ගතවූ වසරේ ලොව වැඩියෙන්ම සල්ලි උපයපු ආදානි

Gautam Adani

ඉන්දීය දෙවැනියට ධනවත්ම ව්‍යාපාරිකයා වන ගෞතම් ආදානි ගතවූ වසරේදී සිය වත්කම් ඇමරිකානු ඩොලර් බිලියන 49කින් වර්ධනය කරගනමින් එම කාලයේදී ලොව වැඩිම වත්කම් ප්‍රමාණයක් ඉපයූ පුද්ගලයා බවට පත්ව තිබේ.

ඒ අනුව ආදාන ගතවූ වසර තුලදී ලොව ධනත්ම පුද්ගලයින් වන ඊලොන් මසක්, ජෙෆ් බේසෝස් වැන්නන්ද අභිබවා යමින් වත්කම් ඉපැයමට සමත්ව ඇති බව නවතම දත්ත අනාවරණය කරයි.

ආදානි සිය ව්‍යාපාර ක්ෂේත්‍ර රැසක් පුදා විහිදුවා ඇති අතර ඔහු මේවන විට වරාය කටයුතු කළමානාකරණ, විදුලි ජනන, ගුවන්සේවා සහ පුනර්ජනනීය බලශක්ති ඇතුළු ක්ෂෙත්‍ර රැසක නිරතව සිටියී.


ඔහු සිය ව්‍යාපාර කළඔට පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය ආරම්භ කිරීමත් සමඟ සිය වත්කම් පස්ගුණයකින් වර්ධනය වී ඇත. ඒ අනුව 2020 වර්ෂයේ ඇමරිකාන ඩොලර් බිලියන 17ක වත්කම් ප්‍රමාණයක් හිමිකම් කියූ ඔහු මේවන විට ඇමරිකානු ඩොලර් බිලියන 81ක වත්කම් ප්‍රමණයකට හිමිකම් කියයි.

ආදානි පසුගියාදා සිය ව්‍යාපරික කටයුතු මෙරටදීද ආරම්භ කළ ඉදිරියේදී වැඩිවශයෙන් මෙරට ආයෝජනය කළ හැකි බවටද අපේක්ෂා කළ හැකිය.

 

අම්බානිව පරදා ආදානි ආසියාවේ ධනවතා වෙයි…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බටහිර පර්යන්තය දුන්නාට ආදානි දෙරටේ රජයන්ට තුති පුදයි

Exit mobile version