LPL තරගාවලිය අතරතුර දී අබාධයට ලක්වන ශ්රී ලංකා කණ්ඩායමේ ප්රධානතම අපේක්ෂාවන් වූ වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර සහ ලහිරු කුමාර ආසියානු කුසලාන තරගාවලියෙන් ඉවත් කර තිබේ.
LPL තරගාවලිය තුළ වාර්තාගත දක්ෂතාවයක් ප්රකට කළ ක්රීඩකයා වනිඳු හසරංග වීමත් ඔහු ඉතා ඉහළින් දක්ෂතා අතරට ප්රවේශ වී සිටිය දී මෙම ආබාධයට ලක්වීම සම්බන්ධව පසුගිය රටේ දැඩි අවධානයට ලක් වි තිබේ.
මේ තත්ත්වය තුළ ශ්රී ලංකා තේරීම් කමිටුවට ආදේශකයින් තිදෙනෙකු ආසියානු කුසලාන සංචිතයට ඇතුළත් කර තිබේ.
නිල සංචිතය තවමත් ප්රකාශයට පත් කර නොමැති නමුත් මූලාශ්රවලට අනුව පහත ක්රීඩකයින් අවසන් 15 දෙනාට ඇතුළත් වනු ඇති බව newswire.lk පවසයි.
- දසුන් ශානක ( නායක )
පැතුම් නිශ්ශංක
දිමුත් කරුණාරත්න
කුසල් ජනිත් පෙරේරා
කුසල් මෙන්ඩිස්
චරිත් අසලංක
සධීර සමරවික්රම
ධනංජය ද සිල්වා
දුෂාන් හේමන්ත
දුනිත් වෙල්ලාලගේ
මහේෂ් තීක්ෂණ
ප්රමෝද් මධුෂාන්
කසුන් රාජිත
ඩිල්ෂාන් මධුශංක,
මතීෂ පතිරණ