දකුණු පළාතේ ඡන්දය තියන්නට බය නම් උතුරු පළාත් සභා මැතිවරණය හෝ පවත්වා පෙන්වන ලෙස ආණ්ඩුවට අභියෝග කරන බවත් කොන්දක් තිබේ නම් මේ අභියෝගය පිළිගන්නා ලෙසත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ පානදුර ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ කීවේ තමන් තවම නිසි ලෙස වැඩේට බැස්සේ නැති බවය. “මේ පටන් ගත්තා විතරයි” ඔහු කීවේය.
නාමල් රැළිය අමතමින් මෙසේ පැවසුවේය.
ආණ්ඩුව ඡන්දයට බයයි
“මැතිවරණයක් පවත්වන දිනය තීරණය කළ යුත්තේ පාර්ලිමේන්තුව සහ මැතිවරණ කොමිෂන් සභාවයි. නමුත් පසුගියදා යාපනයට ගිය ආණ්ඩුවේ මහලේකම්වරයා මේ වසරේ මැතිවරණ පවත්වන්නේ නැති බව ප්‍රකාශ කර තිබෙනවා. දේශපාලන පක්ෂයක ලේකම්වරයකුට එවැනි ප්‍රකාශයක් කරන්න කිසිදු අයිතියක් නැහැ. ආණ්ඩුව දකුණට සහ බස්නාහිරට බය නම්, අවම වශයෙන් උතුරු පළාත් සභා මැතිවරණය හෝ පවත්වා තමන්ට කොන්දක් ඇති බව පෙන්විය යුතුයි. මහින්ද රාජපක්ෂ පාලන සමයෙන් පසු අද වනතුරු උතුරේ ඡන්දයක් පවත්වා නැහැ. හැමෝම උතුරේ ජනතාවගේ අයිතීන් ගැන කතා කළත් ඔවුන්ට ඡන්ද අයිතිය ලබා දෙන්නේ නැහැ.”
අපි තාම වැඩේට හරියට බැස්සේ නැහැ
වත්මන් විපක්ෂයේ ක්‍රියාකාරීත්වය මදි බවට ඇතැම් පාර්ශව සහ ජනතා විමුක්ති පෙරමුණේ පිරිස් සිදුකරන ප්‍රකාශවලට ද ඔහු මෙහිදී පිළිතුරු ලබා දුන්නේය.
“අද සමහරු කියනවා මේ විපක්ෂය මදි කියලා. ජේ.වී.පී. එකේ සහෝදරයන්ට මම කියන්නේ අපි තාම වැඩේට හරියට බැස්සේ නැහැ. මේ අපේ පටන්ගැම්ම විතරයි. මේ රටේ මහ පොළොවේ පය ගහලා, ජනතාවට ඔවුන්ගේම ජනතාවාදී ආණ්ඩුවක් නිර්මාණය කර දෙන තෙක් අපි මේ ජන බලවේගය අඛණ්ඩව ඉදිරියටම මෙහෙයවනවා.”
නීතිය කාටත් සමාන විය යුතුයි
රටේ මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති භික්ෂුවක සම්බන්ධ ළමා දූෂණ සිද්ධිය පිළිබඳව ද නාමල් රාජපක්ෂ මෙහිදී සිය අදහස් පළ කළේය. වත්මන් ආණ්ඩුව මහා සංඝරත්නයට අපහාස කරමින්, රටේ සංස්කෘතික අගයන් සහ විශ්වාසයන් බිඳ දැමීමට උත්සාහ කරන බවට ද ඔහු චෝදනා කළේය. එය ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන න්‍යාය විය හැකි බවත්, ඔවුන්ට කාන්තාවන් හෝ දරුවන් කෙරෙහි සැබෑ කැක්කුමක් නොමැති බවත් හෙතෙම පැවසීය. එහෙත් හැමට නීතිය එක සමානව ක්‍රියාත්මක කළ යුතු බව ද ඔහු පැවසුවේය.
“මේ රටේ නීති දෙකක් තිබෙන්න බැහැ. ආණ්ඩුවට වාසි තැන්වලදී නීතිය වෙනස් කරන්නත්, අවාසි තැන්වලදී නීතිය මාරු කරන්නත් ඉඩ දිය නොහැකියි. වැරැද්දක් කළේ මාලිමාවේ කෙනෙක්ද, ආණ්ඩුවේ ඇමැතිවරයෙක්ද කියන එක අදාළ නැහැ. ඕනෑම තරාතිරමක අයෙක් වැරැද්දක් කර ඇත්නම් නීතිය හමුවේ දඬුවම් විඳිය යුතුයි. ඒ නිසා මෙම පරීක්ෂණ කටයුතුවලට ඇඟිලි නොගසන ලෙස අප ආණ්ඩුවට බලකර සිටිනවා.”
වැරදි හදාගෙන ඉදිරියට යනවා
තම දේශපාලන බලවේගය සැමවිටම ජනතාව සමඟ සිටි, වැඩ කර පෙන්වූ කණ්ඩායමක් බව සිහිපත් කළ නාමල් රාජපක්ෂ, අතීතයේ සිදුවූ යම් අතපසුවීම් පිළිගෙන ඒවා නිවැරදි කර ගනිමින් ඉදිරියට යාමට සූදානම් බව ද අවධාරණය කළේය.
“අපේ අතින් යම් අතපසුවීම් වෙලා තියෙනවා, අපි නෑ කියන්නේ නැහැ. අපි ඒ අතපසුවීම් සහ වැරදි හදාගෙන, මේ රටට ගැලපෙන, මහ පොළොවේ







