ICCය වරදකරු කළ නුවන් සොයිසා මාධ්‍යට කී කතාව

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන විධිවිධානවලට අනුව ඊයේ දින වැරදිකරු බවට ප්‍රකාශ කෙරුණු ශ්‍රී ලංකා පිලේ හිටපු පන්දු යවන්නකු වන නුවන් සොයිසා, තමන් මෙම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කරන චෝදනා කිසිවකට සම්බන්ධ නැති බවත් ඒ සම්බන්ධයෙන් ස්විස්ටර්ලන්තයේ ක්‍රිකට් බේරුම්කරණ අධිකරණය සහ එක්සත් රාජධානියේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නීති පියවර ගැනීමට බලාපොරොත්තු වන බව පැවසීය.

අද දින මාධ්‍ය වෙත මේ පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කළ නුවන් සොයිසා තමන් හමුවේ එල්ල කර ඇති චෝදනා සම්බන්ධයෙන් විභාග කළ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විනිශ්චය සභාව ඔවුන්ගේ තීරණය ප්‍රකාශය කිරීමට මත්තෙන් නිකුත් කර තිබේ.

ඒ පිළිබඳ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හිතාමතාම තම කීර්තිය සහ අප රටේ කීර්තිය විනාශ කිරීමේ පටු අරමුණින් කළ එකක් බවද ඔහු පවසයි.


එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නුවන් සොයිසා,
“2018 වසරේ ඔක්තෝම්බර් මාසයේ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පුහුණුවීම්වලට සම්බන්ධ වී සිටියදී මා අපහසුතාවයට පත් කරන ආකාරයෙන් මා හට වැරදි චෝදනා එල්ල කරමින් මා කිසිදාක නොකල වැරදි සම්බන්ධව චෝදනා කරමින් මා ගැන විමර්ශන ඇරඹුවා. චෝදනා එල්ල කළ කාලයේ සිට වසර දෙකක් දක්වා ක්‍රිකට් පුහුණු කිරීම ඇතුළු කිසිදු ක්‍රිකට් සම්බන්ධ කටයුතු වලට සහභාගි වීම මට තහනම් කළා. මා එවකට දැරූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණු තනතුරෙන් මා වහාම ඉවත් කළා.

ගතවූ වසර දෙකක් තුළ මගේ පවුලේ අයට ජීවත් වීම සඳහා කිසිදු ආදායමක් නැති තත්ත්වයකට පත් වුණා. මා සම්බන්ධ වූ පරීක්ෂණය මෙම වසරේ සැප්තැම්බර් 18 වැනි දින අවසන් වුණා. ඒ විමර්ශනයේදී ලද බොහෝ සාක්ෂිවලින් මා නිර්දෝෂී බව තහවුරු වුණා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන විධිවිධානවලට අනුව මෙම විමර්ශන අවසන් තීරණය දින තිහක් තුළ ලබාදිය යුතුයි. නමුත් ඔවුන්ට එම අදාළ කාලය තුළ එම තීරණය ලබාදීමට නොහැකි වූ අතර, මේ පිළිබඳ විමසූ කල ඔවුන් කියාසිටියේ මගේ චෝදනාව සම්බන්ධයෙන් සිදුකරන චෝදනාවට සමගාමීව තවත් ක්‍රීඩකයකු සම්බන්ධයෙන්ද විමර්ශන කරන බැවින් ඔහු විසින් දෙනු ලබන ප්‍රකාශ මත මා පිළිබඳ තීරණය අවසන් කරන බවයි.

එවැනි තත්ත්වයක් තිබියදී හදිසියේම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙම තීරණය පිළිබඳ මට ද නොදන්වා මේ අයුරින්ම වැරැදිකරුවකු ලෙස හුවාදැක්වීම පිළිබඳ මගේ දැඩි අප්‍රසාදය පළ කරනවා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ සම්බන්ධයෙන් මේ දක්වාත් මා මගෙ නිරවද්‍යතාව සනාථ කිරීම සඳහා ගත හැකි සියලු පියවර ගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවේ අභියාචනාධිකරණයට කරුණු දක්වා තිබෙනවා. ස්විස්ටර්ලන්තයේ ක්‍රීඩා බේරුම්කරණ මණ්ඩලයට කරුණු දක්වා තිබෙනවා. අපේ රටේ ක්‍රීඩා ඇමතිවරු තුන් දෙනෙකුට සහ ජනාධිපතිවරුන් දෙදෙනෙකුට ලියා තිබෙනවා. මෑතකදී සම්මත කරගත් ක්‍රීඩා වැරදි සම්බන්ධ පනත හරහා අපි අභියාචනාධිකරණයටත් යොමුකර තිබෙනවා. එසේ වුවත් මට ශ්‍රී ලංකා ක්‍රිකට් කවුන්සිලයෙන් හෝ අමාත්‍යාංශයෙන් කිසිදු සහයක් හිමිවී නෑ.”

Exit mobile version