යුක්රේනය නව කොරෝනා වෛරස ප්‍රභේද  05කින් බැට කනවා…

නතාෂා නෙත්මිණි –                                        

නව කොරෝනා වෛරස් වර්ග පහක් මේ වන විට යුක්රේනයේ සංසරණය වෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයට  දැනුම් දී ඇතැයි රසායනාගාර විද්වත් වෘත්තිකයන්ගේ සංගමය සඳහන් කරයි.

යුක්රේනයේ කලාප නවයකින් සාම්පල් 50ක් පරික්ෂා කිරීමෙන් අනතුරුව මේ බව හඳුනාගෙන ඇතැයි යුක්රේනයේ මහජන සෞඛ්‍ය මධ්‍යස්ථානය ප්‍රකාශයට පත්කර ඇති බව සංගමයේ සභාපති රවී කුමුදේශ්   සඳහන් කරයි.

B1,    B1 1,   B1 1 1 ,  V1  5, සහ   V2  ලෙස මෙම නව ප්‍රභේද හඳුනාගෙන ඇති අතර  මෙම වෛරස් චීනයේ  ආරම්භ වූ ගෝලීය ජාන ප්‍රභේදයට අයත් වූවන් බව සඳහන් වන්නේ යැයි  කුමුදේශ්   පෙන්වාදේ.


දැනට මෙරට සංචාරය කරනු ලබන යුක්රේන්  ජාතිකයන්ට මෙම වෛරස් ප්‍රභේදයන් ආසාදනය වී ඇත්නම් එය මෙරට තුළ ව්‍යාප්ත වීමේ ඉඩකඩ බෙහෙවින්ම ඉහළ යැයි ඔහු සඳහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යුක්රේන් සංචාරකයින් මෙරට ක්‍රියාත්මක කරන සෞඛ්‍ය මාර්ගෝපදේශ හෝ පිළිනොපදින තත්ත්වයක් තුළ හා නිරෝධායන නීති ඔවුන් වෙනුවෙන් කිසියම් පාර්ශ්වකරුවන් විසින් වෙනස් කිරීම තුළ මෙම නව වෛරස් ප්‍රභේදයන් ලංකාව ආක්‍රමණය කිරීම වැඩි ඈතක නොවන බවද ඔහු පවසයි.

 

Exit mobile version