CCTVවල සටහන්ව තිබූ කෙසෙල්වත්ත තරුණයා ඝාතනයේ ඝාතකයින් දෙදෙනා කොටු….

පසුගිය 30 වැනිදා  කොළඹ කෙසෙල්වත්ත පොලිස් වසමේ මාර්ටිස් ලේන් ප්‍රදේශයේ හෝටලයක් තුළ දී 20 හැවිරිදි තරුණයෙක් ටී 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කළ සැකකාර ඝාතකයින් දෙදෙනෙක් අත් අඩංගුවට ගැනීමට කොළඹ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ කොළඹ මධ්‍යම නිලධාරීන් සමත් වී ඇත.

සැකකරුවන් දෙදෙනා සමග ඔවුන් ඝාතනය සඳහා පැමිණි යතුරුපැදිය ද අපරාධ විමර්ශනය අංශය භාරයට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මරදාන පංචිකාවත්ත පාරේ පදිංචි 30 හැවිරිදි සහ 20 හැවිරිදි බ්‍රෝකර් වැඩ කරන්නන් දෙදෙනෙකි.

පසුගිය 30 වැනිදා  මුහුණ ආවරණය කරගත් ඝාතකයින් දෙදෙනෙක් මාර්ටිස් ලේන්හි  හෝටලය තුළට ගොස් එහි රැඳී සිටි 20 හැවිරිදි තරුණයාට වෙඩි තබා ඝාතනය කර පලා ගොස් තිබිණි.


එම ඝාතනය  සීසීටීවි දර්ශනවල සටහන්ව තිබිණි. මේ එම දර්ශන පෙළය….

 

මරා දැමූ තරුණයා කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.   ඔහු තරුණයා කෙසෙල්වත්ත දිනුක නැමති පාතාල නායකයා මරා දැමීමෙන් අනතුරුව එහි බලය මෙහෙයවන කෙසෙල්වත්ත ධනුක නැමැත්තාගේ සමීප ගෝලයින් ඇසුරු කරමින්  සිටි පුද්ගලයෙක් බව විමර්ශනවදී අනාවරණය වූයේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසෙල්වත්ත ධනුක නැමැත්තා මේ වනවිට ඉන්දියාවේ බන්ධනාගාරතව සිටින අයෙකි.

Exit mobile version