අඟහරුවාදා, ජූලි 28, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහනුවර ඇසළ පෙරහර අගෝස්තු 13 දා කප් සිටුවීමෙන් ඇරඹෙයි: මෙවර කාලසටහන මෙන්න!

by editor
ජූලි 8, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

අසේල කුරුළුවංශ

හෙළයේ මහා කලා මංගල්‍යය ලෙස සැලකෙන මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය, සතර මහා දේවාලයන්හි සුබ නැකතට කප් සිටුවීමෙන් ලබන අගෝස්තු මස 13 වනදා ආරම්භ වන බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල ප්‍රකාශ කරයි.

ඒ අනුව නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි යන සතර මහා දේවාලයන්හි අගෝස්තු 13 වැනිදා අලුයම 6.17 ට යෙදෙන සුබ මොහොතින් උතුරු දිශාභිමුඛව කප් සිටුවීමට නියමිතය. කප් සිටුවීමෙන් අනතුරුව එදින සිට අගෝස්තු 17 දක්වා පුරා දින පහක් දේවාල අභ්‍යන්තර පෙරහර පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

මහනුවර ඇසළ මංගල්‍යයේ වීදී සංචාරය ආරම්භ කරමින් ප්‍රථම කුඹල් පෙරහර අගෝස්තු 18 වැනිදා වීදි සංචාරය කිරීමට නියමිත බව දියවඩන නිලමේවරයා සඳහන් කළේය. පස්වන කුඹල් පෙරහර අගෝස්තු 22 වැනිදා වීදි සංචාරය කිරීමෙන් පසු, අතිවිචිත්‍රවත් රන්දෝලි පෙරහර ආරම්භ වේ.

රන්දෝලි පෙරහර වීදි සංචාරය කිරීමට නියමිතව ඇත්තේ අගෝස්තු මස 23 දා සිට 27 දක්වාය. අවසන් රන්දෝලි මහ පෙරහර නිකිණි පුන් පොහෝ දිනය යෙදෙන අගෝස්තු 27 වනදා වීදි සංචාරය නිමා කර ගෙවැදීමෙන් පසු, ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර අස්ගිරිය ගෙඩිගේ ආදාහන මළුව රජමහා විහාරස්ථානය වෙත ගමන් කර පෞරාණික චාරිත්‍රානුකූලව පෙරහර කරඬුව එහි තැන්පත් කෙරේ.

අනතුරුව සිව් මහා දේවාල පෙරහර ගැටඹේ දියකපනා තොට වෙත ගමන් කර, අගෝස්තු 28 වනදා අලුයම් කාලයේදී දිය කැපුම් මංගල්‍යය සිදු කරනු ලබයි. එදින දහවල් දවල් පෙරහර වීදි සංචාරය කිරීමෙන් මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය සාර්ථකව නිමාවට පත්වන බව ප්‍රදීප් නිලංග දෑල සඳහන් කළේය.

RelatedPosts

9%ක පුනරාවර්තන වියදම් අඩු කර 4%ක් වන ප්‍රාග්ධන වියදම් ඉහළ නැංවීමට ඉදිරි වසරේ ආර්ථික සැලසුම් සකස් කරනවා – ගාල්ලේදී ජනපති කියයි!

ඇප පිට සිටි චමින්ද විජේසිරි හිරේ යෑම – මහ පාරේ මැරකම් වැපිරූ දේශපාලන මදාවිකම ගැන කතාවක්!

විනිසුරු වයස් සීමාව දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය කරන්නේ අග විනිසුරු මුල් කරගෙන ද? කැබිනට් මාධ්‍ය හමුවේ දී අධිකරණ ඇමතිගෙන් මාධ්‍ය කෙළින්ම ඇසූ ප්‍රශ්න සහ දුන් පිළිතුරු මෙන්න!

මෙම නිල ප්‍රකාශය සිදු කෙරුණු අවස්ථාවට අස්ගිරි පාර්ශවයේ අනුනායක, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, මල්වතු පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි මහවෙල රතනපාල නාහිමිවරුන් ද, නාථ, විෂ්ණු, කතරගම දේවාල බස්නායක නිලමේවරුන් ද, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි වී සිටියහ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දූෂණ චෝදනා මත අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර ඇප මත මුදාහැරේ!

Next Post

යළිත් වැලිකඩ වැලපෙනු දුටුවෙමි….

Related Posts

පුවත්

9%ක පුනරාවර්තන වියදම් අඩු කර 4%ක් වන ප්‍රාග්ධන වියදම් ඉහළ නැංවීමට ඉදිරි වසරේ ආර්ථික සැලසුම් සකස් කරනවා – ගාල්ලේදී ජනපති කියයි!

ජූලි 28, 2026
පුවත්

ඇප පිට සිටි චමින්ද විජේසිරි හිරේ යෑම – මහ පාරේ මැරකම් වැපිරූ දේශපාලන මදාවිකම ගැන කතාවක්!

ජූලි 28, 2026
පුවත්

විනිසුරු වයස් සීමාව දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය කරන්නේ අග විනිසුරු මුල් කරගෙන ද? කැබිනට් මාධ්‍ය හමුවේ දී අධිකරණ ඇමතිගෙන් මාධ්‍ය කෙළින්ම ඇසූ ප්‍රශ්න සහ දුන් පිළිතුරු මෙන්න!

ජූලි 28, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

9%ක පුනරාවර්තන වියදම් අඩු කර 4%ක් වන ප්‍රාග්ධන වියදම් ඉහළ නැංවීමට ඉදිරි වසරේ ආර්ථික සැලසුම් සකස් කරනවා – ගාල්ලේදී ජනපති කියයි!

ජූලි 28, 2026

ඇප පිට සිටි චමින්ද විජේසිරි හිරේ යෑම – මහ පාරේ මැරකම් වැපිරූ දේශපාලන මදාවිකම ගැන කතාවක්!

ජූලි 28, 2026

විනිසුරු වයස් සීමාව දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය කරන්නේ අග විනිසුරු මුල් කරගෙන ද? කැබිනට් මාධ්‍ය හමුවේ දී අධිකරණ ඇමතිගෙන් මාධ්‍ය කෙළින්ම ඇසූ ප්‍රශ්න සහ දුන් පිළිතුරු මෙන්න!

ජූලි 28, 2026
ADVERTISEMENT
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • සලෙයි අධිකරණය හමුවට පැමිණ ඇත්තේ පිරිසිදු දෑතින් නොවේ; සලෙයි විමර්ශකයින් නොමග යැවූ බව අධිකරණයේ දී නීතිපති දෙපාර්තමේන්තුව කියයි!

    172 shares
    Share 69 Tweet 43
  • ආරක්ෂක බුද්ධි අංශ අනතුරු අඟවයි: දෙවිනුවර පෙරහරේ කාවඩි සංදර්ශනය පොලිස්පති නියෝගයෙන් තාවකාලිකව අත්හිටුවයි!

    172 shares
    Share 69 Tweet 43
  • බෙල්ලන්විල අවන්හල් හිමිකරු ඝාතනයේ සුලමුල හෙළි වෙයි: වෙඩික්කරු යුද්ධ හමුදාවෙන් පලා ගිය අයෙක් – සැකකරුවන් නවගමුවේදී පොලිස් උගුලකට හසුවෙයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 9%ක පුනරාවර්තන වියදම් අඩු කර 4%ක් වන ප්‍රාග්ධන වියදම් ඉහළ නැංවීමට ඉදිරි වසරේ ආර්ථික සැලසුම් සකස් කරනවා – ගාල්ලේදී ජනපති කියයි!
  • ඇප පිට සිටි චමින්ද විජේසිරි හිරේ යෑම – මහ පාරේ මැරකම් වැපිරූ දේශපාලන මදාවිකම ගැන කතාවක්!
  • විනිසුරු වයස් සීමාව දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය කරන්නේ අග විනිසුරු මුල් කරගෙන ද? කැබිනට් මාධ්‍ය හමුවේ දී අධිකරණ ඇමතිගෙන් මාධ්‍ය කෙළින්ම ඇසූ ප්‍රශ්න සහ දුන් පිළිතුරු මෙන්න!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.