අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද(28) උදේ අත්අඩංගුවට ගනු ලැබූ මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත ලබන 05 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් තිළිණ ගමගේ අද (28) නියෝග කළේය.
නීතිය ක්රියාවේ යෙදවීමේ නිරත වන රහස් පොලිසියට හා නිලධාරීන්ට අගෞරවය හා වෛරය ඇති කරවන ප්රකාශ නිකුත් කිරීම,යම් තැනැත්තෙකුට පාඩු අලාභ සිදු කිරීමේ චේතනාවෙන් බොරු චෝදනා එල් කිරීම ඇතුළු චෝදනා යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ත්රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය මගින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
ඉහත චෝදනාවලට අමතරව, අධිකරණයට හෝ පොලිසියට පදිංචි ස්ථීර ලිපිනයක් ලබාදීමට අපොහොසත් වීම සහ අධිකරණයක් මගින් වරෙන්තු ලද පුද්ගලයකු වීම ද ඔහුට එරෙහි චෝදනා ලෙස එල්ල වී තිබිණි.
මේ සියල්ල සලකා බැලූ කොළඹ ප්රධාන මහොස්ත්රාත් තිළිණ ගමගේ විසින් සැකකරුට ඇප ලබා දීම ප්රතික්ෂේප කළේය.
ලබන පළවෙනි දින හෝමාගම මහේස්ත්රාත් අධිකරණයට සැකකරු ඉදිරිපත් කරන ලෙසද බන්ධනාගාර නිලධාරීන්ට මහේස්ත්රාත්වරයා නියෝග කරනු ලැබීය.