GMOA ලොක්කො කතා නෑ… පාදෙණිය තවම අතුරුදන්…        

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනියගේ නිවසේ පැවති සාදයකට සහභාගි වූ වෛද්‍යවරයෙකු කොවිඩ් ආසාදිතයෙකු බව හඳුනා ගැනීමෙන් අනතුරුව ඔහුගේ සමීපතයන්ව  නිරෝධායනයට ලක්කළ යුතු වූ බැවිනි ඔහුගේ නිවස වෙත මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් යන විට   වෛද්‍ය පාදෙනිය   සිය නිවසේ දොර විවෘත නොකළ බවත් නිවසේ දැල්වෙමින් තිබූ විදුලි පහන් නිවා දැමීමට කටයුතු කළ බවටත් මේ වන  විට චෝදනා එල්ල වෙමින් පවති.

අපි මේ සම්බන්ධයෙන් අද උදේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජික වෛද්‍ය සමන්ත ආනන්දගෙන් විමසු කළ ඔහු සදහන් කළේ වාට්ටුවක සේවක කළ වෛද්‍යවරුන් ස්ථාමාරු ලැබ යන විට එම වාට්ටුවේ විශේෂඥ වෛද්‍යවරයා ඔවුන් වෙනුවෙන් ප්‍රිය සම්භාෂණයක් පැවැත් වීම සාමාන්‍ය දෙයක්  බවය.

එම ප්‍රිය සම්භාෂණ පවත්වා සභාපතිවරයා නිවසේ දොරගුළු වසා  පවුලේ අය සමග  ඥාති නිවසක් වෙත යාමට ඇතැයි හෙතෙම පැවසුවේය.


මේ සම්බන්ධව දැනගැනීමට අප රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයින් කීපදෙනෙකු සමග කථා කිරීමට උත්සහ ගත්ත එය ව්‍යර්ථ විය‍. 

මෙම සම්භාෂණයට එක් වූ මිනුවන්ගොඩ ප්‍රදේශයේ වෛද්‍යවරයා කොවිඩ් ආසාදිත බව තහවුරු වීමෙන් අනතුරුව ඔහුව අයි.ඩී.එච් රෝහලට යොමු කළ මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා උපදෙස් දී තිබුණේ සාදයට එක් වූ සියලු දෙනාම නිරෝධායනය කළ යුතු බවය. ඒ අනුව කැලණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරියගේ උපදෙස් පිට ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු තිදෙනෙක්  ඊයේ දවස පුරාමත් අද දිනයේත් ඔහුගේ කැලණියේ පිිහිටි නිවසට අවස්ථා කීපයක දී  ගොස් තිබේ. එහෙත් ඔහුගේ නිවස වසා දමා ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ලංකාසරට කීහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


‌මේ සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරනුයේ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය   නිරෝධායනයට යොමු වීම හෝ නොවීම සම්බන්ධයෙන් තම සංගමය කිසිදු ප්‍රකාශයක් නිකුත් නොකරන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට වඩා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයට සදාචාරයක් තිබෙන බවත්ය.

Exit mobile version