බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සෞඛ්‍යය

සෞඛ්‍ය ක්ෂේත්‍රයට හෙණ වදිද්දී නිහඬ ආණ්ඩුව ඉදිරියේ අපේ බුද්ධි සම්පත පෙරා ගන්නා නොරටනු ගැන බීබීසී කළ හෙළිදරව්ව!

by editor
නොවැම්බර් 17, 2023
in සෞඛ්‍යය
Share on FacebookShare on Twitter

බීබීසී –

එක්සත් රාජධානියේ සෞඛ්‍ය සේවාව තුළ අර්බුදකාරී තත්ත්වයක් උද්ගත වී තිබේ. ඒ, ඵලදායී සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යාම සඳහා එරට ජනගහනයට ප්‍රමාණවත් සෞඛ්‍ය ‌සේවක පිරිසක් නොසිටීම හේතුවෙනි. ඒ සඳහා පිළියමක් ලෙස බ්‍රිතාන්‍ය සෞඛ්‍ය බලධාරීන් දීර්ඝ කාලීන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇතත්, එම වැඩපිළිවෙළ හරහා බ්‍රිතාන්‍ය තුළ ම සුදුසුකම් ලත් සෞඛ්‍ය සේවකයින් බිහි වීමට 2031 වසර තෙක් බලා සිටීමට සිදුව තිබේ.

  • බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවාවේ පුරප්පාඩු රැසක්

එක්සත් රාජධානිය තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පුරප්පාඩු 110000ක් ඇතැයි ජාතික සෞඛ්‍ය සේවාව පවසයි.

ඒ අනුව, බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය සේවාවේ සෑම තනතුරු 10කින් එකක් පුරප්පාඩු වී තිබේ.

ජාතික සෞඛ්‍ය සේවාව පවසන පරිදි මේ වන විට පූර්ණ කාලීන වෛද්‍යවරුන් 10,855ක හිඟයක් පවතී. එය වෛද්‍යවරුන්ගේ අවශ්‍යතාවයෙන් 7.2ක ප්‍රතිශතයකි.

පවතින තත්ත්වය අනුව, එක්සත් රාජධානියේ පුරවැසියන් 1000ක් සඳහා සිටින වෛද්‍යවරුන්ගේ අනුපාතය 3.2කි‍.ආර්ථික සහයෝගිතා සහ සංවර්ධන සංවිධානය (OECD) පෙන්වා දෙන්නේ, බටහිර යුරෝපයේ රටවල් අතර ජනගහනයට සාපේක්ෂව අඩු ම වෛද්‍යවරුන් සංඛ්‍යාවක් සිටින රට, එක්සත් රාජධානිය බවයි.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

මෙවැනි පසුබිමක් තුළ බ්‍රිතාන්‍යයේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයින් කාර්ය බහුලත්වය අධික වීම නිසා වෙනත් රටවල සේවයට යාමේ ප්‍රවණතාවක් ඇති වී ඇතැයි එරට වෛද්‍ය මහා සභාව (The General Medical Council) පවසයි.

ඒ අනුව, 2022 වසරේදී බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන් 2000ක් එරට අතහැර වෙනත් රටවල සේවයට ගොස් තිබේ.

එක්සත් රාජධානිය තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පුරප්පාඩු 110000ක් ඇතැයි ජාතික සෞඛ්‍ය සේවාව පවසයි
  • විදෙස් වෛද්‍යවරුන්ට අවස්ථාවක්

සෞඛ්‍ය ශ්‍රම බළකාය ඉහළ දැමීමට අනුගමනය කෙරෙන දීර්ඝ කාලීන වැඩපිළිවෙළෙහි ප්‍රතිඵල ලබා ගැනීම සඳහා තවත් දශකයක පමණ කාලයක් ගත වනු ඇතැයි එක්සත් රාජධානියේ වෛද්‍ය මහා සභාවේ ප්‍රධාන විධායක චාර්ලී මැසී පවසයි.

“ඒ කියන්නේ, අපේ ජනගහනයේ අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය ශ්‍රම බළකාය පවත්වා ගැනීම සඳහා මෑත වසරවලට වඩා විදේශයන්හි පුහුණුව ලැබූ වෛද්‍යවරුන් මත විශ්වාසය තැබීමට අවශ්‍ය වනවා කියන එකයි,” ඔහු පැවසීය.

2022 වසරේදී බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවයට බඳවා ගත් වෛද්‍යවරුන්ගෙන් 63%ක් එනම් තුනෙන් දෙකක් විදෙස් රටවල සුදුසුකම් ලැබූ වෛද්‍යවරුන් බව වෛද්‍ය මහා සභාව අනාවරණය කර තිබේ.

බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවාවට එක්වූ මූලික වෛද්‍ය සුදුසුකම් සහිත වෛද්‍යවරුන් වැඩි ම සංඛ්‍යාවක් පැමිණි රටවල් 5 අතර ශ්‍රී ලංකාව ද සිටීම විශේෂත්වයකි.
  • බ්‍රිතාන්‍යය‌ට යන ශ්‍රී ලාංකික වෛද්‍යවරුන්ගේ වැඩිවීමක්‍

2012 වසරේ සිට 2022 වසර දක්වා දශකයක කාලය තුළ වාර්ෂිකව බ්‍රිතාන්‍යයේ සේවයට එක්වූ ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් සංඛ්‍යාව පසුගිය වසර දෙකක කාලය තුළ ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.

2012 වසරේ සිට 2020 දක්වා කාලය තුළ බ්‍රිතාන්‍යයේ සේවයට ගිය වෛද්‍යවරුන් සංඛ්‍යාව වසරකට 250කට වඩා අඩු සංඛ්‍යාවක පැවතුණු බව බ්‍රිතාන්‍යයේ වෛද්‍ය මහා සභා වාර්තාව අනුව පෙනී යයි.

2012 වසරේ සිට 2022 වසර දක්වා දශකයක කාලය තුළ වාර්ෂිකව බ්‍රිතාන්‍යයේ සේවයට එක්වූ ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් සංඛ්‍යාව පසුගිය වසර දෙකක කාලය තුළ ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. 2012 වසරේ සිට 2020 දක්වා කාලය තුළ බ්‍රිතාන්‍යයේ සේවයට ගිය වෛද්‍යවරුන් සංඛ්‍යාව වසරකට 250කට වඩා අඩු සංඛ්‍යාවක පැවතුණු බව බ්‍රිතාන්‍යයේ වෛද්‍ය මහා සභා වාර්තාව අනුව පෙනී යයි.

2021 වසරේදී එම සංඛ්‍යාව 400කට ආසන්න අගයක් ගෙන ඇති අතර, 2022 වසරේදී 500 ඉක්මවා තිබේ.

එනම්, 2020 වසරට සාපේක්ෂව දෙගුණයක ඉහළ යාමකි.

එමෙන් ම, බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවාවට එක්වූ මූලික වෛද්‍ය සුදුසුකම් සහිත වෛද්‍යවරුන් වැඩි ම සංඛ්‍යාවක් පැමිණි රටවල් 5 අතර ශ්‍රී ලංකාව ද සිටීම විශේෂත්වයකි.

වෛද්‍ය මහා සභා වාර්තාව අනුව එම රටවල් 5 වන්නේ,

  • ඉන්දියාව (2400),
  • පකිස්ථානය (2400),
  • නයිජීරියාව (1700)
  • ඊජිප්තුව (1200),
  • ශ්‍රී ලංකාව (550) යන රටවල්ය.

2010 වසර වන විට බ්‍රිතාන්‍යය තුළ ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් 2423 දෙනෙකු ලියාපදංචි වී සිටියහ.

  • ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් විදෙස්ගත වීම අවම කළ හැකි ද?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන පරිදි 2022 වසරේ ජූනි 01 වන දා සිට 2023 මැයි 31 වන දා දක්වා ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් 1000කට අධික සංඛ්‍යාවක් රට හැර ගොස් තිබේ.

ඒ, සේවයෙන් ඉවත්ව රට හැර ගිය ශ්‍රේණි වෛද්‍යවරුන් 842ක් සහ සේවයෙන් ඉවත්ව රට හැර ගිය විශේෂඥ වෛද්‍යවරුන් 274ක් වශයෙනි.

මේ අතර, පශ්චාත් උපාධි අධ්‍යාපනය සඳහා විදෙස්ගත වූ වෛද්‍යවරුන් නැවත ශ්‍රී ලංකාවට පැමිණ වසර 8ක් ශ්‍රී ලංකාවේ සේවය කළ යුතු වුවත් ඇතැම් වෛද්‍යවරුන් එසේ නොකරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

එම අමාත්‍යංශය පවසන්නේ, විදෙස්ගතව අධ්‍යාපනය ලැබූ වෛද්‍යවරුන් 343 දෙනෙකු 2022 වසරේ ජනවාරි මාසයේ සිට 2023 වසරේ ජූලි මාසය දක්වා කාලය තුළ නැවත ශ්‍රී ලංකාවට පැමිණ ඇතත්, ඉන් 120 දෙනෙකු පමණ දැනුම් දීමකින් තොරව රටින් පිටව ගොස් ඇති බවය.

වෛද්‍ය හා ඖෂධ හිඟය හේතුවෙන් බොහෝ විට පීඩාවට පත්වන්නේ රජයේ රෝහල්වල් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන්ය.
  • .අයවැයෙන් ඉදිරිපත් කළ යෝජනා

මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය සඳුදා (නොවැ: 13) ඉදිරිපත් කළ අයවැය යෝජනා මාලාවේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම සඳහා යෝජනා කිහිපයක් සඳහන් විය.

“ශ්‍රී ලංකාවේ වෛද්‍ය පර්යේෂණ ලෝකයේ සෙසු රටවල්වල මට්ටමට ගෙන ඒම සඳහා වෛද්‍ය හා සෞඛ්‍ය පර්යේෂණ සඳහා ආයෝජන වැඩි කිරීමට මා බලාපොරොත්තු වෙනවා. වෛද්‍ය පර්යේෂණ ආයතනයේ යටිතල පහසුකම් හා රසායනාගාර පහසුකම් ශක්තිමත් කිරීමේ මුල් අදියර සඳහා රුපියල් මිලියන 75ක් වෙන් කරනවා,” අයවැය ඉදිරිපත් කරමින් රනිල් වික්‍රමසිංහ පැවසීය.

ඊට අමතරව, “වෛද්‍යවරුන්ගේ වෘත්තීයභාවය වැඩිදියුණු කිරීමේ අරමුණින්, 2023 අයවැය මගින් ඉදිරිපත් කළ වෛද්‍යවරුන් සඳහා පශ්චාත් උපාධි අවස්ථා පුළුල් කිරීමේ යෝජනා අනුව දැනට එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන විශ්වවිද්‍යාලවලට අමතරව කැලණිය, ශ්‍රී ජයවර්ධනපුර සහ රජරට විශ්වවිද්‍යාල ද එම වැඩපිළිවෙළට ඇතුළත් කරන,” බව ද ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පවසන්නේ, “මෙරට රැඳී සිටින වෛද්‍යවරුන් වැටුප්, නිල නිවාස ඇතුළු ප්‍රශ්න රැසකින් පීඩා විඳින,” බවය.

වෛද්‍යවරුන් ශ්‍රී ලංකාවේ රඳවා ගැනීමට අවශ්‍ය නම් ඔවුන් මුහුණ දෙන ගැටලුවලට විසඳුම් ලබා දීමට රජය පියවර ගත යුතු බව ඔහු පවසයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මාරාන්තික රෝග සඳහා අධාර ඉල්ලුම්කරුවන්ගෙන් 46%කට ගෙවා නැති ජනාධිපති අරමුදල මන්ත්‍රීවරු 02කට විදෙස් ප්‍රතිකාර සඳහා එක් කෝටි අනූ ලක්ෂයක් වියදම් කරලා!

Next Post

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන්න අපේ ක්‍රිකට් පාලක මණ්ඩලය ඉල්ලීම්  කළ හැටි සජිත් හෙළි කරයි…

Related Posts

සෞඛ්‍යය

කිරි එළදෙනුන්ගේ බුරුලු ප්‍රදාහය හඳුනා ගැනීමටත් කෘතිම බුද්ධිය……

ඔක්තෝබර් 18, 2024
සෞඛ්‍යය

සීනි පාලනය කරන සීනි පළතුර… සීනි අනෝදා….

ජනවාරි 7, 2024
සෞඛ්‍යය

ඉරට මුවා වී රෝගීවන දුබල මිනිස්සුන්ට ලබා දිය හැකි බිම්මල්  සත්කාරය….

නොවැම්බර් 12, 2023

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.