SMIB – HDFC – RDB එක බැංකුවක් වෙයි

රජයට අයත් විශේෂිත බලපත්‍රලාභී බැංකුවක් වන රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව ජාතික නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාව සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ඒකාබද්ධ කොට වෙනම බැංකුවක් ස්ථාපනය කිරීමට රජය තීරණය කොට ඇත.

රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව, නිවාස ණය පහසුකම් ලබාදීමේ අරමුණින් ස්ථාපනය කරන ලද රාජ්‍ය බැංකුවක් වන අතර එය 1979 වසරේ දී ආරම්භ කරන ලද්දකි.

ඒ අනුව මෙම බැංකු ත්‍රිත්වයේ එකතුවෙන් ජාතික සංවර්ධන බැංකු සංස්ථාව (National development banking corporation) නම් ආයතනය පිහිටුවීමට සැලසුම් කර ඇති අතර ඒ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශයේ කටයුතු කරමින් පවතී.


මෙම නව බැංකුව සංවර්ධන බැංකුවක් ලෙස ක්‍රියාත්මක කරවීමට නියමිත අතර ශ්‍රී ලංකාවේ සංවර්ධන බැංකුකරණයේ නව යුගයක් එමගින් බිහිවනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ‘2021 වසර සඳහා පෙරදැක්ම’ වාර්තා වේ සඳහන්ව තිබේ.

පසුගියදා මහබැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී.ලක්ෂ්මන් මහතා තම වාර්තාවෙහි සඳහන් කර ඇත්තේ බලපත්‍රලාභි බැංකු නොවන මූල්‍ය ආයතන පසුගිය වසරේ ඇතිවූ පසුබෑම සහ දුර්වල මූලික තත්ත්වයන් පිළිබඳව මේ වන විටත් සොයා බලමින් ඊට අදාළ පියවර ගෙන ඇති බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහිදී එම සමාගම් සහ ඒවායේ තැන්පතුකරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා ද කටයුතු සිදුකෙරෙමින් පවතී.

Exit mobile version