CEYLON TEA ලේබලයෙන්   මැදපෙරදිගට යවන්න සැකසූ කසල තේ තොගයක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා තේ ( CEYLON TEA) ලේබලය යටතේ අපනයනය සඳහා සූදානම් කර තිබූ කසල තේ කිලෝ 29 000ක් සීදුව කොටුගොඩ ගබඩාවක තිබී අත් අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බලකායට අද ( 19)   හැකි විය.

ගෝණහේන පොලිස් විශේෂ බලකා ඒකකයේ බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත මේ වැටලීම කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම කසල තේ තොගය මැද පෙරදිගට නැවුගත කිරීමට සූදානම් කර තිබී ඇත. සිද්ධිය පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි විශේෂ කාර්ය බලකාය පවසයි.


 

Exit mobile version