GPS තාක්ෂණය යොදාගෙන පක්ෂි ජීව දත්ත රැස් කිරීමේ ව්‍යාපෘතියක් ඇරඹෙයි!

GPS තාක්ෂණය යොදාගනිමින් ඵෛතිහාසික ගන්නෝරුව වනාන්තරයේ සිට මුදාහැරිමට පියවර ගත් සර්ප රාජාලියා...

කොළඹ විශ්ව විද්‍යාලීය සත්ත්ව විද්‍යා අංශය හා මධ්‍යම පළාත් පරිසර සංවිධාන එකමුතුව ශ්‍රී ලංකාවේ ප්‍රථමවතාවට   සංවිධානය කරනු ලැබූ      GPS තාක්ෂණය යොදා ගනිමින් පක්ෂි ජීව දත්ත රැස්කීමේ ව්‍යාපෘතිය   යටතේ  වයස අවුරුදු දෙකක් පමණ වන උරග රාජාලියෙකුට GPS කරපටියක් සම්බන්ධ කර  පරිසරයට මුදාහැරීම මහනුවර ඵෛතිහාසික ගන්නෝරුව වනාන්තරය ආශ්‍රිතව සිදුවිය.

රටේ ඉඳිරි පාරිසරික  සංවර්ධන කටයුතු හා පක්ෂි සංරක්ෂණය  ඉලක්ක කොට ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතියේ මංගල පියවර ලෙස GPS කරපටිය සම්බන්ධ කළ උරග රාජාලියා පරිසරයට මුදාහැරීමට කටයුතු කළ බවත් වෙනත් සත්ත්ව විශේෂ සඳහා  GPS කරපටි පළඳවා දත්ත ලබා ගත්ත ද උරග රාජාලියෙක් සඳහා මෙවැනි කරපටියක් පැළඳවූ මුල්ම අවස්ථාව මෙය බවත්  මධ්‍යම පළාත් පරිසර සංවිධාන ඵකමුතුවේ සභාපති පරිසර විද්‍යාඥ ප්‍රදීප් සමරවික්‍රම පැවසීය.

සූර්ය පැනල සහිත මෙම කරපටයේ බැටරිය හිරු එළියත් සමග ආරෝපණය විම විශේෂත්වයකි. සතා අහසේ පියාඹන දුර, උස, ජලයේ කිමිදෙන ගැඹුර ආදි සියලු දත්ත මේ ඔස්සේ රැස්කර ගැනීමට අපේක්ෂිතය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොළඹ විශ්වවිද්‍යාලීය සත්ත්ව විද්‍යා අංශයේ පක්ෂි පර්යේෂක මහාචාර්ය සම්පත් සෙනවිරත්න හා මධ්‍යම පළාත් පරිසරය සංවිධාන එකමුතුවේ සභාපති පරිසර විද්‍යාඥ ප්‍රදීප් සමරවික්‍රම  ගේ  උපදෙස් හා අධීක්ෂණය යටතේ   පරිසරවේදින් රැසක් මෙම ව්‍යාපෘතිය සඳහා දායකවී සිටිති.


Exit mobile version