමණ මෙම ඊකාඩ් පතින් ලැබෙන ප්‍රතිලාභ පිළිබද දැනුවත් වි නොතිබුණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෙසෙල්වත්තේ දිනුකගේ දේහය කටුනායකට රැගෙන එයි

Next Post

රට ඉඳන් එන අයට නිරෝධායන පිළිවෙත වෙනස් වුණු හැටි මෙන්න

Related Posts

Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!
  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.