GMOA ඇතුළු මර්මස්ථානවල ස්ට්‍රයික් තහනම් කළ යුතුයි… ජනපති බුරුල් වැඩියි – අධිකරණ ඇමති අලි සබ්‍රි

වරාය, රේගුව, ජල සම්පාදන මණ්ඩලය, ලංකා විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) වර්ජනය කිරීම තහනම් කළ යුතු බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි පවසයි.

නෙත් එෆ්.එම් සේවයේ ගුවන්විදුලි වැඩසටහනක් අමතමින් ඔහු කියා සිටියේ මෙවැනි වෘත්තීය ක්‍රියාමාර්ග රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහනම් කළ යුතු බවය.

දෙවන විකල්පය ලෙස ක්ෂණික විහිදුම් බලකායක් නිර්මාණය කළ යුතු බව අධිකරණ ඇමති පවසන්නේය.


මෙවැනි තත්ත්වයන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඉතා ලිහිල් ප්‍රවේශයක් පෙන්නුම් කරන බව පැවසූ අමාත්‍ය සබ්රි, ශ්‍රී ලංකාවට දැනට අවශ්‍යව ඇත්තේ දැඩි ජනාධිපතිවරයෙකු බව පැවසුවේය.

“ මම හිතන්නෙ ජනාධිපති තුමා ලිහිල් වැඩියි. මීට වඩා සැරට වැඩ කරන ජනාධිපතිවරයෙක් තමයි අපි බලාපොරොත්තු වුනේ… අපි ඒක කියලත් තියනවා.

අපට හොඳට පේනවා. කඩාකප්පල් කිරීමේ ලොකු න්‍යායක් ක්‍රියාත්මක වෙනවා. රට ගැන කිසිම හැඟීමක් නෑ. හැම එකකටම දේශපාලකන්යට බයිනවා. කවුරුහරි දඩමීමා කරගන්නවා. “

සී.ඊ.බී. එක පාඩු ලබනවා නම් ඒකට වගකියන්න ඕන දේශපාලක්යෙක් ද?. වැඩ කරන අය වගකියන්න ඕන නැද්ද. ඉංජිනේරුවරු වගකියන්න ඕන නැද්ද?. මේක සංකීර්ණ දෙයක්. කාලයක් තිස්සෙ ආපු දෙයක්. මේකට ඉක්මනින් විසඳුම් දෙන්න බෑ, පෞද්ගලිකව මං විශ්වාස කරනවා ජනාධිපතිතුමා ලිහිල් වැඩියි කියලා. මීට වඩා සැර ජනාධිපතිවරයෙක් රටේ මිනිස්සු බලාපොරොත්තු වුනේ. “

ඒත් ජනාධිපතිතුමා බොහෝ විට ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තුළ ඇහුම්කන් දෙන්නට අවශ්‍ය බව පවසන්නේ යැයි අධිකරණ ඇමති අලිසබ්‍රි කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


Exit mobile version