බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

IRIS Dena නෞකාව ගිලී යන්නේ ලෝක අර්ථියත් බුන්බත් කරමින් ද?… නැව ගිලුනට පසු වෙච්චි දේ කියවන්න…

by editor
මාර්තු 5, 2026
in සමාජ
dena
Share on FacebookShare on Twitter

කපිල කේ හීනටියන –

ශ්‍රී ලංකාවට ඔබ්බෙන් වූ මුහුදේ යාත්‍රා කරමින් තිබූ  Iris Dena ඉරාන යුද නෞකාවකට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරය යුද්ධයේ මෙතෙක් පැවති ස්වරූපය සහ ව්‍යාප්තිය සම්පූර්ණයෙන් වෙනස් මගකට යොමු වී තිබේ.  

ඊයේ (04)  දිනය වනතුරු  පර්සියානු ගල්ෆ් කලාපයට සහ හෝමුස් සමුද්‍ර සන්ධියට පමණක් සීමා වී තිබූ සෘජු යුද ගැටුම්, ඉන්දියන් සාගරය සහ ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු කලාපය දක්වා ව්‍යාප්ත වීමෙන් මෙය තවදුරටත්  හුදෙක් කලාපීය ගැටුමක් නොව ගෝලීය නාවික යුද්ධයක (Global Maritime War) ස්වරූපය ගෙන ඇත.

ශ්‍රී ලංකාව අසල මෙම ප්‍රහාරය සිදුවීම හේතුවෙන් ඉන්දියාව, ජපානය සහ ඉන්දුනීසියාව වැනි ආසියානු රටවලට මැදපෙරදිගින් ලැබෙන තෙල් සැපයුම සම්පූර්ණයෙන්ම අඩාල වී  තිබේ. ආසියානු රටවල් තෙල් සැපයුමෙන් සියයට 60ක් සපුරා ගන්නේ මැදපෙරදිග කලාපයෙනි. මේ වනවිට ඔවුහු විකල්ප මාර්ග සොයමින් සිටිති.

ඉන්දියාවේ ප්‍රධාන පිරිපහදු මධ්‍යස්ථාන වන Mangalore Refinery සහ Petronet LNG වැනි ආයතන ආරක්ෂක අවදානම තක්සේරුවකින් පසු  දැනටමත් සිය නිෂ්පාදන කටයුතු සීමා   තීරණය කර තිබේ.   ඉන්දියාව රුසියාවෙන් වැඩිපුර තෙල් මිලදී ගැනීම කෙරෙහි ද අවධානය යොමු කර තිබේ. ඉන්දුනීසියාව සහ ජපානය ඇමරිකාවෙන් වැඩිපුර තෙල් ලබා ගැනීමට උත්සාහ කරමින් ඇත. මේ තත්ත්වය තුළ ශ්‍රී ලංකාවේ අපි වෙනස්වන ගෝලීය තත්ත්වයේ  ඍජු බලපෑමක් එල්ල වීමේ දැඩි අවදානමක් අභියසය.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ඊයේ ප්‍රහාරයෙන් පසු…

ඊයේ  ප්‍රහාරය ඉරානය තව දුරටත් සිය මෙහෙයුම් තීව්‍ර කිරීමේ පියවරකට තල්ලු කළේය. මේ වනවිට   හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නාවික ගමනාගමනය පස්වන දිනටත් අඩාල කර ඇත. එබැවින්  මැදපෙරදිගින් ගලා එන අත්‍යවශ්‍ය තෙල් සහ ගෑස් සැපයුම  ඇහිරී ගොස්ය.

ශ්‍රී ලංකාව අසල ප්‍රහාරයේ ඍජු ප්‍රතිඵලයක් ලෙස නාවික  රක්ෂණ ගාස්තු 500%කින් ඉහළ ගොස් ඇත.   සාමාන්‍යයෙන් රක්ෂණ සමාගම් ගාස්තු තීරණය කරන්නේ නෞකා ගමන් කරන මාර්ගයේ ආරක්ෂාව මතයි. මීට පෙර ආරක්ෂිත යැයි සැලකූ ඉන්දියන් සාගරයේ ශ්‍රී ලංකාව අසල  දී යුද නෞකාවකට ප්‍රහාර එල්ල වීමත් සමඟ, මුළු කලාපයම “අධි අවදානම් කලාපයක්” (High-risk zone) ලෙස රක්ෂණකරුවන් නම් කර තිබේ.

ගෝලීය තෙල් මිලෙහි ඉහළ යෑම   හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන සැපයුම අඩාලවිමත් සමග සිදුවිය.     ලෝක තෙල් සැපයුමෙන් 20%ක් ගමන් කරන්නේ හොමුස් සමුද්‍ර සන්ධියෙන් බැවින්, එහි සිදුවන සුළු හෝ අවහිරතාවක් ලෝක වෙළඳපොළේ තෙල් මිල කෙරෙහි ක්ෂණික බලපෑමක් ඇති කරන්නේය. එහෙත් එම මිල  12%ක අවසාන ඉහළ අගයකට පැමිණීම සඳහා ශ්‍රී ලංකාව අසල සිදුවූ ප්‍රහාරය බලපා ඇති ආකාරය රොයිටර් වාර්තා කළේය.

ඉන්ධන සැපයුමට එල්ල වූ ඉරාන ප්‍රහාර

iran

පසුගිය සෙනසුරාදා සිට ආරම්භ වූ මෙම ගැටුම් මාලාව තුළ හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව අවම වශයෙන් නෞකා අටකට ප්‍රහාර එල්ල වී තිබේ.  ඒ අතර ද්‍රව ස්වභාවික වායු (LNG) සහ බොරතෙල් ප්‍රවාහනය කරන නෞකා ද වේ. බදාදා දිනයේදී මෝල්ටා ධජය යටතේ යාත්‍රා කළ ‘Safeen Prestige’ නෞකාවට ප්‍රහාරයක් එල්ල වීමෙන් පසු එහි කාර්ය මණ්ඩලය නෞකාව අතහැර ගොස් ඇති බව බ්‍රිතාන්‍ය නාවික ඒජන්සිය (UKMTO) පවසයි. මීට අමතරව, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆුජයිරා වරායට ඔබ්බෙන් ‘Libra Trader’ සහ ‘Gold Oak’ යන නෞකාවලට ද සුළු හානි සිදුව ඇති බව වාර්තා වේ. . ‘Safeen Prestige’ වැනි වාණිජ නෞකාවලට ද ප්‍රහාර එල්ල වීමත් සමග  නැව් හිමියන් සහ කාර්ය මණ්ඩල ස්වකීය ගමන් වාර අවලංගු කරමින් සිටිති.

නිරන්තරයෙන් එල්ල වන මෙම ප්‍රහාර හේතුවෙන් ඉරාකය, සවුදි අරාබිය සහ කුවේටය වැනි ප්‍රධාන නිෂ්පාදකයින් සිය තෙල් තොග නෞකාවලට පටවා ගැනීමට නොහැකිව දැඩි අර්බුදයකට මුහුණ දී සිටිති.  කටාර් රාජ්‍යයේ බලශක්ති නිෂ්පාදන මධ්‍යස්ථාන ඉලක්ක කරගත් ප්‍රහාර හේතුවෙන් එරට ගෑස් නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට සිදුව ඇත., සවුදි අරාබියේ ප්‍රධානතම අපනයන පර්යන්තයක් වන ‘රාස් තනුරා’ වෙත ද බදාදා දිනයේදී ප්‍රහාර එල්ල විය.

මේ තත්ත්වය තුළ  කටාර් රාජ්‍යය සිය ගෑස් නිෂ්පාදනය බදාදා සිට සම්පූර්ණයෙන්ම අත්හිටුවන බවත්, යථා තත්ත්වයට පත්වීමට අවම වශයෙන් මාසයක් ගතවනු ඇති බවත් රොයිටර් පුවත් සේවයට වාර්තා වී ඇත. ප්‍රධාන ගෑස් නිෂ්පාදකයෙකු වන QatarEnergy සමාගම ද තම නිෂ්පාදන පහසුකම්වලට එල්ල වූ ප්‍රහාර හේතුවෙන් සැපයුම් සම්බන්ධයෙන් ‘අපේක්ෂිත නොවන බාධා’ (Force Majeure) ප්‍රකාශයට පත් කර තිබේ.

ඉරාකය ද සිය තෙල් නිෂ්පාදනය කප්පාදු කර ඇති අතර, සවුදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කුවේට් රාජ්‍යය ද සිය තෙල් අපනයනය කරගත නොහැකිව දැඩි අර්බුදයකට මුහුණ දී සිටී.

Reuters පුවත් සේවය සහ MarineTraffic දත්ත වාර්තාවලට අනුව, ඉරාකය, සවුදි අරාබිය සහ කටාර් වැනි ප්‍රධාන ගල්ෆ් කලාපීය නිෂ්පාදකයින්ගේ වෙරළට ඔබ්බෙන් වූ විවෘත මුහුදේ තෙල් සහ ද්‍රව ස්වභාවික වායූ (LNG) ප්‍රවාහනය කරන නෞකා ඇතුළු නැව් 200ක් පමණ මේ වන විට නැංගුරම් ලා තිබේ. තවත් නෞකා සිය ගණනක් හෝමුස් සමුද්‍ර සන්ධියට ඇතුළු වීමට නොහැකිව පිටත රැඳී සිටින බව නාවික දත්ත පෙන්වා දෙයි. ලොව තෙල් සහ LNG සැපයුමෙන් පහෙන් එකක් පමණ ගමන් කරන්නේ මෙම තීරණාත්මක මුහුදු මාර්ගය හරහා ය.

ට්‍රම්පට පුලුවන් ද?

ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් සඳහන් කරන්නේ  ගල්ෆ් කලාපයේ මුහුදු වෙළඳාම සඳහා මූල්‍ය සහතික සහ දේශපාලන අවදානම් රක්ෂණ ලබා දෙන ලෙස තමන් උපදෙස් දී ඇති බවයි. “ලෝකයට බලශක්ති ගලායාම සහතික කිරීමට ඇමරිකාව ඕනෑම පියවරක් ගනු ඇත,” යනුවෙන් ඔහු සමාජ මාධ්‍ය සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ. ඇමරිකාව ඉරාන යුද නැවට ශ්‍රී ලංකාව අසල දී ප්‍රහාර එල්ල කරන්නේ ඒ ප්‍රකාශයට පසුවය. තත්ත්වය මේ වනවිට අර්බුදය තවත් උග්‍ර වීමය. නාවික රක්ෂණ ගාස්තුව පස් ගුණයකින් වැඩි වීමය.  ඇමරිකානු නාවික හමුදාව ගෝලීය යුද්ධයක් වෙනුවෙන් අවතීර්ණ වී තත්ත්වය තවත් සංකීර්ණ කිරීමය. මෙය හුදෙක් ඉරානයට එරෙහි ප්‍රහාරයක් නොව, ජාත්‍යන්තර මුහුදු මාර්ගවල බලය තහවුරු කර ගැනීමේ දැවැන්ත මිලිටරි මෙහෙයුමක් බවට පත්ව තිබේ.

මේ වනවිට  Goldman Sachs බැංකුව පවසන්නේ ඉදිරියේදී Brent වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 76 දක්වා ඉහළ යා හැකි බවයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන ආකාරයට මැදපෙරදිග සිට පැමිණෙන සියලුම නෞකාවලට ඇමරිකාව විසින් පමණක් ආරක්ෂාව   සැපයීම ප්‍රායෝගිකව ඉතා අපහසු මෙන්ම අතිවිශාල පිරිවැයක් දැරිය යුතු කාර්යයකි. ලෝකයේ ප්‍රධානතම නෞකා සංගමයක් වන BIMCO හි ආරක්ෂක නිලධාරී ජාකොබ් ලාර්සන් පෙන්වා දෙන්නේ  දැනට තර්ජනයට ලක්ව ඇති ප්‍රදේශයේ ක්‍රියාත්මක වන සියලුම ටැංකි නෞකා සඳහා ආරක්ෂාව ඇමරිකාවෙන් බලාපොරොත්තු වීම   අතාත්වික   අපේක්ෂාවකි.

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා දිනකට නෞකා විශාල ප්‍රමාණයක් ගමන් කරයි.  මේ සියල්ලට ආරක්ෂාව සැපයීමට නම් ඇමරිකානු නාවික හමුදාවට අයත් යුද නෞකා සහ ගුවන් යානා අතිවිශාල ප්‍රමාණයක් මෙම කලාපයේ ස්ථාවරව රඳවා තැබීමට සිදුවේ.

මෙවැනි මෙහෙයුමක් සඳහා ඇමරිකානු රජයට දැරීමට සිදුවන පිරිවැය ආකාර කිහිපයකි. එකක්ඉන්ධන සහ නඩත්තු පිරිවැය ය.  එක් යුද නෞකාවක් දිනකට මෙහෙයවීම සඳහා ඩොලර් ලක්ෂ ගණනක පිරිවැයක් දැරිය යුතුය. සමහර විට එම පිරිවැය ඩොලර් මිලියන ගණනක් දක්වා වැඩි වේ.

එමෙන්ම මිසයිල සහ පතොරොම් පිරිවැය ගණනය කළ යුතුය. නෞකා ආරක්ෂා කිරීමේදී ඉරාන ඩ්‍රෝන හෝ මිසයිල ප්‍රහාර ව්‍යර්ථ කිරීමට භාවිතා කරන එක් ආරක්ෂක මිසයිලයක   මිල ඩොලර් මිලියනය ඉක්මවයි.

ට්‍රම්ප් ප්‍රකාශ කළ පරිදි ‘International Development Finance Corporation’ හරහා රක්ෂණ සහ මූල්‍ය සහතික ලබා දීම යනු, යම් හෙයකින් නෞකාවක් විනාශ වුවහොත් එහි සම්පූර්ණ වන්දිය ඇමරිකානු රජය විසින් ගෙවිය යුතු වීමය. මෙය ඩොලර් බිලියන ගණනක අවදානමකි.

හුදකලාව මෙම ආරක්ෂාව සැපයීමට යාමෙන් ඇමරිකානු නාවික හමුදාව සෘජුවම ඉරාන ප්‍රහාරවල ඉලක්ක බවට පත් වේ. මෙය යුද්ධය තවදුරටත් දිග්ගැස්සීමට හේතු වන අතර, ඇමරිකානු බදු ගෙවන්නන්ගේ මුදල් විදේශීය යුද්ධයක් සඳහා වැය කිරීම සම්බන්ධයෙන් ඇමරිකාව තුළම දේශපාලන අර්බුදයක් නිර්මාණය විය හැකිය.

පැහැදිලි වන්නේ  ඇමරිකාවට මෙය තනිවම කළ හැකි ප්‍රායෝගික මෙහෙයුමක් නොවන බවය.  බොහෝ විට ඔවුන්ට සිය මිත්‍ර රටවල (බ්‍රිතාන්‍යය, ප්‍රංශය, සහ අරාබි රටවල්) සහය ලබාගෙන ‘නාවික සන්ධානයක්’ ලෙස මෙහෙයුම් දියත් කිරීමට යම් පමණකට හැකි වුව ද ඒ සඳහා මේ වනතුරු මතුවන සාකච්ඡාවක් නැත.

අප දකින්නේ මේ පියවරට ප්‍රවේශ වන්නේ නම් මෙම අර්බුදය දිග් ගැස්සෙන ලෝක යුද්ධයක් බවට පත් වීමට ඉඩ ඇති බවය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අපි IRIS Dena  නෞකාවට ප්‍රහාරයක් එල්ල නොවූ බව කියා පැය දෙකක් යන්න පෙර ඇමරිකාව ප්‍රහාරයේ වගකීම භාරගත් හැටි!

Next Post

පිපිරී ගිය ඉරාන නෞකාවේ නාවිකයන්ගේ මළ සිරුරුවලින් කරාපිටිය මෘත ශරීරාගාරය පිරෙයි… අතිරේක ශීතාගාරයක් ගෙන්වීමට සැලසුමක්!

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.