බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

වෙනස වඳුරු නැටුම් නැති එක විතරයි… පන්දු 26 ක දී ලකුණු 21කට කඩුළු 07ක් දැවෙයි… ලකුණු 43කින් පරාදයි!

by editor
ජූලි 27, 2024 - Updated on ජූලි 28, 2024
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

පල්ලෙකැලේ ජාත්‍යාන්තර ක්‍රීඩාංගනයේ පැවැත් වූ ඉන්දියා – ශ්‍රි ලංකා විස්සයි20 තරගාවලියේ පළමු තරගය අවසන්ය.

සතුටු විය හැකි එක දෙයක් තිබිණි. කරාබු ගලවා කොණ්ඩ කපා,  හිසකෙස් කළු කරගෙන වැදගත් විදිහට හසරංගලා ක්‍රීඩාංගනයට පැමිණ සිටියහ. කඩුල්ලක් දවා ගත් පසු රිලා නැටුම් නැටුවේ නැත. කණ්ඩායමේ යම් හික්මීමක් දැකගත හැකි විය.

ඒත් තරගය  ලකුණු 43කින් පරාදය.

විශිෂ්ට ක්‍රීඩාවක් කළ පැතුම් නිශ්ශංක සහ කුසල් මෙන්ඩිස් ගොඩනැගූ බලාපොරොත්තු සහගත ආරම්භය සාහසික ලෙස විනාශ වී යනු දුටුවෙමු. මැද පෙළ ගොබ්බයින් මැච් එක හෑවේ ය.

අප තේරුම්ගත යුතු කතාවක් තිබේ. ඉන්දියාව ලංකාවට එව්වේ සිම්බාබ්වේ වෙත යැවූ කණ්ඩායමට සමාන කණ්ඩායමකි. විරාට් කෝලි නැත. රෝහිත් ශර්මා නැත. රවීන්ද්‍ර ජඩේජා නැත. කුල්දීප් යාදේව් නැත. ජස්පිට් බුම්රා නැත. සංජු සැම්සන් නැත. යුස්වේන්ද්‍ර චහාල් නැත. අප ලකුණු 43කින් පැරදුනේ ඔවුන් කිසිවෙක් නැති ඉන්දියානු කණ්ඩායමටය.

කාසියේ වාසිය දිනුවේ ශ්‍රී ලංකා කණ්ඩායමය. අපි පන්දු රැක්කේ
මැලේසියානු කාන්තා කණ්ඩායම සේය. පන්දු අත් හැරිය ආකාරයත්, අපට තරගය අහිමි බව ඉන්දියානු ඉනිමේ දීම පෙනුණි. ප්‍රතිඵලය වූයේ කිසිම කණ්ඩායමකට හඹා යෑම අපහසු ලකුණු 213ක ඉලක්කයකි.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

සූර්ය කුමාර් යාදේව්ගේ උඩපන්දුවක් අසිත ප්‍රනාන්දු අත් හැරියේය. ඔහු නැවතුනේ පන්දු 26ක දී හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමග ලකුණු 58ක් ලබාගෙනය. අසිත ප්‍රනාන්දුම ඉෂාඩ් පාන්ට් ගේ උඩ පන්දුවක් අත හැරියේය. ඔහු නැවතුනේ පන්දු 33ක දී හතරේ පහර 6ක් සහ හයේ පහර 1ක් සමගින් ලකුණු 49ක් ලබාගෙනය. අත්හැරි උඩපන්දු දෙකම හතරේ සීමාව ඉක්මවා ගියේය.

ඉන්දියානු ආරම්භක පිතිකරුවෝ කදිම ආරම්භයක් ලබා ගත්හ. ඒ පන්දු ඕවර 6ක් නිමාවන විට ලකුණු 74ක් රැස් කරමිනි. මුල්ම කඩුල්ල ලෙස ෂුබ්මන් ගිල් ඩිල්ෂාන් මධුසංඛගේ පන්දුවක් හමුවේ අසිත ප්‍රනාන්දු වෙත උඩපන්දුවක් දී දැවී යන්නේය. ලකුණු 74 දිම යශස්වී ජයිස්වාල් වනිඳු හරංගට ගොදුරු වන්නේය. ලකුණු 74ට කඩුළු 2ක් දැවි ගොස් තිබිය දී පිටියට එන නායක සූර්ය කුමාර් යාදේව් සහ රිෂාබ් පාන් වෙත ශ්‍රි ලංකා ක්‍රීඩකයින් උඩපන්දු අත්හැර ලබා දුන් ප්‍රදානයෙන් උපරිම ප්‍රයෝජන ගනු පෙනුණි. තුන්වන කඩුල්ල ලෙස ලකුණු 150 දී යාදේව් දැවී යනවිට යවා තිබුණේ පන්දු ඕවර 13.2ක් පමණි. ඔවුන් දෙදෙනා තුන්වන කඩුල්ල වෙනුවෙන් පන්දු 55ක් තුළ ලකුණු 75ක් රැස් කර තිබිණි. තරගය අපෙන් ගිලිහී ගිය බව පෙනුන මුල්ම අවස්ථාව එයය.

ඉන් අනතුරුව රිෂාබ් පාන්ට් එක් අන්තයක් ආරක්ෂා කරගෙන ක්‍රීඩා කළේය. ඔහු 19 වැනි ඕවරයේ 5 වැනි පන්දුවේ දි දැවී යනවිට ඉන්දියානු කණ්ඩායම ලකුණු 201කි.

අක්සාර් පටෙල් අසිත ප්‍රනාන්දුට හයේ පහරක් ගසා අපට ලකුණු 214ක ඉලක්කයක් දී ඉනිම නිමා කරන විට ඉන්දියානු පිළේ කඩුළු 07ක් දැවී තිබිණි.

ඒ කඩුළු 07න් කඩුළු 04ක් මතීෂ පතිරණට ය. ඔහු මැනවින් සිය කාර්යය කළේය . පන්දු ඕවර 4ට ලකුණු 40ක් ලබා ගත් බව සැබෑය. එහෙත් ඔහු ලබා ගත් කඩුළු 04 විශිෂ්ට ය. වනිඳු හසරංග කඩුල්ලක්, දිල්ශාන් මධුශංක කඩුල්ලක්, අසිත ප්‍රනාන්දු කඩුල්ලක් ලැබුවේය.

මතීෂ පතිරණ…

පිළිතුර ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම වර්ණවත් ආරම්භයක් ලබා ගත්තේය. පැතුම් නිශ්ශංක සහ කුසල් මෙන්ඩිස් මනරම් ආරම්භයක් ලබා ගත්හ.

කුසල් මෙන්ඩිස් කාලයකට පසු ඉදිරිගාමී පිතිකරණයක නිරත විය. ශ්‍රි ලංකා ක්‍රීඩා ලෝලී අපට යම් ආනන්දයක් ඉපදවූවා නම් ඒ පැතුම් නිශ්ශංක නැමැති නිහඬ ක්‍රීඩකයාගේ පිතිකරණය ය. පැතුම් පන්දු 48ක දි ලබා ගත් ලකුණු 79 ගැන ලියා තබන්නට බැරි බව කිව යුතුව ඇත. ඒ ඉනිම දැකිය යුතු ඉනිමකි. හතරේ පහර හතක් සහ හයේ පහර හතරක් සමග ඔහු දියත් කළ ප්‍රහාරය ක්‍රීඩා ලෝලීන්ට වටිනාකමක් දුන් බව ලියා තබමු.

කුසල් මෙන්ඩිස් පන්දු 27ක දී හතරේ පහර 7ක් සහ එක් හයේ පහරක් සමග ලකුණු 45ක් රැස් කළේය. ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල්ම කඩුල්ල දැවී යන්නේ ලකුණු 84 දී ය. දෙවැනි කඩුල්ල ලෙස පැතුම් දැවී යනවිට ලකුණු සංඛ්‍යාව 140කි. පන්දු ඕවර 14.1කි.

තරගය තිබුණේ දෝලනය වෙමින් වුවද සූර්ය කුමාර් යාදේව්ගේ ජයග්‍රහණය පිළිබඳ විශ්වාසනීය සංයමය ඉන්දීය පන්දු යවන්නන් ප්‍රහාරයට ලක්වන අවස්ථාවේදී පවා දක්නට ලැබිණි. ප්‍රධාන සම්බන්ධතාවය බිඳ වැටුණු පසු පෙරහර යනවා සේ බිඳ වැටෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කෙරුවාව ලෝකය නොදන්නවා නොවේ.

පැතුම්…

තවත් ලකුණු 09ක දි කුසල් පෙරේරා දැවී යන්නේය. පන්දු ඕවර 15 සම්පූර්ණවන විට ලකුණු 149ට කඩුළු 3කි.

ඉන් අනතුරුව කතා කරන්නට දෙයක් ඉතිරි වි තිබුණේ නැත. ඊලඟ පන්දු 26 තුළදී ලකුණු 21ක තුළ කඩුළු 07ක් දැවී ගියේය. අප දුටුවේ එනවාට වඩා වේගයෙන් යළි ක්‍රීඩාගාරයට යන ක්‍රීඩකයින්ය. මැච් එක ලකුණු 43කින් පරාදය.

ශ්‍රි ලංකා කණ්ඩායමේ පසු පෙළ කුඩුකළ රියාන් පරාග් පන්දු ඕවර එකයි පන්දු දෙක දී, එනම් පන්දු 08 ක දී ලකුණු 5කට කඩුළු 03කි. අර්ශ්දීප් සිං කඩුළු 2ක්, අක්සාර් පටෙල් කඩුළු 2ක්, මොහොමඩ් සාර්ජ්, රවී බිෂ්නෝයි එක් කඩුල්ල බැගින් ලැබූහ.

මිලියන විස්සක ජනතාවක් නියෝජනය කිරීම සඳහා රටේ ඉන්නා හොඳම එවුන් 11 දෙනා යැයි අප සිතා සිටින උන් හැමදාම දිනන්නට අවශ්‍ය යැයි අප හිතන්නේ නැත. ක්‍රිකට් ගැසිම ස්වකීය වෘත්තිය ලෙස තෝරාගත් විට ඒ ක්‍රීඩාවේ වෘත්තීය බවක් තිබිය යුතුය.

ලකුණු 213ක් හඹා ගොස් ජයග්‍රහණය කිරීම පහසු ඉලක්කයක් නොවන බව ඕනෑම පොඩි එකෙක් දන්නේය. අප කියන්නේ පරාජය ගෞරවනීය විය යුතු බවය. ඒත්තු ගැන්වෙන ආකාරයේ සාධාරණයක්, පිළිගත හැකි යථාර්ථයක් ඒ පරාජය තුළ තිබිය යුතු බවය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අවතැන් කඳවුරකට තවත් ඊශ්‍රයාල ප්‍රහාරයක්… 30ක් මිය යති… අශිෂ්ඨ සංහාරය දිගටම…

Next Post

ඔසුසල් ටිකත් ඉන්දියාවටම?…. රාජ්‍ය ඔසුසල්වලට සමගාමීව ඉන්දීය සමාගමකට ඔසුසල් ජාලයක් ආරම්භ කිරීමට රජය අවසර දිලා…

Related Posts

ක්‍රීඩා

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
sooryawanshi
ක්‍රීඩා

වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

මැයි 29, 2026
ක්‍රීඩා

ක්‍රීඩක කෙටුම්පතට පෙර LPL කණ්ඩායම්වල සෘජු අත්සන් තැබීම් මෙන්න: දින වකවානු සහ නව නීති රීති රැසක් එළිදකියි!

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.