බ්‍රහස්පතින්දා, ජූලි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පශ්චාත් සීමාවාසී වෛද්‍යවරුන් 02ක් නවක වෛද්‍ය පත්වීම් 436ට එරෙහිව ගොනු කළ රිට් පෙත්සම් විභාගය කල් යයි!

by editor
අප්‍රේල් 10, 2026
in පුවත්
doc
Share on FacebookShare on Twitter

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් අප්‍රේල් 8 වැනිදා නිකුත් කළ පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් 436කට එරෙහිව ඉදිරිපත් වූ රිට් පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙන්නේද නැද්ද යන තීරණය මැයි මස 8 වැනිදා ප්‍රකාශයට පත් කරන ලෙස අභියාචනාධිකරණය අද (10) නියෝග කළේය.

සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් දෙදෙනෙකු විසින් ගොනු කරන ලද මෙම පෙත්සම් අද සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය ලබා දුන් අතර, පෙත්සම්කරුවන් විසින් ඉල්ලා තිබූ අතුරු තහනම් නියෝගය සලකා බැලීමක් සිදු නොකිරීම ද විශේෂත්වයක් වූයේය.

නඩුවේ පසුබිම

මෙම නඩුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේය අතිශයින්ම විවාදිත දේශපාලනයේ එක් ප්‍රවේශයක් ලෙස සෞඛ්‍ය වෘත්තිකයින් විසින් හඳුන්වා දී තිබිණි. එම අවස්ථාව මතු වන්නේ මෙසේය.

පසුගිය 08 වැනිදා  සෞඛ්‍ය අමාත්‍යාංශය පශ්චාත් සීමාවාසී වෛද්‍යවරුන් සඳහා පත්වීම් ලබා දෙන  නිල නිවේදනය නිකුත් කළේය.  මෙවර සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් 453 දෙනාගෙන් 96%කට අධික සංඛ්‍යාවක් (435 දෙනෙකු) පශ්චාත් සීමාවාසික පත්වීම් සඳහා අයදුම් කර තිබුණි. අයදුම් නොකර සිටියේ 18 දෙනෙක් පමණි.

අප්‍රේල් 8 වැනිදා නිකුත් කළ ලේඛනය අනුව  ඉල්ලුම් කළ පශ්චාත් සීමාවාසී වෛද්‍යවරු 436 ට රජය නව පත්වීම් හා සේවා ස්ථාන ලබා දුන්නේය. මෙම වෛද්‍යවරුන්ට අප්‍රේල් 9 සිට 11 දක්වා තමන්ට අනුයුක්ත කර ඇති රජයේ රෝහල්වලට වාර්තා කිරීමට නියෝග කර තිබිණි. ඒ අනුව තරුණ පශ්චාත් සීමාවාසී වෛද්‍යවරුන් සහ වෛද්‍යවරියන් අප්‍රේල් 08 සහ 09 දින තුළ හැකි උපරිම කාල කලමනාකරණයකින් තමන්ට නියමිත සේවා ස්ථාන කරා වාර්තා කරමින් සිටියහ.

RelatedPosts

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

අද (10)  පශ්තාචාත් සීමාවාසී වෛද්‍යවරුන් දෙදෙනෙක් විසින් මෙම පත්වීම් අත්හිටුවන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කරන්නේ මේ වැඩ භාරගැනීම් ක්‍රියාවලිය සිදුවන අතරය.

මෙම  නඩුව ගොනු වන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ සෞඛ්‍ය අමාත්‍යවරයා අතර ඇතිවන ගැටුමේ දිගුවක් ලෙසය.  අමාත්‍යාංශය ප්‍රකාශ කළේ මෙම, පත්වීම් ක්‍රියාවලිය කුසලතා ලේඛනය (Merit List) සහ අයදුම්කරුවන්ගේ මනාපයන් අනුව විනිවිදභාවයෙන් සහ විද්‍යාත්මක ක්‍රමවේදයකින් සිදු කළ බවය. දිවයින පුරා වෛද්‍ය සේවා අවශ්‍යතා සපුරාලීම ඉලක්ක  කරගෙන මෙම පත්වීම් සිදුකළ බවද  අමාත්‍යාංශය පෙන්වා දුන්නේය.

අමාත්‍යාංශය පැහැදිලි කළේ මේ  ලක්ෂ තිස් හයක මුදලක් වියදම් කරමින් වසර පහක් තුළ ගොඩ නැගූ තරුණ නවක වෛද්‍යවරයෙක් වෙත රජයේ පත්වීම ලබා දෙන අවස්ථාව බවය. පශ්චාත් සීමාවාසික වෛද්‍ය වරයෙක් රජයේ සීමාවාසික පුහුණුව අවසන් කර වෛද්‍යවරයෙක් වීමට අවශ්‍ය කුසලතාවය පූරණය කළ අයෙක්  බවත්, ඔහු  කිසිම වෘත්තීය සමිතියක සාමාජිකයෙක් නොවන ආකාරයත් මේ සංවාදයේ දී  අවධාරණය විය.

එමෙන්ම නවක පත්වීමක් ලබාගෙන  රජයේ සේවයට ඇතුළත් වන  රාජ්‍ය සේවකයෙකුට වෘත්තීය සමිතියක් බලපෑම් නොකළ යුතු බව ද එයට බාධා කිරීම බරපතල වරදක් බව ද,  රජයේ නවක පත්වීමක් ලබා දෙන අවස්ථාවක ඒ රාජ්‍ය කාර්ය භාර්යය තුළ වෘත්තීය සමිතියකට  සම්බන්ධ වී කළ හැකි දෙයක් නොමැති බවද අමාත්‍යාංශය පැත්තෙන් පැහැදිලි කෙරුනේය.

එහෙත්  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) චෝදනා කළේ මෙය තමන් සහ රජය අතර ඇති එකඟතා කඩකරමින් සිදු කළ පත්වීම් මාලාවක් බවයි.

නඩුව ගොනු වීම

ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ  පෙළඹවම  මත   අංක 519, ජනපද මාවත, 28 වන සැතපුම් කණුව, පොළොන්නරුව (199533904260) හි වික්‍රම ආරච්චිගේ සතිල්ක මිතුන් දිසානායක සහ අංක 15, ශ්‍රී සුමංගල මාවත, අහුන්ගල්ල (953132168v) හි අගම්පොඩි බර්නාඩ් රනීත් නිම්සර මෙන්ඩිස් අබයසේකර යන පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් විසින්  පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්කිරීම් ක්‍රියාවලිය අභියෝගයට ලක් කරමින් එම පත්වීම් වලක්වාලන අතුරු තහනම් නියෝගයක් ඉල්ලා අභියාචනාධිකරණය වෙත රිට් පෙත්සම් ගොනු  කර තිබිණි.

එම පෙත්සමට සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස, නියෝජ්‍ය සෞඛ්‍ය ඇමති වෛද්‍ය හංසක විජේමුණි, අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ඇතුළු වග උත්තර කරුවන් 17 දෙනෙක් නම් කර තිබිණි.

සෞඛ්‍ය අංශවල විශේෂ අවධානයට යොමු වූයේ මේ පෙත්සම ගොනු කළ පෙත්සම් කරුවන් දෙදෙනා ගැනය. එක් පෙත්සම් කරුවෙක් පොලොන්නරුවේ ඉපදී හැදී වැඩුන, පොලොන්නරුවේම පදිංචි  සිය සීමාවාසික පත්වීම් ස්ථානය ලෙස පොලොන්නරුවටම පත්වීම් ලද තරුණ වෛද්‍යවරයෙකි.  අනෙක් තරුණ වෛද්‍යවරයා ගාල්ලේ පදිංචි බලපිටිය මූලික රෝහලට පශ්චාත් සීමාවාසී පත්වීම ලද අයෙකි.

මූලික විරෝධතා

අද පෙත්සම් සලකා බැලූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජිතයින් මූලික විරෝධතාවක් මතු කරමින් කියා සිටියේ, මෙම නඩුව විභාග කිරීමට අභියාචනාධිකරණයට අධිකරණ බලයක් නොමැති බැවින් එය ඉවත දමන ලෙසය.

මේ තත්ත්වය තුළ පෙත්සම් කරුවන් විසින් ඉල්ලා සිටි අතුරු තහනම් නියෝගය සලකා නොබැලිනි.

දැනට පත්වීම් ලැබූ වෛද්‍යවරුන් සේවයට වාර්තා කිරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදුවෙමින් ඇත.

පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙනවාද නැද්ද යන තීරණය මැයි 8 වැනිදා ප්‍රකාශ කිරීමට අධිකරණය අද  නියෝග කරන ලදී.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

බලශක්ති ඇමතිට එරෙහි විශ්වාසභංගයෙන් පසු ගල් අඟුරු ගනුදෙනු සොයන්න ජනපති කොමිසමක්!

Next Post

ලිංගික අපරාධකාර ජෙෆ්රි එප්ස්ටයින් ගැන මෙලනියා ට්‍රම්ප් කළ ප්‍රසිද්ධ ප්‍රකාශය සමාජ මාධ්‍ය අන්ද බූත කළ හැටි…  

Related Posts

පුවත්

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026
පුවත්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026
පුවත්

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!
  • ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…
  • අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.