RDA  ලොකකන් හිතූ මතේ   කෝටි ගණනක පඩි දීලා…  විගණනය හෙළි කරයි!

අනුමැතියකින් තොරව වැඩිපුර ගෙවූ පහලොස් කොටි හැත්තෑ ලක්ෂයක් යළි අය කරගන්නයි විගණනය නිර්දේශ කරයි….

ලලිත් චාමින්ද –

මාර්ග සංවර්ධන අධිකාරිය මගින් කළමනාකරණ සේවා දේපාර්තමේන්තුවේ  නියමයන් නොසලකා හැර අධ්‍යක්ෂක මණ්ඩලයේ  තීරණමත  මෙහි  සේවකයින්ට  උසස්විම් ලබාදී අනුමත නොකරන ලද වැටුප් පරිමාණයන් මත නව තනතුරු සඳහා වැටුප් ගෙවිම නිසා 2020 වර්ෂය තුළ ආසන්න වශයෙන්  වැඩිපුර ගෙවා ඇති වැටුප රුපියල් මිලියන 157ක් බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.

මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩලයේ තිරණමත  අනුමත නොකරනු ලැබු වැටුප් පරිමාණයන් මත  නව තනතුරු සඳහා  වැටුප් පියවර ලබාදි තිබුණි. 

ඒ අනුව අනුමත කළ වැටුප්තල ඉක්මවා ඉහළ වැටුප්තල අදේශකිරිම හේතුවෙන්  අධිකාරිය විසින් වැඩිපුර ගෙවා ඇති වැටුප රුපියල් මිලියන 157ක් බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

මෙම වැටුප් වැඩිපුර ගෙවීම් සම්බන්ධව කටයුතු කළ නිලධාරින්ගෙන් අදාල මුදල් අයකරගත යුතු බවට විගණනය මගින්  නිර්දේශකොට ඇත. 


කෙසේවුවද මේ සම්බන්ධව මාර්ග සංවර්ධන අධිකාරියේ කළමණාකාරිත්වය විසින් විගණනයට ප්‍රකාශකොට ඇත්තේ 2005  වසර දක්වා  බඳවා ගැනිමේ පරිපාටිය  අධ්‍යක්ෂක මණ්ඩල අනුමැතිය මත ක්‍රියාත්මක කොට ඇති බවය. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නව බඳවා ගැනිමේ පරිපාටිය මේ දක්වා කළමණාකරණ සේවා දේපාර්තමේන්තුව මගින් අනුමත කර නොමැති බවද කළමණාකාරිත්වය මගින් විගණනයට ප්‍රකාශකොට ඇත. 

 

Exit mobile version