බුද්ධික – සසක්ති … ගූගල් මවිත කරවමින්  භාෂා බාධක නැති අනාගතයකට ලෝකය  කැන්දාගෙන යන  අඹ යාලුවන් දෙදෙනා…

ලොව සමස්ථ ජනගහනයෙන් සියයට අසූවකට පමණ ඉංග්‍රීසි බස කතා කිරීමේ හැකියාවක් නොමැත. එයින් අදහස් වන්නේ, යූටියුබ් හී පළවන වීඩියෝවන් බහුතරකය අන්තර්ගතය අවබෝධ කරගැනීමට ඔවුන් හට නොහැකි බවයි.

එ් අනුව අදවන විට ගොඩනැගී ඇති භෂාව පදනම් කරගත් දැණුම් හිඩැස පිරවීමට කෘතිම බුද්ධිය භාවිතා කරමින් නවතම හඬකැවීමේ මෙවලමක් වන අලවුඩ් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ.

මෙම ගූගල් සමාගම විසින් සිය අභ්‍යන්තර නව යෙදවුම් වර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරමින් ඇත. එම මෙහෙයුම භාරව ඉන්නේ   දිගුකාලීන මිතුරන්  වූ ශ්‍රී ලංකිකයින් දෙදෙනකු වන බුද්ධික කොට්ටහච්චි සහ සසක්ති අබේසිංහය.

සෑම සුවිශේෂී නිපැයුමක් පිටුපසු සුන්දර කතාවක් තිබේ.  බුද්ධික සහ සසක්ති විසින් දියත්කරන මෙම වැඩසටහන පසුපසද සුන්දර කතාවක් සැඟව ඇත.


ඔවුන්ගේ පාසල් අවධිය ගතවන්නේ ශ්‍රී ලංකාව තුළය. පාසල් කාලයේදී එකිනෙකා පරාජය කිරීමට වෙහෙසුන මොවුන් දෙදෙනා අදවන විට එකට එක්ව ලෝකය වෙනස් කිරීමට වෙහෙස දරති. එය මානව වාර්ගයාටම දිය හැකි ආදර්ශයක් බව කිව යුතුව තිබේ.

තම ළමා කාලය පිළිබඳ සිහිපත් කරමින් සස්කිත සඳහන් කරන්නේ, ඔහු සහ බුද්ධික අතර පාසල් කාලයේදී දැඩි තරඟකාරිත්වයක් පැවති. බවයි. එහිදී දෙදෙනා ප්‍රථමයෙන් හමුවන්නේ තොරතුරු විද්‍යාව පිළිබඳ ජාත්‍යන්තර ඔලිම්පියාඩ් තරගය සහ අග්නිදිග ආසියානු කලාපීය පරිගණක විද්‍යා සම්මේලන සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන අතරතුරේදීය.

“ අපි දෙන්නම සාම්ප්‍රදායික  පෙළපොත් වල තිබෙන ඇල්ගොරිදම් වලට වඩා ක්‍රැර්වරුන් මෙන් කෝඩින්වලට අදාල දේවල් කරන්නයි   කැමැත්තක් දැක්වුයේ. ඒ නිසාම අපි දෙන්නා අතර යම් බැදීමක් ඇති වුනා කිව්වත් නිවැරදියි.   අවසානයේදී අපි දෙන්නම ගූගල් එකේ සේවයට එක්වුනා. දැන් අපි යූටියුබ් එකේ සේවය කරනවා. ඇත්තමට අපි දෙන්න දැන් එකනෙකට වෙනස් අදහස් එකට සම්බන්ධ කරමින් කටයුතු කරනවා.“ යනුවෙන් සස්කිත සඳහන් කළේය.

සසක්ති සහ බුද්ධික පාසල් අවධියෙ දී…

අලවුඩ් අදහස පැමිණිම 

“කොරෝනා වසංගතය පැවති සමයේදී නිවසට වෙලා හිටිය නිසා අලුතින් යමක් කිරීමට මොළය වෙහෙසවන්න අපි හිතුවා. මේ වෙලාවේ බුද්ධිකට අපූරු අදහසක් අවා.  ඒ බුද්ධිකට  ඩෙන්මාර්ක කතා මාලාවක්වන  “Borgen”   වැඩසටහනක් හඬකැවීම් නොමැති වීම හේතුවෙන් නැරඹීමට නොහැකි වීමත් සමඟයි. ඒ වෙලාවේ ලොකු අභියෝගක් වුන දෙයක් කිරීමට මම ගොඩක් කැමති වුනා. යනුවෙන් සස්කිත ප්‍රකාශක කළේය.

මේ පිළිබඳ අදහස් දක්වමින්  බුද්ධික සඳහන් කර සිටියේ “ පොඩි කාලයේදීම මට හඬ කැවීම  විශාල  බලපෑමක් එල්ල කරලා.  ශ්‍රී ලංකාවට රූපවාහිනිය හඳුන්වා දුන්නේ මම කුඩා අවධියේදීයෙයි. ඒ කාලයෙදී මට ඉංග්‍රීසි කතා කරන්න හැකියාවක් තිබුනේ නැහැ. මුල්කාලයේදී රූපවාහිනියේ විකාශය වුන වැඩසටහන් විශාල ප්‍රමාණයක් ඉංග්‍රිසි භෂාවෙනුයි තිබුනේ.   මට රූපවාහිනිය පෙනුණෙ ප්‍රවේශ විය නොහැකි අන්තර්ගතයක් සහිත “මැජික් පෙට්ටියක්” ලෙසයි.. “

“අද වෙනකොට ලිඛිතව තිබ්බ දැණුම වීඩියෝ වලට පරිවර්ථනය වෙලා තියෙනවා. ඒත් තවමත් භාෂාව බාධාවක් වී තිබෙනවා. ඒ නිසා අලවුඩ් මගින් මේ හිඩැස පුරවන්න විශාලව වශයෙන් උත්සාහ කරනවා.  එහි ප්‍රතිඵලයක්  විදිහට අපිට මේ නව හදුනවා දිම කරන්න පුළුවන් වුනා.

බුද්ධික කොට්ටහච්චි YouTube Dubbing සඳහා මෙම  නිෂ්පාදන ප්‍රධානියා ලෙස කටයුතු කරයි, නිර්මාණකරුවන් සහ නරඹන්නන් සඳහා පරිශීලක අත්දැකීම වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරයි.

සශක්ති අබේසිංහ, Aloud සඳහා කණ්ඩායම් ප්‍රධානියා සහ ප්‍රධාන මෘදුකාංග ඉංජිනේරුවරයා ලෙස, කැපී පෙනෙන ජයග්‍රහණ ලබා ගැනීමට කණ්ඩායමට බලය ලබා දෙයි.

අනාගත ඉලක්ක:

නිර්මාපකයින් සහ නරඹන්නන් එකසේ උද්යෝගය ප්‍රකාශ කිරීමත් සමඟ Aloud සඳහා පිළිගැනීම අතිශයින් ධනාත්මක වී ඇත. මෙම මෙවලම ස්පාඤ්ඤ සහ පෘතුගීසි භාෂාව කතා කරන ප්‍රේක්ෂකයින්ට ඔවුන්ගේ දේශීය භාෂා සහ සංස්කෘතීන් සමඟ ගැඹුරු සම්බන්ධතාවයක් ඇතිකරමින් හඬකැවිම්  කළ අන්තර්ගතයට ප්‍රවේශ වීමට හැකියාව ලබා දී ඇත. බුද්ධික සහ සසක්ති භාෂා බාධක අතීතයේ දෙයක් බවට පත් කරන    අනාගතයක් අපේක්ෂා කරයි,

ඔවුන්ගේ වෘත්තීය ප්‍රයත්නයන්ගෙන් පරිබාහිරව, සශක්ති යූ ටියුබ් හරහා විවිධ දැනුම් ප්‍රවේශයන් සොයාගෙන තිබේ.

“වර්ෂ 2007 දී පමණ මම යූ ටියුබ් වීඩියෝ භාවිතයෙන් ගිටාර් වාදනය කරන ආකාරය ඉගෙන ගත්තා. එතැන් සිට, මම ඡායාරූපකරණය සහ තාරකා ඡායාරූපකරණයේ සිට ලී වැඩ කිරීම, වෙල්ඩින් කිරීම, මගේ මයික්‍රෝවේව් සහ ඒසී ක්‍රියා කිරීම නැවැත්වූ විට එය අලුත්වැඩියා කරන්නේ කෙසේදැයි සොයා බැලීම  විවිධ දේ දුසිම් ගණනක් ඉගෙන ගැනීමට යූ ටියුබ් භාවිතා කළා. මගේ මෑතකාලීන උත්සාහය වන්නේ ඉතා බෑවුම් සහිත භූමිවල තණකොළ  කපා ගත හැකි දුරස්ථ පාලක තණකොළ කපන යන්ත්‍රයක් තැනීමයි.” සසක්ති කීවේය.

අනෙක් අතට බුද්ධික ඔහුගේ රැකියාවෙන් බාහිර මූලික නිර්මාණාත්ම  කටයුත්ත ලෙස    ලෙස කේතීකරණයේ සිට ඉවුම් පිහුම් කටයුතු වෙත මාරු වී තිබේ. ඔහු යූ ටියුබ් හරහා සූපශාස්ත්‍ර ආශ්වාදය ගවේෂණය කරන අතර ස්මාර්ට් නිවාස තාක්ෂණයන් වෙනුවෙන් පරීක්ෂණ කරයි.

“දිගු කලක් තිස්සේ මගේ මූලික නිර්මාණ ආශ්වාදය වූයේ කේතය සමඟ දේවල් ගොඩනඟා ගැනීමයි, නමුත් පසුගිය වසර කිහිපය තුළ ආහාර පිසීම මට ආශ්වාදයක් ගෙනාවා. වාසනාවකට මෙන්, YouTube ඒ සඳහා නිමක් නැති ආශ්වාදයක් සපයනවා. මම ස්මාර්ට් නිවාස තාක්ෂණයන්හි විශාල රසිකයෙක්.    මට කළ යුතු වැඩ අඩු කිරීමට සහ ස්වයංක්‍රීය කිරීමට ක්‍රම නිරන්තරයෙන් සොයමින් ඉන්නවා. බුදධික පවසා තිබිණි.

සම-නිර්මාතෘවරුන්ගේ දශක තුනක මිත්‍රත්වය 

ඔබ දශක තුනකට ආසන්න කාලයක් එකිනෙකා හඳුනනවා. , සම-නිර්මාතෘවරුන් සහ මිතුරන් යන දෙකෙහිම වාසි සහ අවාසි මොනවාද?. යූටියුබ් හා කළ සංවාදකයක දී බුදධික හා සසක්තිගෙන් නිවේදකයා විමසුවේය.

බුද්ධික කීවේ මෙවැන්නකි.    “සමීප මිතුරන් වීමෙන් ලැබෙන විශ්වාසය සහ මනෝවිද්‍යාත්මක ආරක්ෂාව එකට වැඩ කිරීම ඉතා පහසු කරනවා. අපට සාකච්ඡා කළ නොහැකි දුෂ්කර මාතෘකාවක් කිසි විටෙකත් නෑ..  අවශ්‍ය විටෙක අප දෙදෙනාට එකිනෙකා ආවරණය කළ හැකියි.”

සසක්ති ඒ ප්‍රශ්නයට මෙසේ පිළිතුරු දුන්නේය.  “ආරම්භකයකු වීම හුදකලා උත්සාහයක් විය හැකි බව අපගේ සම-ආරම්භකයින් බොහෝ දෙනෙකුගෙන් අපට අසන්නට ලැබුනා. අපට එය (සහ) කිසිදා එසේ නොවෙයි… ඔහු නොමැති නම් වෙන අයෙක් සමග මේ කටයුත්ත කිරීම මට හිතාගන්නවත් අපහසුයි.”

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔවුන්ගේ අද්විතීය මිත්‍රත්වය, ඔවුන්ගේ හවුල් දැක්ම සහ ප්‍රවීණත්වය සමඟ ඒකාබද්ධව, YouTube හි භාෂා බාධක බිඳ දැමීම සඳහා පොරොන්දු වූ විසඳුම  ලෙස    Aloud ඉදිරිපත් කර තිබේ.  ඊට වඩා යමක් කොයින් ද?.

Exit mobile version