RMV පරිගණක පද්ධතියෙන් රිංගා සුඛෝපභෝගී වාහන 14ක් මුදා හැරලා… රජයට පාඩුව කෝටි 50ක්…

Jeep

ලලිත් චාමින්ද –  

මෝටර් රථ ප්‍රවාහන දේපාර්තමේන්තුවේ පරිඝණක පද්ධතියට  සාවද්‍ය ලෙස දත්ත ඇතුළත්  කරමින්   සුඛෝපභෝගි ජිප්රථ 11ක් ඇතුළු වාහන 14ක්  නිත්‍යානුකුල  වාහන ලෙස මෙරට භාවිතය සඳහා මුදා හැරිම නිසා    එකී මෝටර් රථ සදහා නිෂ්පාදන හා, සුඛෝපභෝගි බදු මෙන්ම   අනිකුත් රජයේ අය කිරිම් ලෙස  අය විය යුතු  රුපියල්  හතලිස්නව කෝටි අනුපන් ලක්ෂ  හැටනමදහස් තුන්සියයක (499,569,300) ආදායමක් රජයට අහිමි වි ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.

රේගු බදු නොගෙවා නීති විරෝධීලෙස මෙරටට ආනයනය කළ හෝ  මෙරට දී නිති විරෝධි ලෙස  එකලස් කළ හෝ වාහන 14ක දත්ත  මෝටර් රථ දේපාර්තමේන්තුවේ පරිඝණක පද්ධතියට  සාවද්‍ය ලෙස ඇතුළත්කොට ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

පරිගණක පද්ධතියට  සාවද්‍ය ලෙස  නව ලියාපදිංචි දත්ත  ඇතුළත් කොට ඇති අතර කිසිදු ලියාපදිංචි ගාස්තුවක් අයකර නොතිබුණි.

මේ නිසා රජයට අහිමිවි ඇති ලියාපදිංචි ගාස්තු ආදායම රුපියල්  335,300කි. එමෙන්ම සුඛෝපභෝගී  ජිප්රථ වලින්  රජයට අහිමිවි ඇති සුඛෝපභෝගි බදු ආදායම රුපියල් 37.50000කි. මේ සම්බන්දයෙන් නිසි විමර්ශනයක් සිදුකොට  නිතිමය ක්‍රියාමාර්ග ගතයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.


රේගු හා නිෂ්පාදන බදු අයකරනු  ලබන්නේ  රේගු දෙපාර්තමේන්තුව විසින්  අදාළ නිශ්කාශන බදු ගෙවිමෙන් පසුව data link කිරීමට කටයුතු කරන  අතර  එම  data link වී ඇති  රථ පමණක්  ලියාපදිංචිය සිදුකරණ බව මෝටර්රථ දෙපාර්තමේන්තුව විසින් විගණනයට සදහන්කොට ඇත.

එමෙන්ම වාහන 14ක් අතුරින් වාහන 06ක් සඳහා බදු ගෙවා ඇති බවත්  ඉතිරි වාහන සඳහා බදු අයකරගැනීමට කටයුතු කරණ බවත් ද මෝටර් රථ දෙපාර්තමේන්තුව විසින්  විගණනයට සදහන්කොට ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සම්බන්දයෙන් 2021 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තවේ මෙම තොරතුරු සදහන් වේ.

Exit mobile version