අඟහරුවාදා, ජූලි 28, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මීගමුව බන්ධනාගාර ගැටුම: මියගිය 27 දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා වෙන් වෙන්ව අධිකරණයට දෙන්නැයි නියෝගයක්!

by editor
ජූලි 7, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන් 7 දෙනාගේ සහ රැඳවියන් 20 දෙනාගේ මෘත දේහ සම්බන්ධයෙන් වෙන් වෙන් වශයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා, එම වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.

මීගමුව මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත මෙම නියෝගය නිකුත් කර ඇත.

එසේම මියගිය පුද්ගලයන්ගේ පවුල්වල භාරකරුවන්ගෙන් වෙන් වෙන් වශයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව, පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා දේහයන් ඥාතීන් වෙත භාර දීමට පියවර ගන්නා ලෙස මීගමුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

මීගමුව බන්ධනාගාරයේ නිලධාරීන් සහ රැඳවියන් අතර ඇති වූ මෙම බරපතළ ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් 7 දෙනෙකු සහ සිරකරුවන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර, තවත් නිලධාරීන් සහ සිරකරුවන් පිරිසක් බරපතළ හා සුළු තුවාල ලබා රෝහල්ගත කර ඇත. ගැටුම හේතුවෙන් බන්ධනාගාර දේපළවලට ද දැඩි හානි සිදු විය.

මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පුළුල් විමර්ශන අරඹා ඇති බව පොලිසිය අධිකරණයට දැනුම් දී ඇති අතර, එම පොලිස් විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ද කඩිනමින් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කර තිබේ. ( බීබීසී )

RelatedPosts

IFF ණය විනිවිදභාවය සහ ආයෝජක සබඳතා ඇගයීම – ශ්‍රී ලංකාව ලොව සිව්වන නැගී එන ආර්ථිකය බවට පත් වෙයි…. 

සලෙයි අධිකරණය හමුවට පැමිණ ඇත්තේ පිරිසිදු දෑතින් නොවේ; සලෙයි විමර්ශකයින් නොමග යැවූ බව අධිකරණයේ දී නීතිපති දෙපාර්තමේන්තුව කියයි!

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 2කින් ඉහළ දැමීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවෙයි!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නාමල් ගේ  ක්‍රිෂ් නඩුව විභාගයට දින නියම වෙයි: ඉන්දීය සාක්ෂිකරුවන්ට සිතාසි!

Next Post

මීගමුව අධිකරණයේ ආරක්ෂාව අර්බුදයක බව බුද්ධි තොරතුරු හෙළි කරයි… නඩුවලට අදාළ අය පමණක් ඇතුළට!

Related Posts

පුවත්

IFF ණය විනිවිදභාවය සහ ආයෝජක සබඳතා ඇගයීම – ශ්‍රී ලංකාව ලොව සිව්වන නැගී එන ආර්ථිකය බවට පත් වෙයි…. 

ජූලි 28, 2026
suresh-saley
පුවත්

සලෙයි අධිකරණය හමුවට පැමිණ ඇත්තේ පිරිසිදු දෑතින් නොවේ; සලෙයි විමර්ශකයින් නොමග යැවූ බව අධිකරණයේ දී නීතිපති දෙපාර්තමේන්තුව කියයි!

ජූලි 27, 2026
පුවත්

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 2කින් ඉහළ දැමීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවෙයි!

ජූලි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

IFF ණය විනිවිදභාවය සහ ආයෝජක සබඳතා ඇගයීම – ශ්‍රී ලංකාව ලොව සිව්වන නැගී එන ආර්ථිකය බවට පත් වෙයි…. 

ජූලි 28, 2026
suresh-saley

සලෙයි අධිකරණය හමුවට පැමිණ ඇත්තේ පිරිසිදු දෑතින් නොවේ; සලෙයි විමර්ශකයින් නොමග යැවූ බව අධිකරණයේ දී නීතිපති දෙපාර්තමේන්තුව කියයි!

ජූලි 27, 2026

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 2කින් ඉහළ දැමීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවෙයි!

ජූලි 27, 2026
ADVERTISEMENT
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • ආරක්ෂක බුද්ධි අංශ අනතුරු අඟවයි: දෙවිනුවර පෙරහරේ කාවඩි සංදර්ශනය පොලිස්පති නියෝගයෙන් තාවකාලිකව අත්හිටුවයි!

    172 shares
    Share 69 Tweet 43
  • බෙල්ලන්විල අවන්හල් හිමිකරු ඝාතනයේ සුලමුල හෙළි වෙයි: වෙඩික්කරු යුද්ධ හමුදාවෙන් පලා ගිය අයෙක් – සැකකරුවන් නවගමුවේදී පොලිස් උගුලකට හසුවෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • සලෙයි අධිකරණය හමුවට පැමිණ ඇත්තේ පිරිසිදු දෑතින් නොවේ; සලෙයි විමර්ශකයින් නොමග යැවූ බව අධිකරණයේ දී නීතිපති දෙපාර්තමේන්තුව කියයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • IFF ණය විනිවිදභාවය සහ ආයෝජක සබඳතා ඇගයීම – ශ්‍රී ලංකාව ලොව සිව්වන නැගී එන ආර්ථිකය බවට පත් වෙයි…. 
  • සලෙයි අධිකරණය හමුවට පැමිණ ඇත්තේ පිරිසිදු දෑතින් නොවේ; සලෙයි විමර්ශකයින් නොමග යැවූ බව අධිකරණයේ දී නීතිපති දෙපාර්තමේන්තුව කියයි!
  • විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 2කින් ඉහළ දැමීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.