බ්‍රහස්පතින්දා, ජූලි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අනුර කුමාරට වෙන්නේ හොයාගන්න බැරි වෙන්න දුවන්න – හරින්ගෙන් අනාවැකියක්!

by editor
මාර්තු 19, 2026
in පුවත්
Harin-Fanando
Share on FacebookShare on Twitter

ජනාධිපති අනුර කුමාර දිසානායක හිස් පොරොන්දු ලබා දෙන  බවත්,  ඉදිරියේදී රට තුළ දේශපාලන අස්ථාවරත්වයක් ඇති වන බවත් හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු  අනාවැකි පළ කරයි.

“ගෝඨාභය අස්වෙලා ගියා. අනුර කුමාරට වෙන්නේ හොයාගන්න බැරි වෙන්න දුවන්න – මතක තියාගන්න අපි මේක කිව්වා කියලා,” යැයි ඔහු අවධාරණය කළේය.

ඊයේ (18)  මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ උද්ධමනය සහ විනිමය පීඩනය පාලනය කිරීම සඳහා පොලී අනුපාත සංශෝධනය කිරීම ඇතුළු පූර්ව ආරක්ෂණ පියවර ගැනීමට රජය වහා කටයුතු කළ යුතු බවය.

මැද පෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට එල්ල විය හැකි බරපතල අවදානම පිළිබඳව ද හිටපු අමාත්‍යවරයා මෙහිදී කරුණු පැහැදිලි කළේය. විශේෂයෙන්ම අපනයන, සංචාරක ක්ෂේත්‍රය සහ විදේශ විනිමය ගලා ඒම කෙරෙහි මෙයින් දැඩි බලපෑම් එල්ල විය හැකි බව ඔහු පෙන්වා දුන්නේය.

ගෝලීය බොරතෙල් මිල ඉහළ යාම, නාවික ගමන් මාර්ගවලට බාධා පැමිණීම සහ උද්ධමනය ඉහළ යාම හේතුවෙන් මෙරට ආර්ථික ප්‍රකෘතිමත් වීම අභියෝගයට ලක්විය හැකි බව හිටපු අමාත්‍යවරයා සඳහන් කළේය. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් මිල ඉහළ ගොස් ඇති අතර, සැපයුම් දාමයට එල්ල වන බාධා නිසා ප්‍රවාහන, ආහාර සහ අත්‍යවශ්‍ය සේවා ගාස්තු ඉහළ යා හැකි බව ඔහු වැඩිදුරටත් පැවසීය.

RelatedPosts

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

මෙරට තේ අපනයනයෙන් 38% ක් පමණ (ඩොලර් මිලියන 500 කට අධික වටිනාකමක් සහිත) මැද පෙරදිග කලාපයට සිදු කෙරෙන බැවින් එම අංශයට එල්ල වන බලපෑම පිළිබඳව ඔහු කනස්සල්ල පළ කළේය. එසේම ගුවන් ගමන් බාධා හේතුවෙන් මුහුදු ආහාර වැනි නරක් වන ද්‍රව්‍ය අපනයනය කිරීමේදී භාණ්ඩ ප්‍රවාහන ධාරිතාවට ගැටලු මතු වන බව ද ඔහු පෙන්වා දුන්නේය.

සංචාරක ක්ෂේත්‍රය පිළිබඳව අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ,  මැද පෙරදිගින් පැමිණෙන සංචාරකයන් සෘජුවම අඩු වුවද, මෙරටට එන සංචාරකයන්ගෙන් 28.5% ක් පමණ ඩුබායි, දෝහා සහ අබුඩාබි වැනි ගුවන් තොටුපළ හරහා පැමිණෙන බවයි.

එමෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි රටවලින් ලැබෙන විදේශ ප්‍රේෂණ අඩුවීම ද විදේශ විනිමය සංචිතවලට බලපෑමක් වනු ඇතැයි ඔහු පැවසීය. දේශීය වශයෙන් ඉන්ධන මිල ඉහළ යාම සහ විදුලි ගාස්තු සංශෝධනයක් හරහා උද්ධමනය ඉහළ යා හැකි බවත්, එය විදේශ සංචිත සහ විනිමය අනුපාතය කෙරෙහි පීඩනයක් එල්ල කරන බවත් ඔහු වැඩිදුරටත් අනතුරු ඇඟවීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්ධන QR ගැටලුව විසඳයි… වෙනත් අයෙකුගේ දුරකථන අංකයකට ලියාපදිංචි වාහන දත්ත ඉවත් කිරීමට අලුත් පහසුකමක්!

Next Post

ගොවීන්ට බැරල්වලට තෙල්… නියෝජ්‍ය ඇමති පාර්ලිමේන්තුවට කියයි!

Related Posts

පුවත්

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026
පුවත්

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ජූලි 23, 2026
පුවත්

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජූලි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ජූලි 23, 2026

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජූලි 23, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!
  • ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.