GMOA නිල මඩුල්ලට අගෝස්තු 05 වැනිදා දක්වා සංගමය තහනම්

මොරටු දිසා අධිකරණයෙන් යළිත් නියෝගයක්

GMOA

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ නිල මඩුල්ල බල රහිත කරමින් මොරටුව දිසා අධිකරණය විසින් පනවන ලද වාරණ නියෝගය දීර්ඝ නොකරැන්නැයි එම සංගමය විසින් කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මොරටුව දිසා අධිකරණය ඔවුන්ට එම ධුරවල රැඳී සිටීම ලබන අගොස්තු මස 05 වැනිදා දක්වා දීර්ඝ කළේය. රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ සාමාජික වෛද්‍ය චමල් සංජීව මහතා විසින් එම සංගමයට එරෙහිව ගොනු කරන ලද පෙත්සම විභාගයට ගනිමින් මෙම තීන්දුව ලබා දුන් විනිසුරුවරයා අදාළ කරුණු දැක්වීම් එදිනට සිදු කරන ලෙසද ප්‍රකාශ කළේය.
මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙනුවෙන් අදහස් දැක්වු නීතීඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා අදහස් දැක්වූ අතර වෛද්‍ය දමල් සංජීව වෙනුවෙන් ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය සහ නිතීඥ එරංග පෙරේරා යන මහත්වරු පෙනී සිටියහ.
පසුගිය 22 වැනිදා මොරටුව දිසා අධිකරණය විසින් මෙම සංගමයේ කටයුතු කළ නිල මඩුල්ල නියමිත කාලය අවසන් බැවින් ඔවුන් බල රහිත බවත් ඉදිරි නිලවරණය අතුරු පාලක මණ්ඩලයක් යටතේ ස්වාධීන නිලවරණ මඩුල්ලක් යටතේ පවත්වන ලෙසත් නියෝග කළ අතර ඊට ප්‍රතිචාර දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරී සංගමය ප්‍රකශහ කළේ තමන්ට එවැනි නඩු තින්දුවත් නොලැබුණු බවය. කෙසේ වුවද එම සංගමය තවදුරටත් සඳහන් කළේ කොළඹ දිසා අධිකරණය විසින් ලබා දෙන ලද තීන්දුවකට අනුව වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ඇතුළු විධායක කමිටුවට බාධාවකින් තොරව තම කටයුතු කරගෙන යාමට හැකියාවක් ඇති බවය.
කෙසේ වුවද මේ සම්බන්ධයෙන් සිදු කරන ලද කරුණු දැක්විම් හමුවේ විනිසුරුවරයා නියෝග කර ඇත්තේ එම නිල මඩුල්ල තහනම් කරමින් ලබා දුන් වාරණ නියෝගය ලබන අගෝස්තු 05 වැනිදා දක්වා බලාත්මක බවයි. ඒ අනුව ලබන පස් වැනිදා යළි මොරටුව දිසා අධිකරණය හමුවේ මෙම පෙත්සම් විභාගය සිදු විමට නියමිතය.

Exit mobile version