PickMe Food ඇඳගෙන ගංජා විකිණූ කුඩු සළිඳුගේ ගෝලයෙක් STF අත් අඩංගුවට…

දිවයිනේ සුප්‍රකට ආහාර බෙදා හැරිමේ සේවයක් වන PickMe Food හි ස්වෙච්ඡා සේවකයෙක් ලෙස පෙනී සිටිමින් එම ආහාර බහාලුමේ දමාගෙන ගංජා විකිණූ පුද්ගලයෙක් ගංජා කිලෝ ග්‍රෑම් 10ක් සහ ග්‍රෑම් 520ක් සමග විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට පත් වි තිබේ.

පානදුර ප්‍රදේශයේ ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම හසුරුවන ලබන පානදුර සලිදු  නැමැත්තාගේ ප්‍රධාන වෙඩික්කරු වන දැනට ඩුබායි රාජ්‍යය වෙත පලා ගොස් සිටින බෙලිඅත්ත රනා නැමති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය හා මූල්‍ය කටයුතු හසුරුවන ලබන  ප්‍රධාන  සාමාජිකයෙකු වන පානදුර සුපුන් (33) නැමැත්තෙක් මෙසේ අත් අඩංගුවට පත් වී තිබේ. .

පානදුර හොරණ මාර්ගයේ සොලමන් මාවතේදි මෙම පුද්ගලයා අත් අඩංගුවට ගන්නා විට රුපියල් ලක්ෂයක මුදලක් ද ඔහු සන්තකයේ තිබී ඇත. පුද්ගලයාත් ඔහු සතු මත්ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය අලෙවියෙන් උපයා ගත් බවට සැක සහිත මුදලත්, ඔහුගේ යතුරු පැදියත් පොලිස් භාරයට ගෙන තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොලිස් විශේෂ කාර්ය බලකායේ බළකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර එම තනතුරට පත් වී ගතවුන පසුගිය    වසර තුනක පමණ කාලය තුළ   හෙරෝයින්   217kg 328g ක්ද,  අයිස්   47kg 47gක්ද   කේරළ ගංජා 4722kg 575gක්ද   නිති විරෝධි මත්පෙති 70461ක්ද මත්කරල් 11023ක්ද  අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව විශේෂ කාර්ය බලකාය කියයි.


Exit mobile version