මත්ද්‍රව්‍ය සහ අවි ආයුධ ප්‍රවාහනය කරමින් සිටින බවට සැක පිට බහුදින ධීවර යාත්‍රාවක් ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ දී නාවික හමුදා භාරයට ගෙන ඇති බව නාවික හමුදාව කියයි.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් ප්‍රකාශ කරන්නේ සිදුකළ විශේෂ නාවික මෙහෙයුමක දී මත්ද්‍රව්‍ය තොගයක් බවට සැක කරන උර සහ අවි ආයුධ තොගයක් ප්‍රවාහනය කරමින් සිටි එම බහුදින ධීවර යාත්‍රාව නාවික හමුදා භාරයට ගත් බවය.
මේ වනවිට එම ධීවර යාත්‍රාව ඉදිරි විමර්ශන සහ නීතිමය කටයුතු සඳහා ගොඩබිමට රැගෙන එමින් සිටින බව ද ඔහු සඳහන් කළේය.







