සිකුරාදා, ජූලි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 NPP ඇමතිවරයෙකුට එරෙහි පළමු දූෂණ නඩුව – බලශක්ති ඇමති  කුමාර ජයකොඩිට එරෙහි දූෂණ නඩුව විභාගයට මහාධිකරණ විනිසුරු රෂාන්ත ගොඩවෙල නම් කෙරේ!

by editor
මාර්තු 8, 2026
in පුවත්
"Energy Minister Punya Sri Kumara Jayakody Corruption Case
Share on FacebookShare on Twitter

බලශක්ති අමාත්‍ය පුණ්‍ය ශ්‍රී කුමාර ජයකොඩිට එරෙහිව පවරා ඇති දූෂණ නඩුව විභාග කිරීම සඳහා කොළඹ මහාධිකරණ විනිසුරු රෂාන්ත ගොඩවෙල   නම් කර ඇතැයි සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.

වත්මන් ජේ.වී.පී – එන්.පී.පී (JVP-NPP) රජයේ අමාත්‍යවරයෙකුට එරෙහිව ගොනු කෙරුණු පළමු දූෂණ නඩුව මෙය වන අතර, එය ලබන සතියේදී විභාගයට ගැනීමට නියමිතය.

පෞද්ගලික සමාගමකට අයුතු මූල්‍ය ලාභ ලබා දීම මගින් රජයට රුපියල් මිලියන 8.8 කට අධික පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් මෙම සතියේදී අමාත්‍යවරයාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරන ලදී.

නඩුවට පසුබිම් වූ හේතුව

මෙම නඩුවට පාදක වී ඇත්තේ 2014 වසරේදී ඔහු ලංකා පොහොර සමාගමේ (Lanka Fertiliser Company Limited) ප්‍රසම්පාදන කළමනාකරු ලෙස කටයුතු කළ සමයේ සිදුවූ බව කියන සිදුවීමකි. හුනුපිටිය ප්‍රදේශයේ පිහිටි එම සමාගම් පරිශ්‍රයේ ඉන්ටර්ලොක් ගල් ඇල්ලීමේ කොන්ත්‍රාත්තුවක් සම්බන්ධයෙන් පෞද්ගලික සමාගමකට අයුතු ලෙස මූල්‍ය ප්‍රතිලාභ ලබාදීමට කටයුතු කළ බවට ඔහුට චෝදනා එල්ල වී ඇත.

ලංකා පොහොර සමාගමේ සේවිකාවක වන දර්ශනී පෙරේරා  ය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අල්ලස් කොමිසම මෙම විමර්ශනය පවත්වා තිබේ.

RelatedPosts

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

චෝදනා පත්‍රය

ඉදිරිපත් කර ඇති අධිචෝදනා පත්‍රයට අනුව, ‘D.S. කන්ස්ට්‍රක්ෂන් ඇන්ඩ් අර්ත් මූවර්ස්’ (D.S. Construction and Earth Movers Ltd) යන පෞද්ගලික සමාගමට නීති විරෝධී ලෙස අයුතු මූල්‍ය ලාභ ලබා දීම තුළින් අමාත්‍යවරයා දූෂණ වරදක් සිදු කර ඇති බව සඳහන් වේ.

මෙම නඩුව සඳහා  සාක්ෂිකරුවන්  21 දෙනෙකු නම් කර ඇති බවත් එමෙන්ම නඩු භාණ්ඩ 29 ක් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් සන්ඩේ ටයිම්ස් වාර්තාවේ සඳහන් වේ.

කුමාර ජයකොඩි ගේ ප්‍රකාශය

අද  පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් බලශක්ති අමාත්‍ය පුණ්‍ය ශ්‍රී කුමාර ජයකොඩි   සඳහන් කළේ තමන්ට එරෙහිව ගොනු කර ඇති මෙම නඩුව වසර 12ක් පැරණි සිදුවීමක් පදනම් කරගත් දේශපාලන කුමන්ත්‍රණයක් බවය.

2014 වසරේ ලංකා පොහොර සමාගමේ සිදුවූ බව කියන මෙම ගනුදෙනුව එවකට පැවති විධිමත් ටෙන්ඩර් පටිපාටියට අනුකූලව සිදු කළ එකක් මිස පුද්ගලික තීරණයක් නොවන බවත්, තමන් අමාත්‍ය ධුරයට පත්වූ පසුව හදිසියේ මෙම නඩුව කරළියට ගෙන ඒම පිටුපස දේශපාලන බලපෑමක් ඇති බවත් ඔහු මෙහිදී අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ අධිකරණ ක්‍රියාවලියට ගරු කරමින් තමන් මහාධිකරණය හමුවේ පෙනී සිට  එහිදී තම නිර්දෝෂීභාවය සහතික කර පෙන්වන බවය.

අධිකරණ තීන්දුව ලැබෙන තෙක් තමන් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් නොවන බවත්, ජේ.වී.පී – එන්.පී.පී රජයේ දූෂණ විරෝධී වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට මාන බලන පිරිස් මෙවැනි ක්‍රියා හරහා උත්සාහ කරමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

විපක්ෂ විශ්වාස භංගය

විපක්ෂය විසින් ලබන එළඹෙන සතියේ ඇමතිවරයාට එරෙහි විශ්වාස භංගයක් ද රැගෙන එන්නේ මෙම පසුබිමේ දීය.

මේ අතර, දූෂණ චෝදනා එල්ල වී ඇති අමාත්‍යවරයා වහාම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව අවධාරණය කරමින් විපක්ෂය විසින් ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට කටයුතු සූදානම් කරමින් සිටී. විපක්ෂ නායක කාර්යාලය සඳහන් කරන්නේ රජයේ “පිරිසිදු පාලනයක්” පිළිබඳ පොරොන්දුව මෙම සිදුවීමත් සමඟ බිඳ වැටී ඇති බැවින්, අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒම සඳහා වන අත්සන් ලබා ගැනීම ඉදිරි දින කිහිපය තුළ ආරම්භ කරන බවයි. මෙම තත්ත්වය හමුවේ ඉදිරි සතියේදී පාර්ලිමේන්තුව තුළ ද දැඩි උණුසුම්කාරී වාතාවරණයක් නිර්මාණය වනු ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති

Tags: නවතම
Share69Tweet43
Previous Post

සුවය ලැබූ ඉරාන නාවිකයින් 22ක් රෝහලෙන් පිටව යති…

Next Post

RIS Dena විනාශය වළක්වා ගත හැකිව තිබූ ඛේදවාචකයක්ද? මියගිය නාවිකයෙකුගේ අවසන් ඇමතුමෙන් හෙළි වූ රහස!

Related Posts

පුවත්

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026
පුවත්

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ජූලි 23, 2026
පුවත්

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජූලි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ජූලි 23, 2026

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජූලි 23, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!
  • ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.