බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්ධන QR ගැටලුව විසඳයි… වෙනත් අයෙකුගේ දුරකථන අංකයකට ලියාපදිංචි වාහන දත්ත ඉවත් කිරීමට අලුත් පහසුකමක්!

by editor
මාර්තු 19, 2026
in පුවත්
qr-code-img
Share on FacebookShare on Twitter
  • අද (19) සිට ඉන්ධන නිකුත් කිරීමේදී වාහන අංක තහඩුවේ අවසන් අංකය මත පදනම් වූ ඔත්තේ ඉරට්ටේ    ක්‍රමවේදය  ක්‍රියාත්මකයි…

මීට පෙර වෙනත් පාර්ශවයන් සතු හෝ දැනට භාවිතයේ නොමැති දුරකථන අංක යටතේ ලියාපදිංචි කර තිබූ වාහන සඳහා, නිවැරදි හිමිකරුට තම ඉන්ධන QR කේතය බාධාවකින් තොරව ලබාගැනීමට හැකි වන පරිදි නව ක්‍රමවේදයක් අද (19) සිට හඳුන්වා දී තිබේ.

2026 මාර්තු 14 දිනට පෙර ලියාපදිංචි කරන ලද වාහනයක QR කේතය නැවත ලබාගැනීමේදී, එම ලියාපදිංචිය සිදුකළ දුරකථන අංකය අහිමි වීම හෝ වෙනත් අයෙකු සතුවීම නිසා ජනතාව මුහුණ දුන් අපහසුතා මඟහරවා ගැනීම සඳහා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය මෙම පියවර ගෙන ඇත.

නව ක්‍රමවේදය ක්‍රියාත්මක වන ආකාරය:

  • වාහනයේ අනන්‍යතාව තහවුරු කිරීම සඳහා වාහන අංකය සහ චැසි අංකය නිවැරදිව ඇතුළත් කිරීමෙන් පමණක් මෙම නව පහසුකම භාවිත කළ හැකිය.
  • වාහනය දැනටමත් වෙනත් අංකයක් යටතේ ලියාපදිංචි වී තිබුණද, ඔබ සතු නිවැරදි තොරතුරු ඇතුළත් කර පවතින ලියාපදිංචිය අවලංගු කර (Override) ඔබගේ නව දුරකථන අංකය යටතේ ලියාපදිංචි විය හැකිය.
  • මෙහිදී ‘Override’ විකල්පය තෝරාගත් විට, එම වාහනයට සම්බන්ධ පැරණි ගිණුම දත්ත පද්ධතියෙන් ඉවත් වී ඔබගේ තොරතුරු සහිත නව ගිණුමක් වහාම ක්‍රියාත්මක වෙයි.
  • මෙම ක්‍රියාවලියේදී පවතින ඉන්ධන QR ලියාපදිංචිය අවලංගු වන බැවින්, පෙර පරිශීලකයාට එම වාහනය වෙනුවෙන් ලැබුණු වරප්‍රසාද සහ ප්‍රවේශය අහිමි වේ.
  • තමාට නීත්‍යානුකූල අයිතියක් නොමැති, වෙනත් පුද්ගලයෙකු සතු වාහනයක දත්ත මෙලෙස ඉවත් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය අවධාරණය කරයි.

නව ලියාපදිංචිය සඳහා: https://fuelpass.gov.lk/

මේ අතර, අද (19) සිට ඉන්ධන නිකුත් කිරීමේදී වාහන අංක තහඩුවේ අවසන් අංකය මත පදනම් වූ නව ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

ඒ අනුව අංක තහඩුවේ අවසන් ඉලක්කම ඔත්තේ සංඛ්‍යාවක් (1, 3, 5, 7, 9) වන වාහන සඳහා ඔත්තේ දිනවලදී ද, අවසන් ඉලක්කම බිංදුව හෝ ඉරට්ටේ සංඛ්‍යාවක් වන වාහන සඳහා ඉරට්ටේ දිනවලදී ද ඉන්ධන නිකුත් කෙරේ. කෙසේ වෙතත්, මෙතෙක් QR කේතය හරහා ඉන්ධන ලබා නොගත් පිරිස් සඳහා අද දිනයේ මෙම ක්‍රමයෙන් බැහැරව ඉන්ධන ලබාගැනීමට අවස්ථාව පවතින බව සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා සඳහන් කළේය.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

වාහන අංක තහඩු සම්බන්ධයෙන් පවතින ගැටලු හේතුවෙන්, අනන්‍යතාව තහවුරු කරගැනීම සඳහා ආදායම් බලපත්‍රය, ලියාපදිංචි සහතිකය හෝ රක්ෂණ සහතිකය වැනි ලේඛනයක් ළඟ තබාගන්නා ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. තවද, නීතිවිරෝධී ලෙස ඉන්ධන නිකුත් කරන පිරවුම්හල් පිළිබඳ තොරතුරු 0112 106 767 හෝ 0117 296 130 යන අංකවලට දැනුම් දිය හැකි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ලොව විශාලතම ස්වභාවික ගෑස් නිපදවන ඉරානයේ  ‘සවුත් පාර්ස්’ ගෑස් නිධියට  ඊශ්‍රයාලය එල්ල කර ප්‍රහාරයත් සමග ලෝකයම ගිනි ගොඩකට තල්ලු වන ලකුණු!

Next Post

අනුර කුමාරට වෙන්නේ හොයාගන්න බැරි වෙන්න දුවන්න – හරින්ගෙන් අනාවැකියක්!

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.