ICC ය ෂම්මිලා ගේ දූෂණ හොයන්න අරන්…. ක්‍රිකට් තහනම ඉවත් කරන්නැයි   හරින්ගේ ඉල්ලිමට ICC ප්‍රතිචාරයක් නෑ…

ශ්‍රී ලංකාවට එරෙහිව අයිසීසිය මගින් පනවන ලද තහනම ඉවත් කර දෙන මෙන් ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු  විසින් කරන ලද ඉල්ලීමට මේ දක්වා අයිසීසිය මගින් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැත.

හිටපු ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ විසින් ක්‍රිකට් ආයතනය විසුරුවා හැර අර්ජුන රණතුංගගේ ප්‍රධානත්වයෙන් අතුරු කමිටුවක් පසුගිය වසරේ නොවැම්බර් මස 5  දා පත් කරන ලදී.

ඉන් සතියක් ඉක්මවීමට පෙර නොවැම්බර් 11 දා අයිසීසිය මගින් ශ්‍රී ලංකාවට  තහනමක් පැනවීය.

නොවැම්බර් 27 දා රොෂාන් රණසිංහ ජනාධිපතිවරයා  විසින් ක්‍රීඩා ඇමතිධූරයෙන් පහ කරන ලදුව හරීන් ප්‍රනාන්දු එදිනම නව ක්‍රීඩා ඇමති ලෙස දිවුරුම් දුන්නේය.


දෙසැම්බර් 12 දා හරීන් ප්‍රනාන්දු විසින්  රොෂාන් රණසිංහ නිකුත් කළ ගැසට් පත්‍රය අවලංගු කොට ඒ බව දන්වා ලංකාවට පනවන ලද තහනම ඉවත් කර දෙන මෙන් අයිසීසියෙන්  ඉල්ලා සිටියද මේ දක්වා අයිසීසිය ඊට ප්‍රතිචාර දක්වා නොමැත.

ක්‍රීඩා ඇමතිවරයාද ඒ ගැන දැන් කිසිදු කතාවක් නොමැත.

ලංකාසරට වාර්තා වන අන්දමට අයිසීසිය කල් මරන්නේ ඔවුන්ට යවා ඇති වත්මන් ක්‍රිකට් පාලකයන්ගේ දූෂණ අක්‍රමිකතා අඩංගු ව්ගණකාධිපතිගේ වෝහාරික විගණන වාර්තාව ඔවුන් අධ්‍යයනය කරමින් සිටීමයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දේශපාලන අතපෙවීම් වලට වඩා අයිසීසියට එය ගැටලුවක්  බවට පත් වී ඇති බව වාර්තා වේ

Exit mobile version