ඉරිදා, ජූලි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මැදපෙරදිග යුද්ධය අවසන් කිරීමේ ගිවිසුම අද අත්සන් කරන බව ට්‍රම්ප් කියද්දී ඉරානය බෑ කියයි!

by editor
ජූනි 14, 2026
in පුවත්
ඉරාන විදේශ ඇමති අබ්බාස් අරග්චි

ඉරාන විදේශ ඇමති අබ්බාස් අරග්චි

Share on FacebookShare on Twitter

කපිල කේ හීනටියන –

මැදපෙරදිග කලාපයේ පවතින දරුණු යුදමය වාතාවරණය අවසන් කිරීම සඳහා වන මූලික සාම ගිවිසුමකට අද (ඉරිදා) දිනයේදී අත්සන් තැබීමට නියමිත බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙම සාකච්ඡා සඳහා මැදිහත්කරු ලෙස කටයුතු කරන පාකිස්තානය ප්‍රකාශ කර සිටී. කෙසේ වෙතත්, ඉරානය පවසන්නේ මෙතරම් ඉක්මනින් එවැනි ගිවිසුමකට අත්සන් තැබීමක් සිදු නොවන බවයි.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් ප්‍රකාශ කළේ දෙපාර්ශවයම සාම ගිවිසුමක මූලික රාමුවකට එකඟ වී ඇති බවත්, අද දිනයේ විද්‍යුත් ක්‍රමවේදයක් ඔස්සේ (electronic signing) ඊට අත්සන් තැබීමට ඉස්ලාමාබාද් අගනුවර සූදානමින් සිටින බවත්ය. ඉන් අනතුරුව ලබන සතියේදී තාක්ෂණික මට්ටමේ සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද සමාජ මාධ්‍ය සටහනක් තබමින් සනාථ කර සිටියේ ඉරානය සමඟ වන මෙම ගිවිසුම අද දින අත්සන් කිරීමට නියමිතව ඇති බවයි. එමෙන්ම, ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ලෝකයේ තෙල් සැපයුම සඳහා අතිශය වැදගත් සන්ධිස්ථානයක් වන, දැනට ඉරානය විසින් අවහිර කර ඇති ‘හෝමුස් සමුද්‍ර සන්ධිය’ (Strait of Hormuz) වහාම සැමට විවෘත වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

කෙසේ වෙතත්, ඊයේ (සෙනසුරාදා) අදහස් දැක්වූ ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක එස්මයිල් බගායි, ගිවිසුම අත්සන් කරන දිනය පිළිබඳව අදහස් දැක්වීමේදී ප්‍රවේශම් විය යුතු බව අවධාරණය කළේය. අවබෝධතා ගිවිසුම අත්සන් කරන නිශ්චිත දිනය පිළිබඳව බලා සිටීමට සිදු වන බවත්, එය අනිවාර්යයෙන්ම හෙට (අද) සිදු නොවන බවත් ඉරාන රාජ්‍ය මාධ්‍ය ඔස්සේ ඔහු පවසා තිබේ. එහිදී ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ ඉදිරි දිනවලදී මෙවැනි දෙයක් සිදුවීමේ හැකියාව බැහැර කළ නොහැකි වුවද, අනෙක් පාර්ශවයේ පවතින දෙගිඩියාව හේතුවෙන් මේ පිළිබඳව අදහස් දැක්වීමේදී ප්‍රවේශම් විය යුතු බවයි.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඇමෙරිකානු නිලධාරියෙකු නිශ්චිත දිනයක් ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කළද, මෙය ඉතා ශක්තිමත් සහ විශිෂ්ට ගිවිසුමක් වනු ඇති බව ප්‍රකාශ කර ඇත.

RelatedPosts

ජනාධිපති ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වාහන 26ක් අතුරුදන්? CID පරීක්ෂණත් තවම ඉවර නෑ!

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ දැවැන්ත තනතුරු පුරප්පාඩුවක්: ආයතන රැසක වැඩබැලීම් බාරදීලා!

තැන තැන ඇසෙන වෙඩි හඬ කියන්නේ නොපෙනන බිහිසුණු කතාවක් ද?

පසුගිය පෙබරවාරි 28 වැනිදා ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කළ ඒකාබද්ධ ප්‍රහාරත් සමඟින් මෙම මැදපෙරදිග යුද වාතාවරණය ආරම්භ විය. දෙපාර්ශවයම මූලික එකඟතාවයකට පැමිණීමට මෙතරම් සමීප වූ ප්‍රථම අවස්ථාව මෙය නොවන අතර, පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂරීෆ් සිය X ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ, “අපි වෙන කවරදාකටත් වඩා සාම ගිවිසුමකට ඉතා සමීපව සිටිනවා” යනුවෙනි.

Share69Tweet43
Previous Post

TNA පොඩි මන්ත්‍රී තහනම් දැල් තොගයක් සමග දැලේ…

Next Post

බැසිල්ට එරෙහිව රජයේ සාක්ෂිකරුවකු වීමට භාෂ්වර එකඟ වෙයි: බැසිල් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

Related Posts

president secretariat sri lanka
පුවත්

ජනාධිපති ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වාහන 26ක් අතුරුදන්? CID පරීක්ෂණත් තවම ඉවර නෑ!

ජූලි 25, 2026
පුවත්

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ දැවැන්ත තනතුරු පුරප්පාඩුවක්: ආයතන රැසක වැඩබැලීම් බාරදීලා!

ජූලි 25, 2026
shootin
පුවත්

තැන තැන ඇසෙන වෙඩි හඬ කියන්නේ නොපෙනන බිහිසුණු කතාවක් ද?

ජූලි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
president secretariat sri lanka

ජනාධිපති ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වාහන 26ක් අතුරුදන්? CID පරීක්ෂණත් තවම ඉවර නෑ!

ජූලි 25, 2026

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ දැවැන්ත තනතුරු පුරප්පාඩුවක්: ආයතන රැසක වැඩබැලීම් බාරදීලා!

ජූලි 25, 2026
shootin

තැන තැන ඇසෙන වෙඩි හඬ කියන්නේ නොපෙනන බිහිසුණු කතාවක් ද?

ජූලි 25, 2026
ADVERTISEMENT
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

    172 shares
    Share 69 Tweet 43
  • වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

    172 shares
    Share 69 Tweet 43
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

    172 shares
    Share 69 Tweet 43
  • කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ජනාධිපති ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වාහන 26ක් අතුරුදන්? CID පරීක්ෂණත් තවම ඉවර නෑ!
  • ශ්‍රී ලංකා පරිපාලන සේවයේ දැවැන්ත තනතුරු පුරප්පාඩුවක්: ආයතන රැසක වැඩබැලීම් බාරදීලා!
  • තැන තැන ඇසෙන වෙඩි හඬ කියන්නේ නොපෙනන බිහිසුණු කතාවක් ද?

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.