සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

යුරෝපයේ අවසාන මායාකාරියගේ  කෞතුකාගාරයේ නැවතුනෙමි!

by editor
අප්‍රේල් 2, 2026
in ජීවිතය
anna-goldi-muciam

ඇනා ගෝල්ඩි කෞතුකාගාරය...

Share on FacebookShare on Twitter

සුනේත්‍රා ඇතුගල්පුර –

එය දිගු පටු පාළු මිටියාවතකි. ඉහළින් ඇල්ප්ස් කඳු පෙනේ. ඇල්ප්ස් කඳු වැටි මතින් රූරා වැටෙන අලු පැහැති හිරු කිරණ අකමැත්තෙන් පොළොවට සහ තණබිම්වලට  ඉඩ සලසා දී ඇතැයි මට සිතේ. ඒ නිසාම පහළින් ඇති ගම්පියසම  පාලු ස්වභාවයක් උසුලයි. ඒ දැකුමේ වන්නේ ශෝකී ස්වරූපයකි.   සියවස් ගණනක් තිස්සේ ඒ ගුප්ත ශෝකය මේ හිම කඳු මත තැන්පත් වී ඇතිවා සේය.

අද  ස්විස්ටර්ලන්තය යනු  මහා  ඉසුරුබර දේශයකි. එහෙත් මීට සියවස් හතරකට පෙර මේ භූමිය මහා දුර්ගයන් අතර ගෙවෙන වේදනාබර ගැමියන්ගේ ජීවිත ඉකි බිඳුමේ ඛේදනීය කතාවක් කීවේය. මේ කඳු අතර ස්වභාවික සම්පත්  බහුලවූයේ නැත.   ගව පාලනය, දැව කර්මාන්තය, කපු වගාව, රෙදි පිලි කර්මාන්තය,  දඩයම හෝ විදේශීය රටක යුද සේවය හැර වෙනත් සාධනීය වෘත්තියක් නොමැති, කුසගින්න සහ රෝ බියෙන් පීඩිත දුගී ගැමියන්ගෙන් සැදුන කඳුකර නිම්න අතර ජීවිත තිබුණේ ගල් වී ගොස්ය.

Glarus-1700
1700 පමණ වකවානුවේ ග්ලාරූස් ජන ජීවිතය ප්‍රකාශිත සිතුවමක් (AI- නිර්මාණයකි)

අද මෙන්ම ඇල්ප්ස් කඳු පන්තියේ ටෝඩි කඳු මුදුනේ ග්ලැසියරවලින් ඉපදී  ගලා හැලෙන ලින්ත් නදිය ග්ලාරූස් හරහා එදත් එක සේ  ගලා ගියේය. හවුස්ටොක් කඳු මුදුනට ඉහළින්  අද මෙන්ම එදත් හිරු රැස් ගලා ආවේය. ග්ලෙන්නිෂ් කඳු මුදුන අදටත් වඩා වැඩියෙන් ඒ වකවානුවේ හිමෙන් වැසී තිබිණි.  ගල් කුළු සහ ස්ලේට් පාෂාණ අතරින් වන දහන දක්වා ඇදී ගිය ඇල්ප්ස් තණ බිම ග්ලාරූස් වැසියන්ගේ ජීවිත බලාපොරොත්තුව අදට වඩා අවුලවනු ලැබුවේය.    කිරිගව කර්මාන්තය රැඳී පැවතුනේ මෙම ජීවය පිරුණු තණබිම මතය. එහෙත් අද මෙන් නොව එදා  ග්ලාරූස් යනු එකල එසේ අලුපැහැති හිම පටලයකින් වැසී ගල් වී ගිය ජීවිත සහිත ගම්මානයකි. ගැමියන්ට ප්‍රමාණවත් ආහාර  තිබුණේ නැත. දරා ගත නොහැකි සීතල ඇට මිදුලු පවා විනිවිද්දී  රක්ෂා වීමට හැකි මිනිස්සු පමණක් ජීවත් වූහ. අපේක්ෂිත ආයු කාලය අඩු විය. වසංගත රෝග විසින් මිනිස් සංහාර සිදුකළ අතීතයක් අප පසු කර ඇවිත් ඇත.

අද අප කතා කරන්නට යන ඇනා ගෝඩි ඒ අතිත ග්ලාරූස් ගැමි ජීවිතයේ  ගුඪ සහ අඳුරු ස්වරූපය හෙළි කරන ජීවමාන සාධකය බව සිතමි.  ප්‍රවාදයන් අනුව ඇනා ගෝඩි යුරෝපයේ සිටි අවසාන මායාකාරිය ය.  මායාකාරියක ලෙස නිර්නය කර කෲර වධයට ලක් කර මරා දැමූ ඒ අසරණ ගැහැණිය සම්බන්ධව අදත් ස්විස්ටර්ලන්තය  වැලපෙන්නේය.  ඇය නමින් අද කෞතුකාරයක් ඇත්තේය.  ලෝකයේ එහා කෙළවරේ පුංචි  ආසියාතික රටක  ඉපදී  හැදී වැඩුනත්  එම රටේ  දේශපාලනය විසින් ජීවත්වීමේ අයිතියත් ප්‍රශ්න කළ මොහොතක ජීවිතය පමණක් රැගෙන පැමිණි මම  අද දෛවෝපගත ලෙස එම කෞතුකාරයේ සේවය කරමින් සිටිමි.

ඇනා ගෝල්ඩි කෞතුකාගාරය –

ඇනා ගෝල්ඩි කෞතුකාගාරය

ස්විට්සර්ලන්තයේ ග්ලාරස් (Glarus) කැන්ටනයෙ එන්නෙන්ඩා (Ennenda) නගරයේ පිහිටි ඇනා ගෝල්ඩි (Anna Göldi) කෞතුකාගාරය යනු ඉතිහාසයේ අඳුරු පැතිකඩක් නිරූපණය කරන නූතන කෞතුකාගාරයකි. 2017 වසරේදී පැරණි රෙදි කර්මාන්තශාලාවක් වූ Hänggiturm ගොඩනැගිල්ලේ  මෙම කෞතුකාගාරය  විවෘත කරන ලදී. මෙම කෞතුකාගාරය කැප කර ඇත්තේ යුරෝපයේ අවසන් වරට “මායාකාරිය” ලෙස හංවඩු ගසා අමානුෂික ලෙස දඬුවම් කර මරා දැමූ ඇනා ගෝල්ඩි ගේ  ඛේදනීය මතකය වෙනුවෙනි.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

කෞතුකාගාරය තුළ   ඇනා ගෝල්ඩිගේ ජීවිතයේ අදියර කිහිපයක් රූපණය වේ.  ඇගේ නඩුව සහ මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමේ පුරාවෘත්තය මෙහිදී මනාව ඉදිරිපත් කෙරේ. “සියලු මිනිසුන් නීතිය ඉදිරියේ සමානයි” යන මූලික තේමාව යටතේ ක්‍රියාත්මක වන මෙම ස්ථානය අසාධාරණය, අධිකාරීත්වයේ දූෂණය සහ සමාජීය බලපෑම් පිළිබඳව සජීවී පාඩමක් උගන්වයි.  වර්ෂ  2008 දී ග්ලාරස් කන්තෝනය විසින් ඇනා ගෝල්ඩි නිල වශයෙන් නිර්දෝෂී කර තිබීමයි

විශේෂයෙන් ගිම්හාන කාලයේදී සංචාරකයින් සඳහා විවෘතව පවතින මෙම කෞතුකාගාරය වෙත ස්විස්ටර්ලන්තයට එන සංචාරකයෙක්  ගොඩවී යනු වටී.

ඇනා ගෝල්ඩි කෞතුකාගාරය

ඇනා ගෝල්ඩි: ඓතිහාසික අසාධාරණයට ලක්වූ කාන්තාවගේ පූර්ණ කතාව

1734 ඔක්තෝබර් 24 වන දින සැක්ස් ගම්මානයේ උපත ලද ඇනා ගෝල්ඩි, යුරෝපයේ අවසන් “මායාකාරිය” ලෙස ඉතිහාසගත වූ ස්විට්සර්ලන්ත ගෘහ සේවිකාවකි. දිළිඳු පවුලක උපත ලද ඇය බාල කාලයේ සිටම ගෘහ  සේවයේ නිරත වූවාය. 1765 දී ඇයට ලැබුණු පිරිමි දරුවා උපතින් පැය කිහිපයකට පසු නින්දේදී සිදුවූ අනතුරකින් මියගිය ද, ඇයට එරෙහිව ඝාතන චෝදනා එල්ල විය. එම චෝදනාවලින් බේරීමට ඇය ග්ලාරස් කන්තෝනයට පලා ගියාය.

ග්ලාරස්හිදී ඇය වෛද්‍යවරයකු මෙන්ම බලපත්‍රකාරයෙකු වූ ජෝහන් ජේකබ් චුඩි (Johann Jakob Tschudi) යටතේ වසර 17ක් සේවය කළාය. 1781 දී චුඩිගේ අට හැවිරිදි දියණියගේ ආහාර සහ කිරිවලින් අල්පෙනෙති සහ ඉඳිකටු හමුවීමට පටන් ගත්තේය. ඇය අමුතු රෝග ලක්ෂණ පෙන්වීය. චුඩි විසින් මෙයට ඇනා වගකිව යුතු බව පවසමින් ඇයට “මායාකාරී” චෝදනා එල්ල කළේය. සේවයෙන් නෙරපා හැරුණු ඇයව පසුව අත්අඩංගුවට ගෙන දැඩි වධහිංසාවලට (Thumb screws –  සහ ගල් බැඳ එල්ලීම වැනි) ලක් කරන ලදී. එම අපිරිමිත වේදනාව දරාගත නොහැකි වූ තැන, තමන් කළු බල්ලෙකු ලෙස පෙනී සිටි දෙවියන් (සාතන්) සමග ගිවිසුමක් ඇති කරගත් බවට  බොරු පාපොච්චාරණයක් කළාය. පසුව ඇය එය ප්‍රතික්ෂේප කළත්, නැවත වධහිංසා කිරීම නිසා එය පිළිගැනීමට ඇයට සිදු විය.

1782 ජූනි 13 වන දින ඇනාව ගෙල කපා මරා දමන ලදී. එවකට “මායාකාරීත්වය” නීතියෙන් පිළිනොගත් නිසා, විනිශ්චයකාරවරු  ඇයව මරා දැමීමට “විෂ දීම” යන චෝදනාව භාවිතා කළහ. ඇගේ මරණය මුළු යුරෝපය පුරාම දැඩි විවේචනයට ලක් වූ අතර, බොහෝ ඉතිහාසඥයින් පවසන්නේ ඇනා සහ චුඩි අතර රහසිගත සම්බන්ධයක් තිබූ බවත්, එය හෙළිවේ යැයි බියෙන් ඔහු තම බලය පාවිච්චි කර ඇයව මෙලෙස ඝාතනය කළ බවත්ය. 2008 දී ඇය නිර්දෝෂී කළ රජය මෙය “නීතිමය ඝාතනයක්” ලෙස නම් කළේය.

ඇනා ගෝල්ඩි – ඓතිහාසික දත්ත මත සැකසූ කල්පිත AI සිතුවමකි.

යුරෝපීය මායාකාරියන්ගේ ඉතිහාසය සහ ස්වාධීන කාන්තාවන්ට එල්ල වූ බලපෑම්

1450-1750 කාලසීමාව යුරෝපයේ මායාකාරියන් දඩයම් කිරීමේ අඳුරු යුගය විය. මෙහිදී මරණ දඬුවම ලැබූ 40,000-50,000 ක පිරිසෙන් 80% ක්ම කාන්තාවන් විය. බොහෝ විට මෙලෙස ඉලක්ක වූයේ දිළිඳු, වැඩිහිටි, වැන්දඹු හෝ සමාජ රාමුවෙන් බැහැරව සිටි කාන්තාවන්ය. විශේෂයෙන්ම ඖෂධීය ශාක පිළිබඳ දැනුම තිබූ, වින්නඹු සේවයේ යෙදුණු හෝ ස්වාධීනව කටයුතු කළ කාන්තාවන්ගේ එම ප්‍රායෝගික දැනුම (Empirical knowledge) “මායාවක්” ලෙස හංවඩු ගැසීමට එකල පිරිමි අධිකාරීත්වය කටයුතු කළේය.

1487 දී නිකුත් වූ Malleus Maleficarum වැනි ග්‍රන්ථ හරහා කාන්තාවන් ස්වභාවයෙන්ම පාපයට බර බවත්, ඔවුන් සාතන්ගේ බලපෑමට පහසුවෙන් හසුවන බවත් සමාජගත කර තිබුණි. ස්වාධීනත්වය සහ දැනුම තර්ජනයක් ලෙස සැලකූ එකල පිරිමි මූලික සමාජය තුළ, පෞද්ගලික ආරවුල් විසඳා ගැනීමට පවා මායාකාරී චෝදනාව ප්‍රබල මෙවලමක් ලෙස භාවිත විය.

ඇනා ගෝල්ඩිගේ නඩුව ද මෙම ක්‍රමවේදයේ අවසාන සහ දරුණුතම උදාහරණයකි.

ඇනා ගෝල්ඩි කෞතුකාගාරය තුළ…

අවසානය: අසාධාරණයේ පාඩම

ඇනා ගෝල්ඩි කෞතුකාගාරය යනු අතීතයේ අසාධාරණය සිහිපත් කරමින් වර්තමානයේ මානව හිමිකම් සුරැකීමට පෙළඹවීමක් කරන ස්ථානයකි. ඇනා යනු හුදෙක් “මායාකාරියක්” නොව, බලයේ දූෂණයට සහ සමාජීය බියට ගොදුරු වූ අසරණ කාන්තාවකි. ඇගේ කතාව අපට මතක් කර දෙන්නේ ස්වාධීනත්වය සහ තාර්කික බුද්ධිය තර්ජනයක් ලෙස  දකිමින් වර්තමානයෙත් පවතින ගෝත්‍රික  නටබුන් මතවාදවල  ඛේදනීය අතීතය ය.

අනෙක් අතට  බලය සහ බිය මිනිසුන් අන් අයට පීඩා කිරීමට සහ හානි කිරීමට යොමු කරන විට එය කොතරම් භයානක විය හැකිද යන්නට ඇනා ගෝල්ඩිගේ කතාව උදාහරණයකි.  සියලු මිනිසුන් විෂයෙහි සමානත්වය  ආරක්ෂා කරන සමාජයක්  තමන්ගේ අවසන් හුස්ම පොද  හරහා නිර්මාණය වනු ඇතැයි   ඇනා ගෝල්ඩි තවමත් ප්‍රාර්ථනා කරන බව විශ්වාස කරමි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

යාපනය කීරිමලේ එන බැතිමතුන්ගෙන් කප්පම් ගන්නා කල්ලියක්: පැමිණිලි 25ක් ආවත් පියවරක් නෑ!

Next Post

ගම්මන්පිලගේ උත්සවයට ගියේ ඇත්ත සජිත් නෙමෙයි… AI සජිත්…  නලීන් බණ්ඩාර කියන කතාව…

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
vesak
සංස්කෘතිය

සිංහලයේ වෙසක් උත්සවය හෙවත් සහශ්‍ර දෙකකට අධික අඛණ්ඩ ජන උරුමයක සජීවී ප්‍රකාශනය! – මහාවංසය කියන කතාවක්…

මැයි 30, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.