සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අමෙරිකානු අරමුදල් සහිතව යුක්රේනය ජීව විද්‍යාත්මක අවි වැඩසටහනක… සාක්ෂි ඇති බව රුසියාව කියයි!

by editor
මැයි 28, 2026
in පුවත්
bio-vepan
Share on FacebookShare on Twitter

උපේක්ෂා උඩුවරැල්ල –

යුක්රේන සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහාය ඇතිව, එක්සත් ජනපදය විසින් යුක්රේනය තුළ ජීව විද්‍යාත්මක අවි නිපදවීම සඳහා අරමුදල් සැපයූ බවට සාක්ෂි සොයාගෙන ඇති බව රුසියාවේ විමර්ශන කමිටුව ප්‍රකාශ කරයි.

2026 මැයි 27 වන දින පැවැති ජාත්‍යන්තර ආරක්ෂක සංසදයකදී අදහස් දක්වමින් රුසියානු විමර්ශන කමිටුවේ මාධ්‍ය ප්‍රකාශක ස්වෙට්ලානා පෙට්‍රෙන්කෝ (Svetlana Petrenko) කියා සිටියේ, 2022 වසරේදී ආරම්භ කරන ලද අපරාධ විමර්ශනයකට අදාළව කරුණු සොයා බැලීමේදී විමර්ශකයන්ට මෙම තොරතුරු අනාවරණය වී ඇති බවය.

ඇය වැඩිදුරටත් සඳහන් කළේ අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව (Pentagon) විසින් ප්ලේග්, ඇන්ත්‍රැක්ස්, බෲසෙලෝසිස් සහ ටියුලරේමියාව වැනි භයානක රෝග කාරක (Pathogens) ආශ්‍රිත පර්යේෂණ සඳහා මූල්‍ය ප්‍රතිපාදන සපයා ඇති බවය. මෙම රෝග කාරක ජීව විද්‍යාත්මක යුධ නියෝජිතයන් (Biological warfare agents) ලෙස භාවිත කළ හැකි ඒවා ලෙස හඳුනාගෙන ඇත.

2022 වසරේදී රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම ආරම්භ කළ දා සිට මෙවැනි චෝදනා රැසක් වරින් වර එල්ල කර තිබේ. රුසියානු බලධාරීන් පවසන්නේ අමෙරිකාව විසින් යුක්රේනය තුළ ජීව විද්‍යාත්මක පර්යේෂණාගාර දස ගණනක් ක්‍රියාත්මක කළ හෝ ඒවාට අරමුදල් සැපයූ බවය. මෙය ජාත්‍යන්තර ගිවිසුම් උල්ලංඝනය කිරීමක් බව පවසන රුසියාව, යුද්ධය ආරම්භ වීමෙන් පසු අමෙරිකාව විසින් එහි තිබූ වැදගත් ද්‍රව්‍ය රැසක් යුක්රේනයෙන් පිටතට රැගෙන ගොස් ඇති බවට ද චෝදනා කරයි.

පසුබිම සහ ප්‍රති-චෝදනා

කෙසේ වෙතත්, එක්සත් ජනපදය සහ යුක්රේනය මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර ඇත. ඔවුන් පෙන්වා දෙන්නේ ජීව විද්‍යාත්මක තර්ජන අවම කිරීමේ වැඩසටහනක් යටතේ 2005 වසරේ සිට යුක්රේනයේ මහජන සෞඛ්‍ය පර්යේෂණාගාර දියුණු කිරීම සඳහා අමෙරිකාව උදව් කර ඇති බවය. මෙහි මූලික අරමුණ වූයේ පැරණි සෝවියට් සමූහාණ්ඩුව පැවති සමයේ ඉතිරි වූ රෝග කාරකයන් සුරක්ෂිත කිරීම, රෝග ව්‍යාප්තිය වැළැක්වීම සහ භයානක ද්‍රව්‍ය වැරදි පාර්ශවයන් අතට පත්වීම වැළැක්වීම මිස අවි නිෂ්පාදනය කිරීම නොවන බව ඔවුහු පවසති.

RelatedPosts

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

මෙම පර්යේෂණාගාරවල හිමිකාරීත්වය සහ පාලනය පවතින්නේ යුක්රේනය සතුව මිස අමෙරිකාව සතුව නොවන බවත්  මේවා ප්‍රසිද්ධියේ ක්‍රියාත්මක වන, කොවිඩ්-19 වැනි රෝගී තත්ත්වයන් නිරීක්ෂණය කිරීම ඇතුළු සෞඛ්‍ය පර්යේෂණ සඳහා භාවිත කරන ආයතන ද බවත් යුක්රේනය පවසයි.  යුක්රේනය තුළ ජීව විද්‍යාත්මක අවි වැඩසටහනක් ක්‍රියාත්මක වන බවට කිසිදු සාක්ෂියක් නොමැති බව අමෙරිකාව, යුක්රේනය මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය ද අවධාරණය කර ඇත.

2022 වසරේදී, එවකට අමෙරිකානු දේශපාලන කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් වික්ටෝරියා නුලන්ඩ් (Victoria Nuland) තහවුරු කළේ යුක්රේනය තුළ ජීව විද්‍යාත්මක පර්යේෂණ පහසුකම් පවතින නමුත්, ඒවා ආරක්ෂක සහ මහජන සෞඛ්‍ය අරමුණු සඳහා පමණක් භාවිත වන බවය.

බිඩෙන් පරිපාලනය රුසියාවේ මෙම ප්‍රකාශ “අසත්‍ය ප්‍රචාර” (Disinformation) ලෙස හැඳින්වූ අතර, රුසියාව විසින්ම රසායනික හෝ ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා මෙවැනි අසත්‍ය නිදහසට කරුණු නිර්මාණය කරමින් සිටින බවට එකල අනතුරු ඇඟවීය.

ස්වාධීන කරුණු පරීක්ෂකයින්, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ බොහෝ ජාත්‍යන්තර විශේෂඥයින් රුසියාවේ මෙම ජීව විද්‍යාත්මක අවි චෝදනා සඳහා සාක්ෂි නොමැති බවය.

රුසියාවේ විමර්ශන කමිටුව විසින් නිකුත් කරන ලද මෙම නවතම ප්‍රකාශය හරහා, කිසිදු නව මහජන සාක්ෂියක් ඉදිරිපත් කිරීමකින් තොරව ඔවුන් කලක පටන් සිදු කරන චෝදනා නැවත වරක් පුනරුච්චාරණය කර ඇති බව බටහිර මාධ්‍ය  වාර්තා කර තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇමෙරිකාවෙන් ඉරානයට එල්ල කළ  ගුවන් ප්‍රහාරය නිසා  ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළට… කොටස් වෙළඳපොළවල් කඩා වැටේ

Next Post

ටාර්ගට් ගන්න බොරු කුඩු නඩු පැවරූ ගම්පහ පොලිසියේ තිදෙනෙකුට ගම්පහ මහේස්ත්‍රාත්  ලබා දුන් අමතක නොවන නඩු තීන්දුව….

Related Posts

පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.