SPMC නම හා මුද්‍රාව යොදාගෙන පුද්ගලික සමාගම් ඖෂධ නිෂ්පාදනයට… වෛද්‍ය වෘත්තිකයින්ගෙන් විරෝධයක්!

ශ්‍රියානි විජේසිංහ –                                                   

රාජ්‍ය ඖෂධ නීෂ්පාදන සංස්ථාවේ (SPMC) නාමය හා ලාංඡනය  භාවිත  කරමින් පෞද්ගලික ඖෂධ නිෂ්පාදන සමාගම් ඖෂධ නිෂ්පාදනය ආරම්භ කර ඇතැයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

සංස්ථාව තුළ ඖෂධ නිෂ්පාදනය සඳහා අවශ්‍ය මානව හා භෞතික   සම්පත් ඇතිතරම් තිබියදී මෙසේ පෞද්ගලික ඖෂධ නිෂ්පාදන සමාගම්වලට ඖෂධ නිෂ්පාදනය කිරීමට අවසර ලබා දී ඇති බවත් එසේ නිෂ්පාදනය කරන ඖෂධ  අධික මිල ගණන් යටතේ සංස්ථාව  මිලදී ගැනීමට කටයුතු කරන බවත් සංගමයේ සභාපති වෛද්‍ය ජයන්ත බණ්ඩාර   පවසා සිටියි.

මෙසේ පෞද්ගලික ඖෂධ නිෂ්පාදන සමාගම් නිෂ්පාදනය කරන ඖෂධ  අනිවාර්යයෙන්ම සංස්ථාව  මිලදී ගන්නා බැවින් නිෂ්පාදිත සමාගම්වලට  හොඳ  වෙළඳපලක් නිර්මාණය වී ඇතැයි ද හෙතෙම පෙන්වාදේ.

සංස්ථාවේ නාමය හා ලංඡනය භාවිත කිරීම සම්බන්ධයෙන් සමාගම් විසින්  සියයට 6ක කොමිස් මුදලක් සංස්ථාවට ලබා දී ඔවුන් නිෂ්පාදනය කරන  ඖෂධ, සංස්ථාවට අලෙවි කර අධික ලාභයක් ලබන බව ද වාර්තා වී ඇත. 


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම ඖෂධ  නිෂ්පාදිත සමාගම් පොහොට්ටුවේ ප්‍රබලයෙකුට අයත් ඒවා බවට නිල නොලත් ආරංචි මාර්ගවලින් තහවුරු වී ඇතැයි වෛද්‍ය බණ්ඩාර   පැවසුවේ.  

Exit mobile version