සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

කෙල්ලො ටික දිනුම්… ඒක හුස්ම හිරවෙන තරගයක්…

අවසන් මහා තරගයට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ඉරිදා දඹුල්ලේ දී තරග වැදීමට නියමිතයි!

by editor
ජූලි 26, 2024 - Updated on ජූලි 27, 2024
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

රන් ගිරි දඹුළු ක්‍රීඩාංගනය ආශ්වාදනීය ජීව ගුණයකින් පිරී තිබිණි. ඉතිසාහසයේ මුල්ම වරට කාන්තා ක්‍රිකට් තරග නැරඹීමට ක්‍රීඩා ලෝලීහු රොද බඳමින් සිටිති. ඒ දැකීම ක්‍රිකට් වෙනස් වී ඇති බව ඉඟි කරනු සේය.

මිනිස්සු ක්‍රිකට්වල ආත්මය සොයමින් සිටිති. රට ප්‍රමුඛ කරගත් ගැඹුරු ජයග්‍රහණ ප්‍රාර්ථනා කරති. අප දකින්නේ සියල්ලෙන් පරාජිත වී සිටිය දී ක්‍රිකට් තරගයක ජයග්‍රහණය හෝ ප්‍රාර්ථනා කරන මිනිස්සුය. ඒ මිනිස්සුන්ට දිනන්නට බැරිනම් ගෞරවණීය පරාජයක් වුවද ප්‍රමාණවත්ය. පකිස්ථාන ශ්‍රි ලංකා අවසන් පූර්ව තරගය දකින්නට රොක් වුන මිනිස්සුන්ගේ සිනා පිරුණු මුහුණු අපට කීවේ ඒ කතාවය.

අවසන් පූර්ව තරගයක තිබිය යුතු තියුණු උත්කර්ෂය සහිතව කළ තරගයක් අවසානයේ දී ආසියානු කුසලාන දෙවන අවසන් පූර්ව තරගයෙන් පකිස්ථානය පරදවා ශ්‍රි ලංකා කෙල්ලන් තරගයේ එක් පන්දුවක් ඉතිරිව තිබිය දී කඩුළු 03කින් දිනුම් ය. පකිස්ථාන කණ්ඩායම පරාජය වන්නේ ජයග්‍රහණය සඳහා අන්තිම පන්දුව තෙක් කළ තියුණු තරගයකින් අනතුරුවය.

චමරී අතපත්තු කාන්තා කණ්ඩායමේ යෝධ අරටුව බව යළිත් ලෝකය දුටුවේය. ස්වකීය අර්ධ ශතකය සමරනවාට වඩා පෙනෙමින් ඇති ජයග්‍රහණය වෙත ඉලක්ක වූ මනසක් සහිත නායිකාවකගේ දියුණු මනෝ භාවය නැවත වරක් චමරි අතපත්තුගෙන් දුටුවෙමු. අනපේක්ෂිත ලෙස නොවැදගත් පහරක් එල්ල කිරීමට ගොස් තීරණාත්මක මොහොතේ පිටියෙන් ඉවත්වන චමරී අතපත්තුගෙන් පසු පිටියට එන පසු පෙළ ක්‍රීඩිකාවන් එකම පිතිකරණ පරිචයක් සහිත ක්‍රීඩිකාව වූ අනුෂ්කා සංජීවනී සමග තරගය ජයග්‍රහණය කරා රැගෙන ගිය ආකාරය ආශ්වාදයෙන් යුතුව බලාගෙන සිටියෙමු.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

තරගය

දහවල් පැවති පළමු අවසන් පූර්ව තරගයෙන් බංගලාදේශය පරදවා ඉතා පහසු කඩුළු 10ක ජයග්‍රහණයක් ඉන්දියා කණ්ඩායම ලබාගෙන ඉරිදා පැවැත්වෙන අවසන් මහා තරගයට ප්‍රවේශ වූයේය.

දෙවන අවසන් පූර්ව තරගය පැවතුනේ පාකිස්ථානය හා ශ්‍රී ලංකාව අතරය. ශ්‍රි ලංකා නායිකා චමරී අතපත්තු කාසියේ වාසිය දිනා ගත්තාය. ඇය තේරුවේ මුලින් පන්දු රකිමින් පිතිකරණයේ දී ලකුණු හඹා යෑමය.

එහෙත් තරගයේ මුල් කාර්තුවේ දී අද පකිස්ථානයේ දිනය දෝ සිතිනි. අප දුටුවේ පන්දු යවන්නන්ගෙන් නිසි ඉලක්කය ගිලිහී ගොස් ඇති අයුරු ය. පෙර තරගවලී දුටු තියුණු පන්දු රැකීම වෙනුවට රැකගත යුතු උඩපන්දු මෙන්ම අර්ධ අවස්ථා කීපයක් ගිලිහී ගියා පමණක් නොව අවස්ථා දෙකකදී එම පහර හතරේ සීමාව ඉක්මවා ගියේය.

මේ පරිසරයේ පකිස්ථාන ආරම්භක පිතිකාරිණී යුවල වූ ගුල් ෆොරොසා සහ මුනීබා අලී පකිස්ථාන කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ආරම්භයක් ගොඩනැගූහ. මුල්ම කඩුල්ල බිඳී යන්නේ ලකුණු 61 දී ය. ෆොරෝසා ලකුණු 25කට මුලිම කඩුල්ල ලෙස දැවී යන්නේ  උදේශිකා ප්‍රබෝධිනී යැවූ පන්දුවකට ඉනෝෂි ප්‍රියදර්ශනී විසින් උඩ පන්දුවක් රැකගැනීමෙනි. ඒ 9 වැනි ඕවරයේ මුල්ම පන්දුවේදී ය. එම ඕවරයේ අවසන් පන්දුවේ දී පන්දුව කෙළින්ම කඩුල්ලේ දැවටීමෙන් මුනීබා අලි ලකුණු 37කට දැවී යන්නීය. කඩුළු දෙකම උදේශිකා ප්‍රබෝධිනීට ය.

ඉන් අනතුරුව සිද්‍රා අමින් සහ නායිකා නිදා ඩාර් ගේ කඩුළු දවා ගැනීමට කවීෂා දිල්හාරි සමත් වූවාය. නායිකාව වූ ඩාර් පන්දු 17ක දී ලකුණු 23ක් ලැබුවාය. ඒ හයේ පහරක් සහ හතරේ පහර දෙකක් සමගිනි.

පන්දු ඕවර 14.5ක් වනවිට පකිස්ථාන කඩුළු 4ක් ලකුණු 99කට බිඳී ගොස් තිබිණි. එසේ වුවද පක්ස්ථාන මැද පෙළ පිතිකාරිණියෝ ප්‍රදර්ශනාත්මක පිතිකරණයක නිරතවෙමින් 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 31ක් තුළ ලකුණු 41ක් රැස් කරමින් කඩුළු 4කට ලකුණු 140ක අභියෝගාත්මක ඉලක්කයක් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුන්හ.

ශ්‍රි ලංකා ඉනිම

එය පහසු ඉලක්කයක් නොවේ. විදුලි ආලෝකය යට ලකුණු හඹා යන කාන්තා ක්‍රිකට් කණ්ඩායමකට එය ආයාසකර උත්සාහයකි. ආරම්භක පිතිකාරිණියන් වූයේ විශ්මි ගුණරත්න සහ නායිකා චමරී අතපත්තුය.

එහෙත් මෑත තරගාවලි පුරාම සාර්ථක පිතිකරණයක නියැලෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ තාක්ෂණික රිද්මය සහිත වර්ණවත් ක්‍රීඩා විලාශයක් පෙන්වමින් සිටි විශ්මි ගුණරත්න පළමු පන්දු ඕවරයේ තුන්වැනි පන්දුවේ දී ලකුණු නොලබා දැවී ගියාය. මුල්ම කඩුල්ල දැවී යන්නේ ශ්‍රි ලංකා ක්‍රීඩිකාවන් එකම ලකුණක් හෝ ලබන්නට පෙරය.

අනතුරුව හර්ෂිතා සමරවික්‍රම ලකුණු 12කට දැවී ගියාය. හතරවන ඕවරයේ අවසන් පන්දුවේදී ඇය දැවී යන විට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 19ට කඩුළු 02කි.

අනතුරුව තුන්වැනි කඩුල්ල වෙනුවෙන් චමරි අතපත්තු සහ කවීෂා දිල්හාරි එක්ව ලකුණු 59ක සම්බන්ධතාවයක් ගොඩනැගූහ. ඉන් අනතුරුව කවීෂා 12 වැනි පන්දු ඕවරයේ 3 වැනි පන්දුවට කවීෂා දිල්හාරි ලකුණු 17කටත්, එම පන්දු ඕවරයේම අවසන් පන්දුවේ දී නිලක්ෂි සිල්වා ලකුණු නොලබාත් දැවී ගියහ. ඒ මේ තරගයේ පන්දු යැවීමේ වික්‍රමය කළ සාදියා ඉක්බාල්ගේ පන්දු හමුවේ ය. දැන් ශ්‍රි ලංකා කණ්ඩායම ලකුණු 78ට කඩුළු 04කි.

එක පිට එක කඩුළු වැටෙද්දි චමරි අතපත්තු එක් අන්තයක් ආවරණය කරමින් ක්‍රීඩා කළාය. ඇයට එක්වුනු කඩුළු රකින ක්‍රීඩිකා අනුෂ්කා සංජීවනී තරගය ක්‍රමයෙන් ගොඩනගනු පෙනුණි. මනරම් පිතිකරණයක යෙදුණු චමරී අතපත්තු පන්දු 48ක් තුළ හතරේ පහර 09ක් සහ එක් හයේ පහරක් සමග ලකුණු 63ක් ලැබුවාය. ඇය ඇයගේ අර්ධ ශතකය සැමරිය යුතු උත්කර්ෂයක් සේ නොසලකා කණ්ඩායම ජයග්‍රහණය වතෙ රැගෙන යන්නට දරන උත්සාහය බලා සිටි බොහෝ දෙනා තුළ ගැඹුරු හැඟීමක් ඇති කළ බව ලියා තැබිය යුතුය.

එහෙත් ක්‍රීඩා ලෝලීන් චමරි සමග ජයග්‍රහණයට යෑමට පහසු ඉලක්කයක් සේ පෙනුන පන්දු 20කට ලකුණු 21ක් ලබා ගැනීමට තිබූ අවස්ථාවේ දී චමරි අතපත්තු ඇයගෙන් බලාපොරොත්තු විය නොහැකි තරමේ වගකීම් රහිත රිවස් ස්වීප් පහරකට ගියාය. ඒ ශ්‍රි ලංකා ඉනිම බිඳ දමමින් සිටි පකිස්ථාන පන්දු යවන්නිය වූ සාදියා ඉක්බාල්ගේ පන්දුවක් ඉදිරියේ ය. ප්‍රතිඵලය කඩුල්ල කුඩු වී යෑමය.

චමරිගේ දැවී යෑමත් සමග තරගය පකිස්ථානය දෙසට දෝලනය වනු පෙනුනි. ඉන් අනතුරුව හසිනි පෙරේරා දුවද්දී දැවී යෑමකට හසුවූවාය. ඇය ලබා ගත්තේ ලකුණු 3කි. තරගය වෙනස් වන්නේ 7 වැනි කඩුල්ල වෙනුවෙන් පිටියට පැමිණි සුගන්ධිකා කුමාරි පන්දු 09කට ලකුණු 10ක් ලබා ගනිමින් වේගයෙන් පහර දෙමින් සිටි අනුෂ්කා සංජීවනීට එක් වෙමිනි.

අවසාන ඕවරයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලබා ගත යුතුව තිබුණේ ලකුණු තුනකි. පකිස්ථාන නායිකා නිඩා ඩාර් පන්දු යැවීමේ වගකීම ගත්තාය. ඇය මුල් පන්දු තුන යවන්නේ එකම ලකුණක්වත් ලබා නොදී සුරංගිකා කුමාරිගේ කඩුල්ලත් බිඳ දමමිනි. දැන් පන්දු 03ට ජයග්‍රහණය සඳහා ලකුණු 03ක් ලබා ගත යුතුය. එක් පන්දුවක් ඉතිරිව තිබිය දී ශ්‍රි ලංකා ක්‍රීඩිකාවෝ එම ඉලක්කය පසු කළහ.

අති විශිෂ්ට පන්දු යැවීමක යෙදුන සාදියා ඉක්බාල් සිය විස්සයි 20 අන්තර්ජාතික තරග ජීවිතයේ ඉහළම දක්ෂතාව සටහන් කරමින් පන්දු ඕවර 4ක් තුළ ලකුණු 16ට කඩුළු 04ක් ලැබුවාය. නිඩා ඩාර් සහ ඔමායිමා සොහායිල් කඩුල්ල බැගින් ලැබූ.

විය යුතු ලෙසම තරගයේ ක්‍රීඩිකාව චමරී අතපත්තුය.

එහෙත් කිව යුත්තේ අප දකින ලෙස නම් ඉන්දියානු කණ්ඩායම සමග තරගවැදී මුල්ම වරට ආසියානු විස්සයි 20 කාන්තා කුසලානය දිනා ගැනීමට අද ප්‍රකට කළ ක්‍රීඩා විලාශය නම් ප්‍රමාණවත් නොවන බවය. මේ අත්හළ උඩපන්දු සහ මේ අත්හල හතරේ පහර සහ විශ්වාසයක් නැති පන්දු රැකිම හමුවේ ලබා දුන් ලකුණු ඉන්දියාව සමග පැවැත්වෙන අවසන් මහා තරගයේ දී ලබා දුනහොත් කුසාලනය අපට බොහෝ දුර බව ලියා තැබිය යුතුය. ඔවුන් පිතිකරණයේ දී අපට අවස්ථා දෙකක් ලබා නොදෙන තරමට පන්දු යැවීම සහ රැකීම තියුණුය.

මේ බර වෙනදාට වඩා චමරිලාට දැනෙනු ඇත. අවසන් මහා තරඟයේ දී දඹුල්ල ක්‍රීඩාංගනය අතුරු සිදුරු නැතිව පිරෙන වාර්තාගත ප්‍රේක්ෂක සංඛ්‍යාවක් සහිත තරගයක් වනු ඇති බවට දැනට පෙනෙමින් තිබේ.

ජයග්‍රහණය නැති ජාතියට චමරිලා ජයග්‍රහණයක් වනු ඇතැයි සිතමු.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බොරළුගොඩ සිංහයාගේ පුතාටයි වැඩ තහනම් පොලිස්පතිටයි අනුරගෙන් අභියෝගයක්…

Next Post

ගංජා කොස්තාපල්ගේ වැඩ තහනම්!

Related Posts

ක්‍රීඩා

කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

ජූනි 26, 2026
ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.