ඉරිදා, ජූලි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අධිකරණයෙන් පත් කළ වෛද්‍ය මණ්ඩලයට අපහාස කිරීම: මහින්ද පතිරණ ෆේස්බුක් මඟින් කොන්දේසි විරහිතව සමාව අයදී!

by editor
ජූනි 12, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

සුරේෂ් සලේ පිළිබඳව සොයා බැලීමට අධිකරණයෙන් පත් කළ වෛද්‍ය මඩුල්ල පිළිබඳව දැඩි ආන්දෝලනාත්මක විවේචනයක් සමාජ ජාලා මඟින් සිදු කිරීමින් එම වෛද්‍ය මණ්ඩලය ජවිපෙට පක්ෂපාතී එකක් බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ක්‍රියාකාරිකයෙක් වන සබරගමුව විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය මහින්ද පතිරණ   සිය අදහස් දැක්වීම පිළිබඳව කොන්දේසි විරහිතව අධිකරණයෙන් සමාව අයදින බවට වන සටහනක් සිය ෆේස්බුක් පිටුවේ පළ කර තිබේ.

“ සලේ පරීක්ෂා කරන වෛද්‍ය මණ්ඩලය කියලා පත් කරලා තියෙන්නේ පට්ටට JVP සෙට් එකක්. මේකෙන්ම පේනවා ආණ්ඩුව කරන බොරුව. ඔවුන්ට ස්වාධීන වෛද්‍ය මණ්ඩලයකට දාලා මේ ගැන අදහස් ගන්න බැහැ.”  මහින්ද පතිරණ සිය ෆේස් බුක් ගිනුමේ අධිකරණය නියෝගයක් මත පත් කළ විශේඥ වෛද්‍ය මණ්ඩලය සම්බන්ධව රූපවාහිනී නාලිකාවක පලවූ ප්‍රවෘත්තියක ඡායාරූපයක් සමග පල කර තිබිණි.

කෙසේ වෙතත් පසුව ඔහු ප්‍රකාශ කොන්දේසි විරහිතව අධිකරණයෙන් සමාව ඉල්ලමින් කියන්නේ “එම වෛද්‍ය මණ්ඩලයට සාමාජිකයන් තේරීමේදී සහ නිර්දේශ කිරීමේදී අධිකරණයේ ස්වාධීන තීරණයකට වඩා විධායකයේ හෝ රජයේ දේශපාලන බලපෑමක් පවතින බවට මා වෙත ලැබුණු දෝෂසහගත තොරතුරු පදනම් කරගෙන එම විවේචනය සිදු කරන ලදී.” ලෙසය.

ඒ සම්බන්ධව ඔහු සමාව අයැද ඇති ලිපිය පහත දැක්වේ.

RelatedPosts

ජනාධිපති ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වාහන 26ක් අතුරුදන්? CID පරීක්ෂණත් තවම ඉවර නෑ!

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ දැවැන්ත තනතුරු පුරප්පාඩුවක්: ආයතන රැසක වැඩබැලීම් බාරදීලා!

තැන තැන ඇසෙන වෙඩි හඬ කියන්නේ නොපෙනන බිහිසුණු කතාවක් ද?

 

පැහැදිලි කිරීම සහ කොන්දේසි විරහිතව සමාව අයැදීම

ගරු මහේස්ත්‍රාත්තුමා වෙත,

කොටුව, මහේස්ත්‍රාත් අධිකරණය

​

කරුණාවෙන් සලකා බැලීම පිණිසයි,

​විෂයය: මෑතකදී සිදුකළ ප්‍රසිද්ධ ප්‍රකාශයන් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සහ කොන්දේසි විරහිතව සමාව අයැදීම

​මහින්ද පතිරණ වන මම, 2026 ජූනි 11 වැනි දින සිදු කරන ලද ප්‍රසිද්ධ අදහස් දැක්වීමක පසුබිම පැහැදිලි කිරීම සඳහාත්, එමඟින් අධිකරණයේ ගෞරවයට හෝ ස්වාධීනත්වයට කිසියම් හෝ හානියක් සිදුවූයේ යැයි හැඟී යන්නේ නම් ඒ පිළිබඳව ගරු අධිකරණයෙන් නිහතමානීව සහ කොන්දේසි විරහිතව සමාව අයැද සිටීම සඳහාත් මෙම ප්‍රකාශය ගෞරවයෙන් ඉදිරිපත් කරමි.

  • ​ප්‍රකාශයේ පසුබිම: ඉහත සඳහන් කරන ලද දිනයේදී, සුරේෂ් සලේ මහතාගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා පත් කරන ලද වෛද්‍ය මණ්ඩලයේ සංයුතිය පිළිබඳව මම ප්‍රසිද්ධියේ අදහස් දැක්වීමක් කළෙමි. එම වෛද්‍ය මණ්ඩලයට සාමාජිකයන් තේරීමේදී සහ නිර්දේශ කිරීමේදී අධිකරණයේ ස්වාධීන තීරණයකට වඩා විධායකයේ හෝ රජයේ දේශපාලන බලපෑමක් පවතින බවට මා වෙත ලැබුණු දෝෂසහගත තොරතුරු පදනම් කරගෙන එම විවේචනය සිදු කරන ලදී.
  • ​අභිප්‍රාය පැහැදිලි කිරීම: මෙහිදී මගේ විවේචනය මුළුමනින්ම එල්ල වූයේ රජයේ ක්‍රියාකලාපය සහ විධායකයේ මැදිහත්වීම කෙරෙහි පමණක් මිස, ගරු අධිකරණය වෙත නොවන බව මම ඉතා වගකීමෙන් ප්‍රකාශ කර සිටිමි. මම සැමවිටම අධිකරණයේ ස්වාධීනත්වය සහ අපක්ෂපාතීත්වය උපරිමයෙන් අගය කරන අයෙක්මි. කිසිදු අවස්ථාවක ගරු අධිකරණයේ අධිකාරී බලයට, ප්‍රඥාවට හෝ අපක්ෂපාතීත්වයට අභියෝග කිරීමට හෝ අපහාස කිරීමට මා තුළ කිසිදු චේතනාවක් නොතිබුණි.
  • ​මහජන විශ්වාසය සහ අධිකරණයේ ස්වාධීනත්වය: මගේ ප්‍රකාශය මඟින් මම පෙන්වා දීමට උත්සාහ කළේ, ස්වාධීන මණ්ඩල සඳහා දේශපාලන නෑකම් ඇති පුද්ගලයන් පත් කිරීම තුළින් එම මණ්ඩලවල විශ්වාසනීයත්වයට සහ ඒ හරහා අධිකරණ තීන්දු කෙරෙහි මහජනතාව තබන විශ්වාසයට සිදුවිය හැකි බලපෑම පිළිබඳවයි. එය ජාත්‍යන්තර නීතිමය මූලධර්මයන්ට අනුව මහජන විශ්වාසයේ වැදගත්කම පිළිබඳ පුරවැසියෙකු ලෙස කළ අදහස් දැක්වීමකි. එසේ වුවද, මෙම පත්කිරීම් සිදුකර ඇත්තේ විධායකයේ බලපෑමෙන් තොරව, නීත්‍යානුකූල ක්‍රියාවලියකට අනුව ගරු අධිකරණයේ ස්වාධීන නියෝගයක් මත බව නිවැරදිව වටහා නොගැනීම පිළිබඳව මම කණගාටු වෙමි.
  • ​කොන්දේසි විරහිතව සමාව අයැදීම: මා විසින් කරන ලද ප්‍රකාශ, ගරු අධිකරණයේ අභිමානයට හෝ ස්වාධීනත්වයට කැළලක් වන අයුරින් අර්ථකථනය වීමට ඉඩකඩ ඇති බැවින්, එහි බරපතලකම මම මැනවින් වටහා ගනිමි. එමඟින් ගරු අධිකරණයට යම් අපහසුතාවක් හෝ අගෞරවයක් සිදුවූයේ නම්, ඒ පිළිබඳව මගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරන අතර ගරු අධිකරණයෙන් මම කොන්දේසි විරහිතව සහ අවංකව සමාව අයැද සිටිමි. ​නීතියේ ආධිපත්‍යය, යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේ අභිමානය සහ අධිකරණ පද්ධතියේ පරිශුද්ධභාවය සුරැකීමට මම සැමවිටම බැඳී සිටින බව ගරු අධිකරණය හමුවේ සහතික කර සිටිමි.

​ගෞරවයෙන් ඉදිරිපත් කරන්නේ,

මහින්ද පතිරණ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය/ දේශපාලන විශ්ලේෂක සහ ලේඛක]

දිනය: 2026 ජූනි 12

Share69Tweet43
Previous Post

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අත්අඩංගුවට ගැනීමට දැනට තීරණයක් නැහැ – නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දෙයි!

Next Post

FIFA ආධාර යටතේ මීගමුවේ ජාත්‍යාන්තර මට්ටමේ පාපන්දු පිටියක් ඉදිවෙයි! මේ වනවිට මූලික වැඩ අරඹලා…

Related Posts

president secretariat sri lanka
පුවත්

ජනාධිපති ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වාහන 26ක් අතුරුදන්? CID පරීක්ෂණත් තවම ඉවර නෑ!

ජූලි 25, 2026
පුවත්

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ දැවැන්ත තනතුරු පුරප්පාඩුවක්: ආයතන රැසක වැඩබැලීම් බාරදීලා!

ජූලි 25, 2026
shootin
පුවත්

තැන තැන ඇසෙන වෙඩි හඬ කියන්නේ නොපෙනන බිහිසුණු කතාවක් ද?

ජූලි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
president secretariat sri lanka

ජනාධිපති ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වාහන 26ක් අතුරුදන්? CID පරීක්ෂණත් තවම ඉවර නෑ!

ජූලි 25, 2026

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ දැවැන්ත තනතුරු පුරප්පාඩුවක්: ආයතන රැසක වැඩබැලීම් බාරදීලා!

ජූලි 25, 2026
shootin

තැන තැන ඇසෙන වෙඩි හඬ කියන්නේ නොපෙනන බිහිසුණු කතාවක් ද?

ජූලි 25, 2026
ADVERTISEMENT
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

    172 shares
    Share 69 Tweet 43
  • වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

    172 shares
    Share 69 Tweet 43
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

    172 shares
    Share 69 Tweet 43
  • කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ජනාධිපති ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වාහන 26ක් අතුරුදන්? CID පරීක්ෂණත් තවම ඉවර නෑ!
  • ශ්‍රී ලංකා පරිපාලන සේවයේ දැවැන්ත තනතුරු පුරප්පාඩුවක්: ආයතන රැසක වැඩබැලීම් බාරදීලා!
  • තැන තැන ඇසෙන වෙඩි හඬ කියන්නේ නොපෙනන බිහිසුණු කතාවක් ද?

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.