NGO මානව හිමිකම් සංවිධානයක ජනමාධ්‍ය  ජාතික අධ්‍යක්ෂවරියක් බාල වයස්කාර  දැරියකගේ අඩ නිරුවත් ඡායාරූප අරන් අන්තර්ජාලයට මුදා හැරලා…

කාන්තාව ඊයේ අත්අඩංගුවට අරන්... ඊයේම ඇප පිට නිදහස්....

වයස අවුරුදු 16ට අඩු දැරියකගේ අඩ නිරුවත් ඡායාරූප හා වීඩියෝ ලබාගෙන සමාජ මාධ්‍යජාල වෙත මුදා හැරීමේ අපරාධය කළ, ලොව පුරා විහිදුණු රාජ්‍ය නොවන ස්වේච්ඡා සංවිධාන ජාලයක සාමාජිකාවක මෙන්ම මානව හිමිකම් සංවිධානයක ජනමාධ්‍ය පිළිබඳව ජාතික අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කරන කාන්තාවක්  ඊයේ (29)    උදෑසන පොලිස් කාන්තා හා ළමා කාර්යාංශයේ නිලධාරීන් විසින්  අත් අඩංගුවට ගැනීමෙන් පසු ඊයේම ඇප මත නිදහස් කර තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ දිවුලපිටිය දූනගහ ප්‍රදේශයේ පදිංචි සකුන්තලා මිල්ලවාන නැමැති කාන්තාවකි.

මෙම කාන්තාව මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින අපයෝජනයට පත්  එම දැරියගේ පවුලේ අය සමග හිතවත්කමක් පවත්වාගෙන ගොස් ඇති අතර දැරිය  යම් කාලයක   එම කාන්තාව ඇසුරෙහිද හැදී තිබේ.

ඒ වකවානුවේ මෙම කාන්තාව දැරියගේ   අඩ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ පට රැගෙන තබාගෙන ඇත. මේවා  සමාජ මාධ්‍ය වෙත මුදාහරින බවට දැරියගේ දෙමව්පියන්ට වරින් වර  තර්ජනය කර ඇති බවත් ඉකුත් දා එම වීඩියෝ පට     මුදාහැර සිය දියණියට අගතියක් කළ බවත්  දැරියගේ දෙමව්පියන් විසින් පොලිසියට පැමිණිලි කර තිබිණි.


අදාළ දැරිය මේ වනවිට සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිමින් ඇති අතර මෙම සිදුවීම හරහා දැරිය දැඩි මානසික හිංසනයට ලක්වී ඇති බව ඇයගේ මව පවසා ඇත.

දැරියගේ අඩ නිරුවත් වීඩියෝ පට අන්තර්ජාලයට  මුදාහැර  ඇත්තේ එම දැරියගේ පවුලේ අය සමග චූදිත කාන්තාව විරසක වීමෙන් අනතුරුව බව විමර්ශනවලදී හෙළි වී තිබේ.

ඉහළම තලයේ සම්බන්ධතා සහිත මෙම කාන්තාව අත් අඩංගුවේ දී ද යම් පලපෑම් එල්ල වී ඇති බව වාර්තා වේ.

සැකකාරියව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පොලිස් කාන්තා හා ළමා කාර්යාංශයේ නිලධාරීන් විසින් ඇයව ඊයේ (29) අලුත්කඩේ අධිකරණය වෙත ඉදිරිපත්  කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කර තිබිණි.

නඩුව අගෝස්තු 02 දා යළි කැඳවීමට නියමිතව තිබේ

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දෙරණ –

Exit mobile version