බ්‍රහස්පතින්දා, ජූලි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යාපනය කීරිමලේ එන බැතිමතුන්ගෙන් කප්පම් ගන්නා කල්ලියක්: පැමිණිලි 25ක් ආවත් පියවරක් නෑ!

by editor
අප්‍රේල් 2, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

යාපනයේ ඓතිහාසික කීරිමලේ පොකුණ නැරඹීමට සහ ඒ ආසන්න මුහුදු තීරයේ ආගමික වතාවත් සිදුකිරීමට පැමිණෙන බැතිමතුන්ගෙන් සංවිධානාත්මක පිරිසක් විශාල වශයෙන් කප්පම් ලබා ගන්නා බවට තොරතුරු හෙළි වී තිබේ.

මෙම කප්පම් ගැනීම් සම්බන්ධයෙන් යාපනය වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව වෙත මේ වන විට පැමිණිලි 25කට අධික සංඛ්‍යාවක් යොමු වී ඇත. එහෙත් එම පැමිණිලි සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු විධිමත් පරීක්ෂණයක් සිදු වී නොමැති බව පෙත්සම් ඉදිරිපත් කළ පිරිස් පෙන්වා දෙති.

පෙත්සම්කරුවන් චෝදනා කරන්නේ මෙම කප්පම් ලබා ගැනීමේ සිද්ධියට ප්‍රාදේශීය සභාවේ සේවකයින් පිරිසකගෙන්ද පූර්ණ සහයෝගය ලැබෙන බවයි. මේ හේතුවෙන් ඔවුහු සිය පැමිණිලි යාපනයේ අනෙකුත් උසස් නිලධාරීන් වෙත ද යොමු කිරීමට පියවර ගෙන ඇත.

හින්දු ජනතාවගේ ඉපැරණි චාරිත්‍රයක් වන මිනී අළු මුට්ටි මුහුදට පා කර හැරීම සඳහා කීරිමලේ මුහුදු තීරයට පැමිණෙන පිරිස්වලින්, මග රැක සිටින මෙම කල්ලිය රුපියල් 2500ක මුදලක් බලහත්කාරයෙන් ලබා ගන්නා බව පැවසේ.

වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව විසින් කීරිමලේ පොකුණ නැරඹීමට සහ දිය නෑමට පැමිණෙන පිරිස්වලින් මෙන්ම වාහනවලින් රුපියල් 100 සිට 250 දක්වා නියමිත ගාස්තුවක් අය කරනු ලබයි. එසේ තිබියදීත්, මෙම කප්පම් කල්ලිය බැතිමතුන්ගෙන් සහ වාහනවලින් අමතර මුදල් බලහත්කාරයෙන් ලබා ගන්නා බව පෙත්සම්වල සඳහන් වේ.

RelatedPosts

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

  2026 උසස් පෙළ කල් දැමීමේ පෙත්සම අභියාචනාධිකරණය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරයි!

රුපියල් කෝටියකට අධික මුදලක් සහ කිලෝ තුන හමාරක රන් පොලු සමඟ කාන්තාවන් ඇතුළු 10ක් වත්තේගමදී දැලේ!

මෙම තත්ත්වය හේතුවෙන් යාපනය කීරිමලේ පුණ්‍ය භූමිය වැඳපුදා ගැනීමට පැමිණෙන ජනතාව දැඩි අපහසුතාවයට හා හිරිහැරවලට ලක්ව සිටිති.

Share69Tweet43
Previous Post

ජාතිය අමතා කළ  ට්‍රම්ප්ගේ ප්‍රකාශයෙන් වෙළඳපල අතරමං…

Next Post

යුරෝපයේ අවසාන මායාකාරියගේ  කෞතුකාගාරයේ නැවතුනෙමි!

Related Posts

පුවත්

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජූලි 23, 2026
court-
පුවත්

  2026 උසස් පෙළ කල් දැමීමේ පෙත්සම අභියාචනාධිකරණය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරයි!

ජූලි 23, 2026
පුවත්

රුපියල් කෝටියකට අධික මුදලක් සහ කිලෝ තුන හමාරක රන් පොලු සමඟ කාන්තාවන් ඇතුළු 10ක් වත්තේගමදී දැලේ!

ජූලි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජූලි 23, 2026
court-

  2026 උසස් පෙළ කල් දැමීමේ පෙත්සම අභියාචනාධිකරණය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරයි!

ජූලි 23, 2026

රුපියල් කෝටියකට අධික මුදලක් සහ කිලෝ තුන හමාරක රන් පොලු සමඟ කාන්තාවන් ඇතුළු 10ක් වත්තේගමදී දැලේ!

ජූලි 23, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!
  •   2026 උසස් පෙළ කල් දැමීමේ පෙත්සම අභියාචනාධිකරණය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරයි!
  • රුපියල් කෝටියකට අධික මුදලක් සහ කිලෝ තුන හමාරක රන් පොලු සමඟ කාන්තාවන් ඇතුළු 10ක් වත්තේගමදී දැලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.