G 20 නායකයා ලෙස ලතින් ඇමෙරිකානු රටවලට ඉන්දීයාවෙන් සහතිකයක්

 

ලෝකයේ උතුර සහ දකුණ අතර පරතරය දැඩි ලෙස පුළුල්ව ඇති පසුබිමක් තුළ ලෝකය ඒකරාශි කිරීමේ වගකීම G 20 කණ්යමේ සභාපති ලෙස ඉන්දියාව සම්පූර්ණයෙන්ම ගන්නා බවත් ලෝකයේ පවතින පරතරයන් අවම කිරීමට හැක උපරිමයෙන් කටයතු කරන බවත් ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය ජේ ජෙයශංකර් ලතින් ඇමරිකානු රටවල් වෙත දන්වා ඇත.

ඉන්දීය විදේශ  අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා ලතින් ඇමරිකානු රටවල සිදු කළ සංචාරය අතරතුරදී එහිදී පැනමා හී පැවති හතර වන ඉන්දියා සිකා (CICA) අමාත්‍ය මණ්ඩල රැස්වීමට එක් වූ අවස්ථාවේදීය.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා ඉන්දියාව මේවන විට අනුගමනය කරන නව ක්‍රමවේදයන් සහ නව තාක්ෂණය භාවිතා කිරීම සම්බන්ධයෙන්ද අදහස් දැක්වීය. එහිදී ඔහු, “ඩිජිටල් බෙදාහරින්නෙකු විදිහට ඉන්දියාව මේවන කටයුතු කරනවා.  එහිදී ඉන්දියාව ආරම්භක උද්යෝගිමත්, එය ලෝකයේ ඔසුසලක් විදිහටත් කටයුතු කරනවා.  මෙහිදී ඉන්දියාව  දේශගුණික ප්‍රමුඛයෙකු වන සහ විද්‍යා හා තාක්‍ෂණ හවුල්කරුවෙකු විදිහටත් කටයුතු කරනවා,” යනුවෙන්ද ඔහු තවදුරටත් පැවසීය.


“මධ්‍යම ඇමරිකානු කලාපීය ඒකාබද්ධ කරමින් සිකා  විසින් ඉටු කරන ලද කාර්යභාරය අපි ඉතාම අගය කරන අතර ශක්තිමත් සම්බන්ධතාවයක් ගොඩනඟා ගැනීමට මෙන්ම විවිධ ජාත්‍යන්තර සහ බහුපාර්ශ්වික සංසදවලදී ඉන්දියාවට සහය දැක්වීම සඳහා ඔබ සාමුහිකව සහ තනිතින වශයෙන් ලබා දුන් වටිනා සහයෝගයට අපි ස්තූතිවන්ත වෙනවා” යනුවෙන් අමාත්‍යවරයා සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“අපි කොවිඩ් සහ යුක්රේන ගැටුමෙන් පීඩා විඳින බව මට පැවසිය හැකියි, නමුත් අපට කලින් පවතින තත්වයන් සමඟ කටයුතු කිරීමට සිදු වෙනවා, මේවා දේශගුණික විපර්යාස, දරිද්‍රතාවය අඩු කිරීම සහ ආහාර සහ බලශක්ති සුරක්ෂිතභාවය, ආදී කරුණු ගණනාවකට අයත් වෙනවා.”  යනුවෙන්ද ජායිශංකර් විවිධ දේ ඉස්මතු කළේය.

Exit mobile version