සඳුදා, ජූලි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සංස්කෘතිය

ජාතියේ අභිමානය ලේඛණගත කරන විශිෂ්ට ශාස්ත්‍රීය ප්‍රයාමයක තුන්වන අදියර – “උරුමයක අරුමය – දෙගල්දෝරුව“ හෙට එළි දකී…

by editor
ජූලි 6, 2026
in සංස්කෘතිය
Share on FacebookShare on Twitter

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යළිත් විශිෂ්ඨ ශාස්ත්‍රීය ප්‍රයාමකය. බෞද්ධ සංස්කෘතික සම්ප්‍රදායේ උත්කෘෂ්ඨ කලාත්මක ප්‍රකාශනයන්වන පුරාණ විහාර සිතුවම් සංරක්ෂණ ග්‍රන්ථ මාලාවේ තුන්වැනි කෘතිය උරුමයක අරුමය – දෙගල්දෝරුව ලෙස හෙට පදනම් ආයතනයේ දී එළි දැක්වෙන්නේය. එම සද්කාර්යය සිදුවන්නේ 136 වැනි පුරාවිද්‍යා දිනයට සමගාමීව පැවැත්වෙන ජාතික පුරාවිද්‍යා සමුළුවේ දී අගමැතිනී ආචාර්ය හරිනී අමරසූරිය, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි ඇතුළු සම්භාවනීය විද්වත් පර්ෂදයක දී ය.

උරුමයක අරුමය ග්‍රන්ථ මාලාව මේ රටේ විහාර සිතුවම් කලාව සංරක්ෂණය වෙනුවෙන් ගනු ලැබූ විශිෂ්ඨ ප්‍රවේශයකි. මින් පෙර ලෝක අවධානයට ලක් වූ කැලණි විහාර සිතුවම් සංගෘහිතයය සහ කොට්ඉඹුල්වල විහාර සිතුවම් සංගෘහිතය මේ ග්‍රන්ථ මාලාවේ මින් පෙර එළි දැක්වූ කෘතීන්ය. සිතුවම් තලයක් විද්‍යාත්මක පදනමක් මත කොටුවලට බෙදා  කාච විවරය, දුර, අලෝකය සහ ෂටර වේගය (Shutter Speed) එකම ආකාරයක ඡායාරූප අනාවරණයක් ලබා දෙන ආකාරයට  කළමනාකරණය කරගනිමින් අතිශය සංයමයකින් යුතුව සිදුකළ යුතු මේ විශිෂ්ට ඡායාරූපකරණය සිදුකර තිබුණේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ඡායාරූප ශිල්පී අර්ජුන සමරවීර විසිනි. මේ පර්යේෂණ ප්‍රයාමය එළි දක්වන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයක් ලෙසය.

කෘතිය ප්‍රමාණයෙන් අඟල් 12.5ක් පළලය. අඟල් 18.6ක් උසය. 150gsm ප්‍රමිතියේ පිටු 340කි. කෘතියේ මිල රුපියල් 32, 720කි. ග්‍රන්ථය එළි දකින හෙට දිනයේ   සියයට 25ක වට්ටමකට ගන්ථය මිල දී ගත  හැකිය.

දෙගල්දෝරුව

කෘතිය ගැන

උරුමයක අරුමය – දෙගල්දෝරුව කෘතිය යනු මහනුවර යුගයේ අග්‍රේසර මහා කලාගාරය වූ දෙගල්දෝරුව රජමහා විහාරයේ පූර්ණ ශාස්ත්‍රීය සංක්ෂිප්තයකි.  මේ ග්‍රන්ථයේ අගය සහ   තෝරා ගැනීමට දෙගල්දෝරුව ගැන කියවා ගත යුතුය.

මහනුවර සම්ප්‍රදායට අයත් පැරණි බිතුසිතුවම් කලාවේ අතිවිශිෂ්ඨතම සහ පරිපූර්ණතම නිදසුන ලෙස විද්වතුන්ගේ සම්භාවනාවට පාත්‍ර වන දෙගල්දෝරුව රජමහා විහාරය, මහනුවර දිස්ත්‍රික්කයේ සිරිමල්වත්ත පල්ලේගම ග්‍රාමීය පරිසරයකය.

RelatedPosts

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 2කින් දීර්ඝ කිරීමේ යෝජනාවක් හෙට කැබිනට් මණ්ඩලයට

ආරක්ෂක බුද්ධි අංශ අනතුරු අඟවයි: දෙවිනුවර පෙරහරේ කාවඩි සංදර්ශනය පොලිස්පති නියෝගයෙන් තාවකාලිකව අත්හිටුවයි!

බෙල්ලන්විල අවන්හල් හිමිකරු ඝාතනයේ සුලමුල හෙළි වෙයි: වෙඩික්කරු යුද්ධ හමුදාවෙන් පලා ගිය අයෙක් – සැකකරුවන් නවගමුවේදී පොලිස් උගුලකට හසුවෙයි!

පුරාවිද්‍යාත්මක වටිනාකම අතින් ‘A’ ශ්‍රේණියේ විහාරස්ථානයක් ලෙස වර්ගීකරණය කර ඇති මෙම පුදබිම, එහි ඇති සුවිශේෂී සිතුවම් කලාව හේතුවෙන් ම දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ගේ ද දැඩි ආකර්ෂණයට හා ගෞරවයට ලක්ව ඇත්තේය. මෙම විහාරයේ ඉතිහාසය සමීපව බැඳී පවතින්නේ මහනුවර රාජධානියේ අවසාන කාලවකවානුවේදී ඇතිවූ සුවිශේෂී ශාසනික හා සංස්කෘතික පුනර්ජීවනය සමඟය.

කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ සෘජු අනුග්‍රහය සහ මඟපෙන්වීම යටතේ 1771 වර්ෂයේදී මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇති අතර, විහාරයේ වැඩකටයුතු සම්පූර්ණයෙන්ම නිමා කරලීමට හැකිවූයේ පසුව රාජ්‍යත්වයට පත් රාජාධිරාජසිංහ රජුගේ පාලන සමයේදීය. වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමිපාණන් වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යරත්නයක් වූ මොරතොට හිමියන්ගේ සෘජු අධීක්ෂණය හා උපදෙස් මත මෙම සමස්ත කලාත්මක නිර්මාණයන් සිදුවූ අතර, 1786 වර්ෂයේදී මෙම ඓතිහාසික පුදබිම මහා සංඝරත්නය උදෙසා සංඝ සන්තක කර පූජා කර ඇත.

ප්‍රභූ සිත්තරුන් සිවු දෙනෙකුගේ දායකත්වය සහ අනන්‍ය කලා ශිල්ප ක්‍රම

දෙගල්දෝරුව බිතුසිතුවම්වල ඇති සුවිශේෂීම සහ ඓතිහාසිකම ලක්ෂණය වන්නේ, සමකාලීනව විසූ දක්ෂතම සහ ප්‍රවීණතම සිත්තරුන් සිව්දෙනෙකුගේ සාමූහික දායකත්වයෙන් හා ශ්‍රමයෙන් මෙය නිර්මාණය වීමය.

  • ප්‍රධාන ගිහි සිත්තරා ලෙස කටයුතු කළ නිලගම පටබැන්දා,
  • මහනුවර යුගයේ අතිවිශිෂ්ඨතම සිත්තරා ලෙස අදටත් සලකනු ලබන දෙවරගම්පල සිල්වත්තැන,
  • කොස්වත්තේ සිත්තර නයිදේ සහ
  • නම සඳහන් නොවන නමුත් සමහර ඓතිහාසික මතයන්ට අනුව දේවේන්ද්‍ර මූලාචාරී ලෙස විශ්වාස කෙරෙන විශිෂ්ඨයා මෙලෙස තම අසිරිමත් වර්ණ සංයෝජනයන් දෙගල්දෝරුව බිත්තිය මත සටහන් කර ඇත.

මහනුවර සිතුවම් කලාවේ සියලුම සාම්ප්‍රදායික ලක්ෂණ උපරිම අයුරින් නිරූපණය වන පරිදි, ස්වාභාවික පරිසරයෙන් සපයා ගත් සාදලිංගම්, ගොකටු, නිල් අවරිය සහ මකුළු මැටි වැනි ස්වාභාවික වර්ණක භාවිත කිරීම නිසා මෙම සිතුවම් ශතවර්ෂ ගණනාවක් ඉක්මවා ගියත් අදටත් නොවෙනස්ව දීප්තිමත්ව පවතී.

දෙගල්දෝරුව සිතුවම්…

මෙහි කථා පුවත් ඉදිරිපත් කිරීම සඳහා ‘අඛණ්ඩ කථන ක්‍රමය’ භාවිත කර ඇති අතර, වෙස්සන්තර, මහාසීලව, සුතසෝම සහ සත්තුභත්ත වැනි ජාතක කථා නිරූපණය කර ඇත්තේ කතාවේ ගලායාම ප්‍රේක්ෂකයාට අඛණ්ඩව ග්‍රහණය කරගත හැකි පරිදි සකස් කළ තීරුවල ය. ගිරි ලෙනේ වියන මත ඇඳ ඇති ‘මාර පරාජය’ සිතුවම අතිශය විචිත්‍රවත් මෙන්ම ජීවමාන ගුණයෙන් යුක්ත වන අතර, මීට අමතරව සූවිසි විවරණය සහ දිව්‍ය ලෝක දර්ශන ද එහි දැකගත හැකිය.

රූපවල කෘත්‍රිම ත්‍රිමාණ බවක් පෙන්වීමට උත්සාහ නොකර, චමත්කාරජනක රේඛාකරණය සහ පැතලි වර්ණ භාවිතයෙන් නෙතට ප්‍රිය දර්ශන මැවීමට එකල ශිල්පීන් සමත් වී ඇත. සමස්තයක් ලෙස ගත්කල, දෙගල්දෝරුව යනු හුදෙක් ආගමික සිද්ධස්ථානයක් පමණක් නොව, ලාංකේය සිත්තරාගේ මනෝභාවය සහ කලාත්මක ප්‍රෞඪත්වය ලොවට විදහා දක්වන “පාතදුම්බර කලාගාරය” ලෙස හැඳින්වීම වඩාත් සාධාරණය.

දෙගල්දෝරුව සිතුවම්…

විද්‍යාත්මක සංරක්ෂණ මෙහෙයුම

දෙගල්දෝරුව රජමහා විහාරයේ මෙම අමිල බිතුසිතුවම් උරුමය අනාගත පරපුර වෙනුවෙන් සුරැකීම සඳහා 1950 දශකයේ සිට විවිධ අවස්ථාවලදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මැදිහත් වී විද්‍යාත්මක පියවර රැසක් ගෙන ඇත. 1955 වසරේදී පුවත්පත් ලිපියක් මඟින් මෙම සිතුවම්වල පිරිහී යන තත්ත්වය පිළිබඳව මහජන අවධානය යොමු කිරීමෙන් පසු, 1957 වසරේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් විධිමත් සංරක්ෂණ කටයුතු ආරම්භ කරන ලදී. එහි මූලික පියවරක් ලෙස 1957 වසරේදී කඩා වැටීමට ආසන්නව තිබූ දුර්වල බදාම ස්තරයන් තහවුරු කිරීම සිදු කළ අතර, පසුව 1958 සහ 1959 වසරවලදී සිතුවම්වල බොල් වී (කුහර මතු වී) තිබූ ස්ථාන ශක්තිමත් කිරීම සඳහා විශේෂිත සෙලියුලෝස් බදාම (Cellulose plaster) භාවිතා කිරීමට පුරාවිද්‍යා නිලධාරීන් පියවර ගත්තේය. වර්ණ ස්තරය මත මතු වී තිබූ සුදු පැහැති දිලීර විශේෂයන් සඳහා රසායනික ප්‍රතිකාර කර ඒවා සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට ද මෙහිදී කටයුතු කෙරිණි.

විහාරය තුළ සාම්ප්‍රදායිකව පහන් දැල්වීම හේතුවෙන් සිතුවම් මත දිගුකාලීනව තැන්පත් වී තිබූ කාබන් අංශු (පහන් දැලි) ඉවත් කර සිතුවම් පිරිසිදු කිරීමේ සංකීර්ණ කටයුත්ත 1967 වසරේදී ඉතාලි ජාතික ප්‍රවීණ සංරක්ෂණ ශිල්පී ලුසියානෝ මරන්සිගේ මූලිකත්වයෙන් සහ උපදෙස් මත සාර්ථකව සිදු කරන ලදී.

ඇතැම් ස්ථානවල පැරණි සිතුවම් මත පසුව අඳින ලද සිතුවම් ස්තර ඉවත් කර, යටපත් වී තිබූ මහනුවර යුගයේ මුල් සිතුවම්  මතු කර ගැනීමට ද මෙමඟින් හැකි විය.

නූතන තාක්ෂණය උපයෝගී කරගනිමින්, සිතුවම් පිරිහීමට පත්වීම වැළැක්වීමේ මූලික පියවරක් ලෙස 2016 වසරේදී සිතුවම්වල ඩිජිටල් ඡායාරූප වාර්තාවක් සකස් කිරීම ආරම්භ විය. මෙහිදී සිතුවම් මතුපිට යාන්ත්‍රිකව පිරිසිදු කිරීම, ජාල දර්ශක (grids) ඇසුරින් මිනුම් ලබා ගැනීම සහ නිවැරදි ආලෝකකරණය යටතේ ඡායාරූප ලබා ගැනීම සිදු විය.

හෙට ග්‍රන්ථයක් ලෙස එළි දකින්නේ ඒ ශාස්ත්‍රීය ඡායාරූපකරණයේ ලේඛණගත කළ සංකරණය ය. “උරුමයක අරුමය – දෙගල්දෝරුව“  කෘතිය ජාතික වැදගත්කමක් සහිත දැවැන්ත සලකුණක් වන්නේ අර්ථයෙනි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

Next Post

මීගමුව බන්ධනාගාර ගැටුම දෙවැනි දිනටත් ඇවිලෙයි… නිලධාරීන් 4ක් ඇතුළුව අද 25ක් ඝාතනය වෙයි.. තුවාල ලැබූ ගණන 90 දක්වා ඉහළට!

Related Posts

සංස්කෘතිය

2333 වැනි පොසොන් උදාන අභිමුව:   ප්‍රාග් බෞද්ධ ලංකාවේ ආගමික චින්තනයේ විචිත්‍රවත්  වූ සිංහල බෞද්ධ ජන ආගමික සම්ප්‍රදාය ගැන කතාවක්!

ජූනි 29, 2026
vesak
සංස්කෘතිය

සිංහලයේ වෙසක් උත්සවය හෙවත් සහශ්‍ර දෙකකට අධික අඛණ්ඩ ජන උරුමයක සජීවී ප්‍රකාශනය! – මහාවංසය කියන කතාවක්…

මැයි 30, 2026
sri-maha-bodhi
සංස්කෘතිය

අමරිකාවට වැඩිය ජය ශ්‍රී මහා බෝධිය ටෙක්සාස් පොළොවේ පැල කරගන්න පඤ්ඤාකර හිමියන්ට උපකාර කරන විද්‍යාත්මක මෙහෙයුමේ කතාව….

මැයි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
cases-are-piled-up-in-the-courts

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 2කින් දීර්ඝ කිරීමේ යෝජනාවක් හෙට කැබිනට් මණ්ඩලයට

ජූලි 26, 2026

ආරක්ෂක බුද්ධි අංශ අනතුරු අඟවයි: දෙවිනුවර පෙරහරේ කාවඩි සංදර්ශනය පොලිස්පති නියෝගයෙන් තාවකාලිකව අත්හිටුවයි!

ජූලි 26, 2026
sajith-premadasa

විශ්වාසභංගයෙන් භංග වුණේ විපක්ෂ නායකයාගේ විශ්වාසයයි! – නියෝජ්‍ය ඇමැති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන කියයි!

ජූලි 26, 2026
ADVERTISEMENT
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • බෙල්ලන්විල අවන්හල් හිමිකරු ඝාතනයේ සුලමුල හෙළි වෙයි: වෙඩික්කරු යුද්ධ හමුදාවෙන් පලා ගිය අයෙක් – සැකකරුවන් නවගමුවේදී පොලිස් උගුලකට හසුවෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ආරක්ෂක බුද්ධි අංශ අනතුරු අඟවයි: දෙවිනුවර පෙරහරේ කාවඩි සංදර්ශනය පොලිස්පති නියෝගයෙන් තාවකාලිකව අත්හිටුවයි!

    172 shares
    Share 69 Tweet 43
  • වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 2කින් දීර්ඝ කිරීමේ යෝජනාවක් හෙට කැබිනට් මණ්ඩලයට
  • ආරක්ෂක බුද්ධි අංශ අනතුරු අඟවයි: දෙවිනුවර පෙරහරේ කාවඩි සංදර්ශනය පොලිස්පති නියෝගයෙන් තාවකාලිකව අත්හිටුවයි!
  • විශ්වාසභංගයෙන් භංග වුණේ විපක්ෂ නායකයාගේ විශ්වාසයයි! – නියෝජ්‍ය ඇමැති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.