G20 විදේශ අමාත්‍යවරුන්, ත්‍රස්තවාදී අරමුණු මැඩපැවැත්වීමට උත්සාහ දරයි

g7

ත්‍රස්තවාදී අරමුණු සඳහා නව සහ නැඟී එන තාක්ෂණයන් අනිසි ලෙස භාවිතා කිරීමෙන් ඇති වන තර්ජනයන් පිළිබඳව අවධානය යොමු කරමින් ත්‍රස්තවාදී අරමුණු මැඩපැවැත්වීම සඳහා ප්‍රතිනිර්මාණය කරන ලද බහුපාර්ශවිකත්වය හා ප්‍රතිසංස්කරණයන් සිදු කළ යුතු යැයි ජී20 රටවල විදේශ කටයුතු අමාත්‍යවරුන් සාකච්ඡා කළහ.

පසුගිය බ්‍රහස්පතින්දා නවදිල්ලියේදී, ජී20 සමුළුවේ විදේශ කටයුතු අමාත්‍යවරුන් රැස් වූ අතර එහිදී ත්‍රස්තවාදය, විශ්වාසනීය සැපයුම් දාම ඇතුලුව ගෝලීය ආනයනය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු පිළිබඳ සාකච්ඡා කළහ.

මෙම අවස්ථාවට ජාතයන්තර සංවිධාන 13ක් ඇතුලුව සමස්ත නියෝජිත කණ්ඩායම් 40ක් සම්බන්ධ වූහ. එලෙසම විදේශ කටයුතු අමාත්‍යවරුන්ගේ මට්ටමෙන් ආරධිත රටවල් 9ක් ද සහභාගී වූ අතර එම රටවල් වූයේ බංග්ලාදේශය, ඊජිපත්ුව, මොරිෂස්, නෙදර්ලන්තය, නයිජීරියාව, ඕමානය, සිංගප්පූරුව, ස්පාඤ්ඤය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයි.


මෙහිදී ජී 20 විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම අවසානයේ, නිකුත් කළ නිවේදනයේ සඳහන් වූයේ, පොහොර ඇතුළු ආහාර සහ කෘෂිකාර්මික නිෂ්පාදන යන දෙකෙහිම සැපයුම් දාම විශ්වාසනීය, විවෘත සහ විනිවිදභාවයකින් යුතුව තබා ගත යුතු බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒඑන්අයි පුවත්සේවය පවසන්නේ ලෝකය විවිධ ගැටලු රැසකට හා අභියෝගයන් මුහුණ දෙමින් සිටින මොහොතක් ජී20 විදේශ අමාත්‍යවරුන් කාලගුණ වෙනස්වීම්, දූෂණය හා ජෛව විවිධත්වය අහිමි වීම, ආර්ථිකයන් පත් වැටීම, මූල්‍ය ගැටලු, වසංගත තත්ත්වයන්, වැඩිවන දුප්පත්කම හා අසමානාත්කම, ආහාර හා ශක්තිය පිළිබඳ ගැටලු, ආදී කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.

Exit mobile version