IMF කළමණාකාර අධ්‍යක්ෂ, ඉන්දීය ජනාධිපති හමුවේ

Kristalina Georgieva

සිය ධූර කාලය තුළ G 20 සංසදය, බහුපාර්ශ්විකත්වය සහ ගෝලීය පාලනය ශක්තිමත් කිරීමේ ප්‍රයන්තයන් ඇතිව ඉදිරියට යනු ඇතැයි අයිඑම්එෆ් කළමණාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජියෙවා රාෂ්ට්‍රපති භවන්හිදී ඉන්දීය ජනාධිපති දේ‍රෟපදී මුර්මු හමු වූ අවස්ථාවේදී විශ්වාසය පළ කළාය.

කළමණාකාර අධ්‍යක්ෂවරිය සිය මන්දිරයට පිළි ගනිමින් ජනාධිපතිවරයා සඳහන් කළේ සැමට අවශ්‍ය සාමකාමී, තිරසාර සහ සමෘද්ධිමත් ලෝකයක් බවත්, එම ලෝකය කොවිඩ් වසංගතයේ තුන්වැනි වසර පසුකරමින් සිටින බවත්ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව වැනි බහුපාර්ශවික ආයතන බොහොමයක් අඩු ආදායම්ලාභී රටවල්වලට සැලකිය යුතු ආධාර ලබා දී ඇති බවත්, ජාත්‍යන්තර මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට වැදගත් කාර්යභාර්යයන් ඉටු කිරිමට තිබෙන බවත් ඇය සඳහන් කළාය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉන්දියාව ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ප්‍රධාන ආර්ථිකයක් හිමි රටක් වන අතර ආරම්භක ව්‍යාපාරවල සාර්ථකත්වය, කාර්මික ප්‍රගතිය වැනි සංවර්ධනයන් දක්නට ලැබීමට දැඩි සතුටක් බව මෙහිදී ජනාධිපතිවරයා පැවසීය. කලාපීය විෂමතා ද අඩු වෙමින් තිබෙන බව ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.

Exit mobile version