අඟහරුවාදා, ජූලි 7, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ට්‍රම්ප්ගේ උපන්දියන දා ධවල මන්දිරය ලෙයින් තෙත් කරන්නට ගිය කුමන්ත්‍රණය ප්‍රධාන සැකකරුගේ මව ලබා දුන් ඔත්තුව නිසා වැලකුණු හැටි…

by editor
ජූනි 16, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

උපේක්ෂා උඩුවරැල්ල –

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ 80 වැනි උපන්දිනය දා ධවල මන්දිරයේ පැවැත්වුණු ‘UFC Freedom 250’ මිශ්‍ර සටන් කලා තරගාවලිය ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල කර ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රභූ දේශපාලකයින් ගණනාවක් ඝාතනය කිරීමෙන් පසු  රට පුරා සන්නද්ධ විප්ලවයක් ආරම්භ කිරීමේ අරමුණින් සැලසුම් කළ භයානක ත්‍රස්ත ප්‍රහාරයක සුලමුල අද (16)  අනාවරණය වූයේය.

මේ අනාවරණය නිල වශයෙන් සිදුවන්නේ  FBI අධ්‍යක්ෂ කාෂ් පටෙල් විසින්  සිය X ගිනුමේ තබන සටහනක් සමගිනි. එම සටහනේ මෙසේ සඳහන්ව තිබිණි.

“ජූනි 10 වැනිදා, වොෂින්ටන් ඩී.සී. හි පැවැත්වීමට නියමිතව තිබූ ‘UFC America 250’ උත්සවයට ජාතික අගනුවර කලාපයෙන් (National Capital Region) බැහැර පුද්ගලයන් පිරිසකගෙන් එල්ල විය හැකි විභව තර්ජනයක් පිළිබඳව එෆ්.බී.අයි. (FBI) ආයතනය සහ අපගේ නීතිය ක්‍රියාත්මක කරන හවුල්කාර ආයතන දැනුවත් විය. මෙම එෆ්.බී.අයි. ආයතනයේ, අපගේ හවුල්කරුවන්ගේ සහ අධිකරණ දෙපාර්තමේන්තුවේ කඩිනම් ක්‍රියාකාරීත්වය නිසා ක්‍රියාත්මක වූ බහු-ප්‍රාන්ත මෙහෙයුමට පින්සිදු වන්නට, මේ වන විට පුද්ගලයන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සැලසුම් කර තිබූ බව කියන ප්‍රහාරයන් ආරම්භයටත් පෙරම මුළුමනින්ම ව්‍යර්ථ කිරීමට (Stopped cold) හැකි විය.

මෙම ප්‍රතිඵලය විශිෂ්ටතම ගවේෂණාත්මක විමර්ශන කාර්යයක නියැලීමක් නිරූපණය කරන අතරම, නීතිය ක්‍රියාත්මක කරන අපගේ මෙම කණ්ඩායමට එය සාමාන්‍ය දෙයක් ද වෙයි. මන්ද, ඇමෙරිකානු පුරවැසියන්ගේ ජීවිතවලට තර්ජනයක් වන ඕනෑම අයෙකු, විශේෂයෙන්ම මෙවැනි ඓතිහාසික UFC 250 සටන් තරගාවලිය වැනි විශාල ජනකායක් රැස්වන අවස්ථාවලදී, කල්තියා හඳුනා ගැනීමට, ඔවුන්ට එරෙහිව ක්‍රියාත්මක වීමට සහ ඔවුන් නීතිය හමුවට පැමිණවීමට අප සැමවිටම සන්නද්ධව සිටින බැවිනි. අප මෙහිදී සිදු කළේ ද එයමයි. අපගේ විශිෂ්ට නියෝජිතයන්ට සහ හවුල්කරුවන්ට මම ස්තුතිවන්ත වීමට කැමැත්තෙමි. මෙම විමර්ශන කටයුතු තවදුරටත් අඛණ්ඩව සිදුවන අතර, අවසර ලැබෙන පරිදි ඉදිරියේදී ද අප මහජනතාව මේ පිළිබඳව දැනුවත් කිරීමට කටයුතු කරන්නෙමු.

යම් හෙයකින් සැකකටයුතු කිසිවක් නිරීක්ෂණය වුවහොත්, වහාම ඒ පිළිබඳව 1-800-CALL-FBI දුරකථන අංකය ඔස්සේ හෝ tips.fbi.gov වෙබ් අඩවිය වෙත වාර්තා කරන ලෙස අප සෑම ඇමෙරිකානු පුරවැසියෙකුගෙන්ම දිගින් දිගටම ඉල්ලා සිටිමු.”

 

On June 10, FBI and our law enforcement partners became aware of a potential threat to the UFC America 250 event in Washington, D.C. involving individuals outside of the National Capital Region – and thanks to the rapid action of this FBI, our partners, and the Department of… pic.twitter.com/PbWkIk1Lr5

— FBI Director Kash Patel (@FBIDirectorKash) June 16, 2026

එතැන් සිට මේ සම්බන්ධව දැඩි උනන්දුවක් ලෝකය පුරාම ඇති විය. දැන් අනාවරණය වන පරිදි ප්‍රහාරය සැලසුම් කරන්නේ 19 හැවිරිදි යෞවනයෙකි.  මේ ප්‍රහාර සැලසුමේ සිටිනා සියල්ලන්ම ඇමරිකානුවන්ය. එකම විජාතිකයෙක්වත් නැත.  “වැන්ගාඩ් ඔෆ් ද ඕල්ඩ්” (Vanguard of the Old) නැමැති අන්තවාදී කණ්ඩායම විසින් සැලසුම් කර තිබූ ප්‍රහාරයේ  ප්‍රධාන මෙහෙයුම්කරු  19 හැවිරිදි ටයිසන් ප්‍රොපර් (Tycen Proper) ය.  විශේෂත්වය වන්නේ එෆ්.බී.අයි අධ්‍යක්ෂවරයා මහත් අභිමානයෙන් කියන ඔවුන් විසින් ව්‍යර්ථ කළ මහා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට අදාල ඔත්තුව ලබා දෙන්නේ වෙන කවුරුත් නොව,  ටයිසන් ප්‍රොපර්ගේ මවය.

RelatedPosts

ගෝඨාභයගේ රිට් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන්න – නීතිපතිගෙන් අභියාචනාධිකරණයට ඉල්ලීමක්!

පාලනය කළ තත්ත්වය අද උදේ යළි උත්සන්න වන්නේ කෙසේ ද?… විමර්ශන අංශවල දැඩි අවධානයට… දැන් මරණ 27ක්…

මීගමුව බන්ධනාගාරයේ තත්ත්වය දැන් පාලනය කරලා!… බලධාරීහු කියති!

Tycen-Proper
ටයිසන් ප්‍රොපර්

මව සහ පියා දුන් ඔත්තුවෙන් කුමන්ත්‍රණය හෙළි වෙයි

උසාවි ලේඛනවලට අනුව, මෙම මහා විනාශය වැළැක්වීමට මුල් වූයේ සැකකාර ටයිසන් ප්‍රොපර්ගේ මව්පියන් ය. පසුගිය ජූනි 10 වැනිදා ඔහුගේ මව විසින් ප්‍රදේශයේ ෂෙරිෆ් කාර්යාලයට දැනුම් දී ඇත්තේ තම පුතුගේ හැසිරීම් රටාවේ දැඩි වෙනසක් පවතින බවය. ඔහු අන්තර්ජාලය හරහා විවිධ පුද්ගලයන් සමඟ සම්බන්ධ වෙමින් අසාමාන්‍ය ලෙස අවි ආයුධ එකතු කරන බවට ඇය සැක පළ කර තිබුණි.

පාසල් උපාධි ප්‍රදානෝත්සවය වෙනුවෙන් තෑගි ලෙස ලැබුණු ඩොලර් 3,000ක මුදලක් වැය කරමින් ඔහු වෙඩි නොවදින ඇඳුම් (Ballistic plates), නවීන රයිෆල් වර්ග සහ දහස් ගණනක් පතොරම් මිලදී ගෙන තිබූ අතර, මව්පියන් විසින් මෙම ආයුධ තොගය ස්වේච්ඡාවෙන්ම ආරක්ෂක අංශ වෙත භාර දී තිබිණි.

ඔහුගේ පියා හෙළි කර ඇත්තේ, අන්තර්ජාලයෙන් හඳුනාගත් පිරිසක් හමුවීමට ජූනි 13 සහ  14 සති අන්තයේදී පුතු පිටත්ව යාමට සූදානමින් සිටි බවය. මව්පියන්ගේ ප්‍රකාශවලින් පසු ඔහුව මුලින්ම වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල්ගත කර ඇති අතර, ෂෙරිෆ් කාර්යාලය වහාම ක්‍රියාත්මක වී එෆ්.බී.අයි (FBI) ආයතනය දැනුවත් කර තිබේ.

ආගම සහ දේශපාලනය පෙරට දමා  බ්‍රේන් වොෂ් කරලා

ප්‍රොපර්ගේ මව විමර්ශකයන්ට පවසා ඇත්තේ, තම පුතු ටික්ටොක් (TikTok) සහ සිග්නල් (Signal) සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හිටපු හමුදා සාමාජිකයන් යැයි කියාගත් “ක්‍රිස්තියානි පදනමක් සහිත” අන්තවාදී කණ්ඩායමකට සම්බන්ධ වී සිටි බවය. රජයේ දූෂණ සහ “එප්ස්ටයින් ලිපිගොනු” (Epstein files) සම්බන්ධයෙන් දැඩි රජය විරෝධී මතයක සිටි මෙම කණ්ඩායම, ආගම උපයෝගී කර ගනිමින් තම පුතා මතවාදීව ශෝධනයක් කර ඇති බව ඇය ප්‍රකාශ කළාය.

ඇය විසින් පුතු සිතියම් පරීක්ෂා කරනු දැක ප්‍රශ්න කළ අවස්ථාවේදී, ඔහු පවසා ඇත්තේ වොෂින්ටන් ඩී.සී. ආශ්‍රිතව විශේෂ “ඔත්තු බැලීමේ සහ පහර දී පලායාමේ” (Hit and Run) මෙහෙයුම් මාලාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.

දුරකථනයෙන් හමු වූ බියකරු ප්‍රහාර සැලසුම

අම්මා සහ තාත්තා විසින් ලබා දුන් මූලික තොරතුරු මත විමර්ශකයෝ සිය විමර්ශන ඇරඹූහ.  FBI නිලධාරීන් විසින් සැකකරුගේ ඇපල් අයිෆෝන් (iPhone) දුරකථනය පරීක්ෂා කිරීමේදී, “සිග්නල්” යෙදවුම හරහා පුද්ගලයන් 23 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් සකස් කරන ලද සවිස්තරාත්මක ප්‍රහාර සැලසුම් සොයාගෙන ඇත්තේ ඉන් අනතුරුවය.

රෝහලේදී විමර්ශකයන් හමුවේ ප්‍රකාශයක් ලබා දෙමින් ටයිසන් ප්‍රොපර් ද මෙම කුමන්ත්‍රණය පිළිගෙන තිබේ. ඔහු හෙළි කළ පරිදි ප්‍රහාරයේ සැලසුම මෙසේය:

  • පළමු පියවර: පුපුරණ ද්‍රව්‍ය රැගත් කුඩා ඩ්‍රෝන යානා ධවල මන්දිර පිටියේ පිහිටි සටන් ක්‍රීඩාංගණයේ උතුරු දෙසින් පුපුරුවා හැරීම.

  • දෙවැනි පියවර: එමඟින් ඇති වන මහා භීෂණය නිසා ක්‍රීඩාංගණයේ සිටින දසදහස් සංඛ්‍යාත ජනතාව සහ ජනාධිපතිවරයා ඇතුළු ප්‍රභූන් (High-value targets) දකුණු දෙසට පලා යන විට, එහි කලින් සැඟවී සිටින ස්නයිපර් තුවක්කුකරුවන් ලවා සමූහ ඝාතනයක් සිදු කිරීම.

  • අරමුණ: මෙම ප්‍රහාරය මඟින් ඇමෙරිකා එක්සත් ජනපදය පුරා නව සන්නද්ධ විප්ලවයක් “ආරම්භ කිරීම” (Jumpstart) ඔවුන්ගේ එකම අරමුණ වී තිබේ.

ඉලක්ක කළ දේශපාලනඥයන් සහ ඊශ්‍රායල විරෝධය

සැකකරුගේ දුරකථන සංවාදවලින් හෙළි වී ඇත්තේ ඇමෙරිකානු කොංග්‍රස් මණ්ඩලයේ ප්‍රභූන් රැසක් ඝාතනය කිරීමට ඔවුන් ලැයිස්තුගත කර තිබූ බවය. විශේෂයෙන්ම ටෙනසි ප්‍රාන්තයේ සෙනෙට් සභික මාර්ෂා බ්ලැක්බර්න් (Marsha Blackburn) ඉලක්ක කර තිබූ අතර, “ඇය ඊශ්‍රායල හිතවාදී කණ්ඩායම්වලින් මුදල් ලබාගෙන ඔවුන්ට සහයෝගය දක්වනවා” යනුවෙන් සැකකරු පණිවිඩ යවා තිබුණි.

මීට අමතරව “TrackAIPAC.com” වෙබ් අඩවියෙන් ලබා ගත්, ඊශ්‍රායල හිතවාදී දේශපාලන ක්‍රියාකාරී කමිටුවලින් (PACS) මුදල් ආධාර ලබා ගත් සෙනෙට් සභික ජිම් ජස්ටිස්, සෙනෙට් සභික ෂෙලී මුවර් කැපිටෝ, නියෝජිත මන්ත්‍රී කැරොල් මිලර් සහ රිලී මුවර් ගේ  ඡායාරූප සහ තොරතුරු ද ප්‍රහාරකයන් සතුව තිබී සොයාගෙන ඇත.

ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබිය හැකි බරපතළ චෝදනා

ෆ්‍රෑන්ක්ලින් ප්‍රාන්ත බන්ධනාගාරයේ දැඩි ආරක්ෂාව යටතේ රඳවා සිටින 19 හැවිරිදි ටයිසන් ප්‍රොපර්ට එරෙහිව ඇප රහිතව ෆෙඩරල් අධිකරණය හමුවේ බරපතළ සාපරාධී චෝදනා හතරක් එල්ල කර තිබේ:

  1. ඇමෙරිකා එක්සත් ජනපදයට එරෙහිව කුමන්ත්‍රණය කිරීම: (වසර 5ක් දක්වා සිරදඬුවම්)

  2. ෆෙඩරල් නිලධාරියෙකු ඝාතනය කිරීමට තැත් කිරීම: (වසර 20ක් දක්වා සිරදඬුවම්)

  3. ප්‍රචණ්ඩකාරී අපරාධයක් සඳහා ගිනි අවියක් ළඟ තබා ගැනීම: (අවම වසර 5ක සිට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්)

  4. සාපරාධී ක්‍රියාවක් සඳහා ගිනි අවි ලබා ගැනීම සහ හුවමාරු කිරීම: (වසර 15ක් දක්වා සිරදඬුවම්)

FBI අධ්‍යක්ෂ කාෂ් පටෙල් සහ රහස් ඔත්තු සේවයේ අධ්‍යක්ෂ සීන් කරන් ප්‍රකාශ කළේ, ජූනි 10 වැනිදා ලැබුණු තොරතුරත් සමඟ ක්ෂේත්‍ර කාර්යාල 12කට අධික සංඛ්‍යාවක් පැය 24 පුරා ඒකාබද්ධව ක්‍රියාත්මක වීම නිසා, රට ලෙයින් තෙත් කිරීමට ගිය මෙම මහා කුමන්ත්‍රණය ආරම්භයටත් පෙරම මුලිනුපුටා දැමීමට හැකි වූ බවයි. සිද්ධිය සම්බන්ධයෙන් කැලිෆෝනියා සහ මිසූරි ප්‍රාන්තවලින් ද තවත් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර පුළුල් විමර්ශන තවදුරටත් ක්‍රියාත්මකය.

දැන් ලෝකය කතා වන්නේ මෙම එෆ්බීඅයි ලෝකයට කියන ඔවුන්ගේ වික්‍රමය ගැන නොවේ. ටයිසන්ගේ අම්මා සහ තාත්තා ගැනය. මේ නිරීක්ෂණය නොවී යන්නට හැරියා නම් බොහෝ විට ටයිසන් ප්‍රොපර් නැමැති ලෝකය හඳුනා ගනිමින් සිටි මේ 19 හැවිරිදි තරුණයා ජීවතුන් අතර නැත. ඒ රටට සිදුවූ ගණනය කළ නොහැකි ව්‍යසනයන් මාලාවක් සමගය. ඒ සමගම ටයිසන්ගේ අම්මලා තාත්තලාට පමණක් නොව, ඔවුන්ගේ සියලුම ඥාති පරම්පරාවට සහ ඔහු ඇසුරු කළ මිතුරන්ට බොහෝ කාලයකට ඔවුන්ගේ සමාජ ජිවිත අහිමි වනු ඇත.

ඒ අම්මා සහ තාත්තා තමන්ගේ පුතා වෙනුවෙන් කළ හැකි හොඳම කැප කිරීම කළේය. හිරේ විලංගුවේ වැටී හෝ දැන් ඒ අම්මාට සහ තාත්තට ඔවුන්ගේ පුතා ඉන්නේය. බොහො ඇමරිකානුවන්ට නැතිවන්නට  නියමිතව සිටි ඔවුන්ගේ ප්‍රියතමයන්  රැකී සිටින්නේය. වැදගත්ම දේ එයය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

තිස්සමහාරාම උසාවියේ දී බන්ධනාගාර නිලධාරීන් ඉදරිපිටදීම සැකකරුවෙක් පැනලා ගිහින්!

Next Post

නිලක්ෂිකා සහ කෞෂිණී නවසීලන්තය හඬවයි: ශ්‍රී ලංකා කාන්තා පිලට අති උද්වේගකර ජයක්!

Related Posts

GOTA
පුවත්

ගෝඨාභයගේ රිට් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන්න – නීතිපතිගෙන් අභියාචනාධිකරණයට ඉල්ලීමක්!

ජූලි 6, 2026
පුවත්

පාලනය කළ තත්ත්වය අද උදේ යළි උත්සන්න වන්නේ කෙසේ ද?… විමර්ශන අංශවල දැඩි අවධානයට… දැන් මරණ 27ක්…

ජූලි 6, 2026
පුවත්

මීගමුව බන්ධනාගාර ගැටුම: මියගිය නිලධාරීන් ගණන 6ක් දක්වා ඉහළට; සමස්ත මරණ 26ක් වෙයි

ජූලි 6, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
GOTA

ගෝඨාභයගේ රිට් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන්න – නීතිපතිගෙන් අභියාචනාධිකරණයට ඉල්ලීමක්!

ජූලි 6, 2026

පාලනය කළ තත්ත්වය අද උදේ යළි උත්සන්න වන්නේ කෙසේ ද?… විමර්ශන අංශවල දැඩි අවධානයට… දැන් මරණ 27ක්…

ජූලි 6, 2026

මීගමුව බන්ධනාගාර ගැටුම: මියගිය නිලධාරීන් ගණන 6ක් දක්වා ඉහළට; සමස්ත මරණ 26ක් වෙයි

ජූලි 6, 2026
ADVERTISEMENT
  • ට්‍රම්ප් පුදුම කරවා  හඬමින් වැලපෙමින් අයතුල්ලා ඛමේනිගේ අවමංගල්‍යයට එක්වීමට ටෙහෙරානයට රොක් වෙන ඉරානයේ මිනිස්සු!

    172 shares
    Share 69 Tweet 43
  • සුරේෂ් සලෙයිගේ CID විමර්ශකයින් වෙනස් කිරීමේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි: රහසිගත ප්‍රකාශයක් දීමේ ඉල්ලීමත් ප්‍රතික්ෂේප වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • පරිගණකයේ සහ දුරකථනයේ මුර පද ලබාදෙන ලෙස ලද අධිකරණ නියෝගය අභියෝගයට ලක් කිරීමට සලේ සූදානම්!

    172 shares
    Share 69 Tweet 43
  • සතුරු ප්‍රහාර මැද අප්‍රිකාවේ දී ජීවිත 14ක් බේරාගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වීරෝදාර මෙහෙයුම!

    172 shares
    Share 69 Tweet 43
  • ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ගෝඨාභයගේ රිට් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන්න – නීතිපතිගෙන් අභියාචනාධිකරණයට ඉල්ලීමක්!
  • පාලනය කළ තත්ත්වය අද උදේ යළි උත්සන්න වන්නේ කෙසේ ද?… විමර්ශන අංශවල දැඩි අවධානයට… දැන් මරණ 27ක්…
  • මීගමුව බන්ධනාගාර ගැටුම: මියගිය නිලධාරීන් ගණන 6ක් දක්වා ඉහළට; සමස්ත මරණ 26ක් වෙයි

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.