සෙනසුරාදා, ජූනි 6, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශානිලා ප්‍රංශයට ගිහින් ගත්තු අසාද් මවුනාගේ සාක්ෂිය සුරේෂ් සලෙයි බෙල්ල මුලටම කොටු කරයි ද?

පාස්කු ඉරිදින ප්‍රහාරයෙන් පසු මහින්ද, බැසිල් සහ නාමල් පිල්ලෙයාන් බලන්න මඩකලපු බන්ධනාගාරයට ගිහින්...

by editor
මැයි 20, 2026
in පුවත්
Azad-Maulana
Share on FacebookShare on Twitter

මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ  පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව මඩකලපුව බන්ධනාගාරයේ රඳවා සිටි සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් හමුවීමට ගොස් ඇති බව නීතිපතිවරයා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද ( 20)  දැනුම් දුන්නේය.

පුද්ගලයන් 278 දෙනෙකුට ජීවිත අහිමි කළ එම ප්‍රහාරයෙන් පසුව සිදුකළ මෙම හමුවේදී, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වී සතියක් ඇතුළත පිල්ලෙයාන්ට ඇප ලබා දීමට කටයුතු සූදානම් කරන බව ඔවුන් ඔහුට පවසා ඇති බව ද නීතිපතිවරයා සඳහන් කළේය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවල ප්‍රගතිය පිළිබඳ කරුණු අධිකරණයට ඉදිරිපත් කළ අතර, මෙම අපරාධයට අදාළ තොරතුරු රැසක් එහිදී අනාවරණය කළේය.

2019 අප්‍රේල් 21 වනදා එල්ල වූ සම්බන්ධීකරණ ප්‍රහාර මාලාවට අදාළව රැඳවුම් නියෝග මත පසුවන රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානී සුරේෂ්  සලෙයි  අද නැවත වරක් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබීය.

මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින අනෙක් සැකකරුවන් දෙදෙනා සූම් (Zoom) තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

RelatedPosts

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් විමර්ශනවල ප්‍රගතිය ඇතුළත් පිටු 14 කින් යුත් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළේය.

එහිදි  අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට කියා සිටියේ  මෙම පාස්කු ඉරිදා ප්‍රහාරය පිටුපස සිටි මහමොළකරු සහ කොන්ත්‍රාත්කරු ලෙස කටයුතු කර ඇත්තේ තුන්වන සැකකරු වන සුරේෂ්  සලෙයි  බවට පැමිණිල්ල විසින් සාක්ෂි අනාවරණය කරගෙන ඇති බවය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ෂානි අබේසේකර ඇතුළු නිලධාරීන් තිදෙනෙකු ප්‍රංශය බලා පිටත්ව ගොස්, හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ අසාද් මවුලානාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.

අද දින අධිකරණයට ඉදිරිපත් කරන ලද වාර්තාවට එම ප්‍රකාශ මඟින් අනාවරණය වූ කරුණු ද ඇතුළත් කර තිබුණි.

සලෙයිව හෙළි කරන  අසාද් මවුලානාගේ සාක්ෂිය

අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මෙසේ පැවසුවේය.

“2019 අප්‍රේල් 21 වැනිදා සිදුවූ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන්, චැනල් 4 (Channel 4) නාලිකාවට ද ප්‍රකාශ ලබා දී තිබූ අසාද් මවුලානා නමැති පුද්ගලයාගෙන්    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් පසුගිය සතියේ ප්‍රංශයේ පිහිටි ශ්‍රී ලංකා තානාපතිවරයාගේ නිල නිවසේදී ප්‍රකාශයක් සටහන් කරගත්තා. ඒ අනුව, මෙම ප්‍රහාරයේ මහමොළකරු සහ කොන්ත්‍රාත්කරු ලෙස කටයුතු කර ඇත්තේ තුන්වන සැකකරු බව පැමිණිල්ල විසින් අනාවරණය කරගෙන තිබෙනවා,” යැයි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් පැවසීය.

යම් මෙහෙයුමක් සඳහා සහරාන් හෂීම් සහ ඔහුගේ කණ්ඩායමේ සහය ලබා ගැනීමට 2017 වසරේ සිටම තුන්වන සැකකරු වන සුරේෂ්  සලෙයි සැලසුම් කර තිබූ බව අසාද් මවුලානාගේ සාක්ෂියෙන් හෙළි වී ඇති බව දිලීප පීරිස් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

“ස්වාමීනි, 2017 වසරේදී අලියාර් ප්‍රදේශයේ මුස්ලිම් කණ්ඩායම් දෙකක් අතර ගැටුමක් ඇති වුණා. එම සිදුවීමේදී සහරාන්ගේ  කණ්ඩායමේ කෙනෙක්වන   සෙයිනි මවුලවි රිමාන්ඩ් භාරයට පත්වුණා. ඒ අවස්ථාවේදී පිල්ලෙයාන්ට    මේ සෙයිනි මවුලවි කියන පුද්ගලයා  පවසා තිබුණේ ඕනෑම මොහොතක මියයෑමට සූදානම් පුද්ගලයන් අට දෙනෙකු ඔවුන් ලඟ සිටින බවය. තුන්වන සැකකරුට මේ පිළිබඳව ආරංචි වී තිබුණා. ඔවුන්ගෙන් අපිට ගන්න පුලුවන් වෙයි කියලා  2017 වසරේ සිටම මෙම කණ්ඩායම උපයෝගී කර ගැනීමට සැලසුම් සකස් කර තිබෙනවා. පසුව පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල කළ සහරාන් හෂීම් ඇතුළු පුද්ගලයන් හය දෙනෙකු මේ පිරිස අතර සිටියා,” යැයි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කළේය.

මහින්ද,  බැසිල් සහ නාමල් පිල්ලෙයාන් හමුවීම

පාස්කු ප්‍රහාරයෙන් පසුව මඩකලපුව බන්ධනාගාරයේ සිටි පිල්ලෙයාන් හමුවීමට මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ ගිය ගමන පිළිබඳ විස්තර ද අධිකරණය හමුවේ අනාවරණය විය. ඒ සම්බන්ධව අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මෙසේ පැවසුවේය.

“ස්වාමීනි, පාස්කු ප්‍රහාරයෙන් පස්සේ මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ යන අය පිල්ලෙයාන් හමුවීමට ගියා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වී සතියක් ඇතුළත ඔහුව එළියට ගන්නා  බව ඔවුන් ඔහුට පවසා තිබෙනවා. එමෙන්ම තුන්වන සැකකරුව නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා බුද්ධි අංශ ප්‍රධානියා ලෙස පත් කරන බවත් ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා. “

“ඊට අමතරව, 2017 අලියාර් සිදුවීමට අදාළව, සහරාන්ගේ සගයෙකු වූ සෙයිනි මවුලවිට ඇප ලබා ගැනීම සඳහා නීතිඥ ගාස්තු වශයෙන් යුද හමුදා බුද්ධි අංශ අරමුදලෙන් රුපියල් 250,000 ක මුදලක් ලබා දීමට තුන්වන සැකකරු මැදිහත් වී තිබෙනවා. මීට අමතරව පිල්ලෙයාන් ඔහුගේ පවුලේ වියදම් සඳහා රුපියල් 50,000 ක මුදලක් සූදානම් කර දී තිබෙනවා. “

“රජයේ නිලධාරියෙකු වන තුන්වන සැකකරු, දේශපාලන අරමුණක් වෙනුවෙන් 2019 වසරේ තීරණාත්මක මොහොතක් එළඹෙන තෙක් මෙම පුද්ගලයන්ව නඩත්තු කරමින් ආරක්ෂා කර තිබෙනවා. “

“දේශ පාලන අරමුණක් වෙනුවෙන් ස්වාමීනී මේ කරලා තියෙන්නේ.  ස්වාමීනී. මේ පිරිස මුලින්ම සැලසුම් කර තිබුණේ උතුරේ හමුදා කණ්ඩායමක් ඉලක්ක කර ගැනීමට හෝ දකුණේ ප්‍රහාරයක් එල්ල කිරීමටයි. පසුව, කතෝලික බැතිමතුන්ට අතිශය සංවේදී දිනයක් වන පාස්කු ඉරිදා දින මෙම ප්‍රහාරය එල්ල කිරීමට තීරණය කර තිබෙනවා. ඔහු රාජ්‍ය නිලධාරියෙක්. තුන්වන සැකකරු මේ දේවල් සිදුකළේ කාගේ කොන්ත්‍රාත්තුවක් මතද යන්න පිළිබඳව විමර්ශකයන් මේ වන විට පරීක්ෂණ පවත්වනවා,” යැයි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් පැවසීය.

සලෙයිගෙන් පිල්ලෙයාන්ට සාදයක්

පිල්ලෙයාන්ගේ කණ්ඩායම මෙන්ම සහරාන් හෂීම්ගේ කණ්ඩායම ද නඩත්තු කිරීම සඳහා හමුදා බුද්ධි අංශ සම්බන්ධ වී ඇති බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මෙහිදී අවධාරණය කළේය. ඔහු අනතුරුව මෙසේ ද පැවසුවේය.

“ස්වාමීනි, තුන්වන සැකකරු ප්‍රකාශ කරන්නේ 2006 වසරෙන් පසු තමන්ට පිල්ලෙයාන් සමඟ කිසිදු සබඳතාවක් නොතිබූ බවයි. කෙසේ වෙතත්, මෙම ප්‍රහාරවලින් පසුව ඔහු අහුන්ගල්ල ප්‍රදේශයේ හෝටලයකදී පිල්ලෙයාන්, ඔහුගේ පවුලේ අය සහ අසාද් මවුලානා වෙනුවෙන් සාදයක් පවත්වා තිබෙනවා. මෙය හෝටල් ලේඛනවල ද සටහන් වී තිබෙනවා. හමුදා බුද්ධි අංශ විසින් පිල්ලෙයාන්ගේ කණ්ඩායම සහ සහරාන්ගේ කණ්ඩායම යන දෙකම නඩත්තු කර ඇත්තේ රාජ්‍ය අරමුදල් භාවිතයෙන්. මේවා මහජන මුදල්. “

“මීට අමතරව, පිල්ලෙයාන්ගේ කණ්ඩායම එම සමයේ සිටි හමුදා බුද්ධි අංශ සමඟ එක්ව මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග, මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්, මාධ්‍යවේදී කීත් නොයාර්, නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උපකුලපති රවීන්ද්‍රනාත්, තමිල් සිවරාම් ඇතුළු තවත් බොහෝ පිරිසක් පැහැරගැනීම් සහ ඝාතනය කිරීම්වලට සම්බන්ධ වී සිටියා,” යැයි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් පැවසීය.

සලෙයි විවෘත අධිකරණයට ඉදිරිපත් කරනවාට විරෝධය

දැනට රැඳවුම් නියෝග මත පසුවන තුන්වන සැකකරු වන සුරේෂ්  සලෙයි  විවෘත අධිකරණයට ඉදිරිපත් කිරීමට තමන් විරුද්ධ වන බව ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය.

“ස්වාමීනි, තුන්වන සැකකරු පසුවන්නේ රැඳවුම් නියෝග මතයි. වර්තමානය වන විට පුද්ගලයන් අභිරහස් ලෙස මිය යමින් පවතිනවා. මෙම සැකකරුගේ ජීවිතයට ද තර්ජනයක් පවතිනවා. එම නිසා ඔහුව විවෘත අධිකරණයට ඉදිරිපත් කිරීමට මම විරුද්ධ වෙනවා. මෙම සැකකරුගෙන් ඔබ්බට විමර්ශන ඉදිරියට යාම වැළැක්වීම සඳහා පිටත සංවිධානාත්මක කණ්ඩායමක් උත්සාහ කරමින් සිටිනවා. මම තවදුරටත් ඉල්ලා සිටින්නේ සැකකරුට නීතිඥ උපදෙස් ලබා ගැනීමට අවස්ථාව සලසා දීමේදී එය අධීක්ෂණය යටතේ සිදුකරන ලෙසයි.”

“මීට අමතරව, දණ්ඩ නීති සංග්‍රහයේ 127 වන වගන්තිය යටතේ ඔබතුමා ඉදිරියේ ප්‍රකාශයක් කිරීමට සැකකරු ඉල්ලීමක් කර තිබෙනවා. කෙසේ වෙතත්, විමර්ශන සිදුවන දිශානතිය ඔහු දැන් වටහාගෙන සිටින බැවින්, ඔබතුමාගේ සිතුවිලි කෙරෙහි බලපෑම් කිරීම සඳහා ඔහු එසේ කිරීමට ඉඩ තිබෙනවා,” යැයි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් පැවසීය.

අසාද් මවුලානාගේ සාක්ෂිය පිළිගන්න බෑ… විත්තිය කියයි

සුරේෂ්  සලෙයි  වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු ප්‍රකාශ කළේ දැනට ප්‍රංශයේ පසුවන අසාද් මවුලානා ලබා දී ඇති ප්‍රකාශය පිළිගත හැකි සාක්ෂියක් නොවන බවයි.

“ස්වාමීනි, අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ප්‍රංශයේ සිටින අසාද් මවුලානාගෙන් ලබාගත් ප්‍රකාශයක් දීර්ඝ ලෙස කියෙව්වා. කිසියම් පුද්ගලයෙකුගෙන් ලබාගන්නා ප්‍රකාශයක් පමණක් සාක්ෂියක් බවට පත්වන්නේ නැහැ. එය සාක්ෂියක් බවට පත්වන්නේ නඩු විභාගයකදී ප්‍රශ්න කිරීම් සහ හරස් ප්‍රශ්න කිරීම්වලට ලක් කිරීමෙන් පසුවයි. අසාද් මවුලානාට එරෙහිව ද්විවිවාහ චෝදනා සම්බන්ධයෙන් විවෘත වරෙන්තුවක් පවතින බැවින් ඔහු නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ නැහැ. “

“එමෙන්ම, ඔහු මෙම ප්‍රකාශය ලබා දුන් චැනල් 4 නාලිකාව යනු විශ්වසනීයත්වයෙන් තොර මාධ්‍ය ආයතනයක්. මගේ සේවාදායකයා දණ්ඩ නීති සංග්‍රහයේ 127 වන වගන්තිය යටතේ ඔබතුමා ඉදිරියේ ප්‍රකාශයක් කිරීමට අපේක්ෂා කරනවා. එම ප්‍රකාශය සටහන් කර ගැනීම අද දින සිටම ආරම්භ කරන ලෙස මම ඉල්ලා සිටිනවා. ඔහු දීර්ඝ ප්‍රකාශයක් කිරීමට අදහස් කරන බැවින් එය එක දවසකින් අවසන් කිරීමට නොහැකි වනු ඇති,” යැයි සුරේෂ්  සලෙයි වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු පැවසීය.

ආරක්ෂාව ගැන සහතිකයක් දෙනවා නම් අසාද් මවුලානා ලංකාවට

මේ අතර, විමර්ශනවල ප්‍රගතිය පිළිබඳ වාර්තාව මඟින් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේ තම ආරක්ෂාව පිළිබඳ සහතිකයක් ලබා දෙන්නේ නම් අසාද් මවුලානා නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට කැමැත්තෙන් පසුවන බවය.

දිලීප පීරිස් අධිකරණයට වැඩිදුරටත් දැනුම් දුන්නේ, සුරේෂ්  සලෙයි , හමුදා බුද්ධි අංශ සාමාජිකයන් සහ සහරාන් හෂීම්ගේ කණ්ඩායම අතර පැවැති සියලුම සාකච්ඡාවල වාර්තා පිල්ලෙයාන්ගේ උපදෙස් මත සුරැකිව තබාගත් බවත්, එවැනි වාර්තා ඇතුළත් සටහන් පොත් පහක් තමන් සතුව ඇති බවත් අසාද් මවුලානා සිය ප්‍රකාශයෙන් හෙළි කර ඇති බවය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ප්‍රකාශ කළේ, දැනට රැඳවුම් නියෝග මත පසුවන සැකකාර සුරේෂ් සලීම් මීළඟ නඩු දිනයේදී විවෘත අධිකරණයට ඉදිරිපත් කරන්නේද නැද්ද යන්න පිළිබඳ නියෝගය මීළඟ නඩු දිනයේදී ප්‍රකාශයට පත් කරන බවයි.

මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් සඳහන් කළේ තමන් ඉදිරියේ රහසිගත ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවසර දෙන්නේද නැද්ද යන්න පිළිබඳ තීරණය ද එදිනට ප්‍රකාශ කරන බවයි.

ඒ අනුව නඩුව ජූනි 2 වැනිදා දක්වා කල් තැබිණි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මාත් නීතියට යටින්… ඔබ යටත් වෙන්නේත්  නීතියේ රාමුවට පමණයි… ඉතින්  ඔබට මේ අපරාධකරුවන්  මඩින්න බැරි ඇයි?… ජනපති හමුදාවෙන් සහ පොලිසියෙන් අසයි!

Next Post

පිල්ලෙයාන් බලන්න ගියා තමයි… ලෝකෙ වටේ යන වෙලාවේ බන්ධනාගාරයෙන් ඇහුවනම් තොරතුරු ගන්න තිබුණා… නාමල් කියයි!

Related Posts

Meegoda-accident-Suspects
පුවත්

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026
පුවත්

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026
පුවත්

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Meegoda-accident-Suspects

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!
  • ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…
  • වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.