ක්‍රිස්ටිනා ජුවලර්ස් උත්සව සමය වෙනුවෙන් “Christina Collection” නව ආභරණ එකතුව එළි දක්වයි

ස්වර්ණාභරණ සහ මැණික් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම නාමයක් වන ක්‍රිස්ටිනා ජුවලර්ස් උත්සව සමය වෙනුවෙන් නවීන මෝස්තරවලින් සමන්විත අලංකාර මැණික් එබ්බවූ ස්වර්ණාභරණ එකතුවක් ක්‍යරසිඑසබ් ක්‍දකකැජඑසදබ නමින් හඳුන්වා දෙයි. උත්සව සමය වෙනුවෙන් තිළිණ පිරිනැමීමට මෙන්ම අනාගතයට කදිම ආයෝජනයක් ලෙසද මෙම නවතම ක්‍යරසිඑසබ් ක්‍දකකැජඑසදබ මැණික් එබ්බවූ ස්වර්ණාභරණ එකතුව හඳුන්වා දිය හැකිය. කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම ගැළපෙන ලෙස ඉහළ ප්‍රමිතියෙන් සහ උසස් තත්ත්වයෙන් යුතුව නිර්මාණය කර ඇති මෙම ස්වර්ණාභරණ එකතුව අංක 730, විජය ජෙම් ගොඩනැගිල්ල, ගාලු පාර, කොළඹ 03 ලිපිනයේ පිහිටි ක්‍රිස්ටිනා ජුවලර්ස් වෙත පැමිණෙන ඔබට විශේෂ වට්ටම් සහිතව මිලට ගත හැකිය. ඩයනා කුමරිය පැළඳි මෙන්ම කේට් මිඩ්ල්ටන් කුමරිය පළඳින රෝයල් බ්ලු සැෆායර්වලින් නිමවූ මුද්දට සමාන මුදු මෙන්ම තවත් ආකර්ෂණීය ස්වර්ණාභරණ රැසක් ක්‍යරසිඑසබ් ක්‍දකකැජඑසදබ එකතුවට අයත්ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලෝක ප්‍රසිද්ධ සිලෝන් සෆායාර් හෙවත් නිල් මැණික් මෙම ස්වර්ණාභරණ නිර්මාණය කිරීමට භාවිත කර ඇත. වසර 45ක් පුරා මැණික් සහ ස්වර්ණාභරණ ව්‍යාපාරයේ නියැලීි සිටින විජය මැණික් සමූහ ව්‍යාපාරයට අයත් ක්‍රිස්ටිනා ජුවලර්ස් පාරිභෝගික විශ්වාසය ඉහළින්ම දිනා ඇති ස්වර්ණාභරණ සහ මැණික් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සන්නාමයකි. ඔවුන් නිර්මාණය කරන සියලුම ස්වර්ණාභරණ අන්තර්ජාතික ප්‍රමිතියෙන් යුත් අගනා මැණික් යොදා ගෙන නිමවන අතර පාරිභෝගිකයන්ට පිරිනමන වගකීම්සහගත සේවය ඔස්සේ ක්‍රිස්ටිනා ජුවලර්ස් පාරිභෝගික විශ්වාසය අඛණ්ඩව තහවුරු කර ඇත. “නිරන්තරයෙන් වෙනස් වන විලාසිතා අනුව අගනා මැණික් ඔබ්බවා නිර්මාණය කළ ස්වර්ණාභරණ වෙළෙඳපොළට හඳුන්වා දීම අපගේ ප්‍රමුඛ කාර්යයක්. මෙවර උත්සව සමය වෙනුවෙන් නිර්මාණය කර ඇත්තේ වෙනස්ම ආභරණ පෙළක්. ඒවායේ අලංකාරය අත්විඳීමට පැමිණෙන ලෙස සියලු දෙනාට ආරාධනා කරනවා.” ක්‍රිස්ටිනා ජුවලර්ස් කළමනාකරණ අධ්‍යක්ෂ පින්සිරි විජේපාල මහතා පැවසීය.

Exit mobile version