බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වාහන ලීසිං සහ රන් ණය සඳහා මහ බැංකුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි දැඩි සීමාවන්! ණය දීමේ අනුපාත වෙනස් වෙයි…

by editor
මැයි 24, 2026
in පුවත්
gold-lone-leasing
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

 මෙරට වාණිජ බැංකු සහ බලපත්‍රලාභී මූල්‍ය සමාගම් මගින් වාහන මිලදී ගැනීම සඳහා ලබාදෙන ලීසිං සහ අනෙකුත් ණය පහසුකම් මෙන්ම රන් භාණ්ඩ ඇපයට තබා ලබාගන්නා ණය සඳහා පනවා තිබූ සීමාවන් වහාම ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ.

මහ බැංකුවේ පාලක මණ්ඩලය විසින් ගන්නා ලද මෙම තීරණය 2026 මැයි 25 වන දින සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කෙරේ. මෑත කාලීනව වාහන මූල්‍යකරණය (Vehicle Financing) සහ රන් ණය පහසුකම් වේගයෙන් වර්ධනය වීම හේතුවෙන් මූල්‍ය පද්ධතියේ ඇතිවිය හැකි අවදානම් වළක්වා ගැනීම මෙහි මූලික අරමුණ වී ඇත.

මහ බැංකුවේ පාලක මණ්ඩලය විසින් ගන්නා ලද මෙම තීරණයට අදාළ නව රීති මාලාව වහාම ක්‍රියාත්මක වන පරිදි බලපැවැත්වේ.

වාණිජ වාහන සඳහා 60%ක ලීසිං පහසුකම්

නව සංශෝධනයට අනුව ව්‍යාපාරික සහ ප්‍රවාහන කටයුතු සඳහා භාවිත කරන වාණිජ වාහන (Commercial Vehicles) මිලදී ගැනීමේදී ලබාගත හැකි උපරිම ණය වටිනාකම් අනුපාතය (Maximum Loan-to-Value) වාහනයේ වටිනාකමෙන් සියයට 60ක් (60%) දක්වා ඉහළ දමා ඇත.  මේ හේතුවෙන් ව්‍යාපාරිකයින්ට සහ ප්‍රවාහන ක්ෂේත්‍රයේ නියැලෙන්නන්ට වාහන මිලදී ගැනීමේදී මූල්‍ය ආයතනවලින් වැඩි ලීසිං ප්‍රතිශතයක් ලබාගැනීමට අවස්ථාව හිමිවන අතර, ඔවුන් අතින් දැරීමට සිදුවන මූලික ගෙවීම සියයට 40ක් දක්වා අඩු වනු ඇත.

මෝටර් රථ සහ SUV සඳහා 40%ක සීමාවක්: ගැනුම්කරු අතින් 60%ක්!

කෙසේ වුවද, සාමාන්‍ය මෝටර් රථ, SUV රථ, වෑන් රථ, ත්‍රිරෝද රථ සහ අනෙකුත් පෞද්ගලික පාවිච්චිය සඳහා වන වාහන කාණ්ඩ වෙනුවෙන් ලබාදෙන උපරිම ලීසිං සහ ණය පහසුකම් සීමාව වාහනයේ වටිනාකමෙන් සියයට 40ක් (40%) ලෙස නියම කර ඇත.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

මෙම රෙගුලාසියට අනුව ලියාපදිංචි නොකළ (Brand New හෝ Reconditioned) හෝ මෙරට ලියාපදිංචි කර වසරකට වඩා අඩුවෙන් භාවිත කළ මෝටර් රථ, SUV සහ ත්‍රිරෝද රථ වැනි වාහනයක් ලීසිං ක්‍රමයට මිලදී ගැනීමේදී, වාහනයේ සම්පූර්ණ වටිනාකමෙන් අවම වශයෙන් සියයට 60ක (60%) මූල්‍ය ප්‍රතිශතයක් ගැනුම්කරු විසින් තමන් සන්තකයෙන් (Down payment වශයෙන්) දැරීමට සිදුවේ.

මූල්‍ය ආයතන මගින් ණය වශයෙන් සැපයිය හැක්කේ ඉතිරි සියයට 40ක මුදල පමණි.

රන් ණය සඳහා සියයට 70ක උපරිම සීමාවක්

මීට අමතරව, බලපත්‍රලාභී බැංකු සහ මූල්‍ය සමාගම් මගින් රන් භාණ්ඩ ඇපයට තබා ලබාදෙන ණය පහසුකම් සඳහා මෙතෙක් පනවා නොතිබූ නව උපරිම සීමාවක් හඳුන්වා දී ඇත. ඒ අනුව රන් භාණ්ඩවල වටිනාකමෙන් උපරිම වශයෙන් ලබාදිය හැක්කේ සියයට 70ක (70%) ණය මුදලක් පමණි.

2026 මැයි 25 වන දින හෝ ඉන් පසුව අලුත් කරනු ලබන පවත්නා ණය පහසුකම් සඳහා ද මෙම සියයට 70 සීමාව අදාළ වන බව මහ බැංකුව අවධාරණය කරයි.

ලෝක වෙළෙඳපොළේ රන් මිලෙහි පවතින අස්ථාවරත්වය සහ භූදේශපාලනික ආතතීන් හමුවේ වත්කම් මිල ගණන් වෙනස් වීම නිසා සිදුවිය හැකි අලාභයන්ගෙන් මූල්‍ය ආයතන ආරක්ෂා කරගැනීම සඳහා මෙම උපරිම සීමාවන් පැනවීමට මහ බැංකුවේ සාර්ව විචක්ෂණශීලී අධීක්ෂණ දෙපාර්තමේන්තුව (Macroprudential Surveillance Department) කටයුතු කර තිබේ.

මෙම නව රෙගුලාසි මගින් සමස්ත මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය ආරක්ෂා වන අතරම, වාහන සහ රන් භාණ්ඩ සඳහා සීමාව ඉක්මවා ණය නිකුත් කිරීම පාලනය වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

Next Post

පසුගිය සති දෙක තුළ ඉන්දියාව සිවුවන වරටත් ඉන්ධන මිල ඉහළ දමයි!

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.